(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සහ හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කිරීම සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනීම සහ හරීන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ගැනීම සභාවේ වරප්‍රසාදය උල්ලංඝනය කිරීමක් බැවින් අත්අඩංගුවට ගැනීමට හේතුව සහ ප්‍රකාශයක් ගැනීමට හේතුව සභාවට දැනුම් දීමට පොලිසිය බැඳී සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොහොමත් එයාලගේ පැත්තෙන්නේ කතාව...
මෙයාගෙන් මළ කරදරයක්නේ වුණේ. කරුණාකර ඕක FCID යට කියන්න...
මේ අය මූලික නීතිය දන්නේ නැහැ...
ඕනවට වැඩිය පරිණත වුණාමත් ප්‍රශ්නයක්...
මේ අයම තමයි ආයෙත් රට හදන්න එන්න ලෑස්ති වෙන්නේ... සිවිල් නීතිය මේ අයට අදාලම නෑ වගේ කතාව.. කාලකණ්ණි...!!!
එතකොට සුමානයකට සැරයක් රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න අරලිය ගහ යට ඉඳ දොළොස්කන් මන්ත්රණ කෙරීම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් නොවෙයිද?