(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ 7 නිවසේ සිටි 16 හැවිරිදි දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව දැරියගේ මව ගෙන් සහ මන්ත්‍රීවරයාගේ බිරිදගේ පියා හා මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2020 වසරේ දී ඩයගම සිට මෙම දැරිය මන්ත්‍රීවරයාගේ නිවෙසට රැගෙන ආ බව කියන පුද්ගලයා ගෙන් ද අද (20) ප්‍රකාශ ලබාගන්න ඒමට නියමිත බවද හෙතෙම කීය.
මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික ප්‍රවේශයකට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් , එම වාර්තාව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුවෙනුත් නඩුකාර උන්නානසේලා ඉල්ලලා අස්වෙයිද දන්නෙ නෑ නේද ?