තවත් කොරෝනා මරණ 2 ක් කොරෝනා ආසාදිත තවත් මරණ දෙකක් ඊයේ (8) සහ අද (9) දෙදින තුළදී සිදුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 09 December 2020
ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශෙමාරාත් එක්වෙයි ලෝ ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තවක ද ඇතුළත් ව ඇත. 09 December 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 694 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (09) පස්වරු 9.00 වනවිට එක්වූ ආසාදිතයන් 335 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 694 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 09 December 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුව වසා දමයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ 24 වාට්ටුවේ සතියක් පුරා ප්‍රතිකාර ලබාගත් කාන්තාවක් කෝවිඩ්-19 ආසාදිත බව අද (09) තහවුරු වීමෙන් පසු එම වාට්ටුවට රෝගීන් භාරගැනීම නවතා දැමූ බවත්, එහි සේවය කරන ලද වෛද්‍යවරුන් කිහිප දෙනෙක් සහ හෙදියන් පිරිසක් ස්වයං නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවිර මහතා පැවසීය. 09 December 2020
මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව අද (9 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති මහනුවර කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජය මෙය විය. 09 December 2020
කල්පිටිය වෙරළේදී ධීවරයෝ ගැටෙති බලපත්‍ර නීතී උල්ලංඝණය කරමින්, ධීවර කටයුතුවල නිරත වන ධීවර යාත්‍රාවක් කල්පිටිය තලවිල වෙරළ ආසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරත වීමේ සිද්ධියක් මුල්කර ගෙන තලවිල ධීවර තොටුපළේ අද(9) උණුසුම් තත්ත්වයක් පැණ නැගිණි. 09 December 2020
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ සඳුදා සිට ආරම්භ කෙරේ පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළෙහි කටයුතු ලබන සඳුදා(14) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 09 December 2020
කෝට්ටේ හිටපු නගරාධිපති සජිත්ට එක්වෙයි එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති සහ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවී එම පක්ෂයට සහයෝගය පළ කළේය. 09 December 2020
ලෝකය බේරාගත් රාජ්‍යය වීමේ ගෞරවය අපට අහිමි වුණා දේශීය වෛද්‍යවරු කොවිඞ් 19 වයිරසයට ප්‍රතිරෝධී, එකිනෙකට වෙනස් විකල්ප බෙහෙත් වර්ග 50කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දුන් නමුත් රාජ්‍යය සිසාරා පැතිර ඇති බටහිර වෛද්‍ය ක්‍රමය හේතුවෙන් ලෝකය බේරාගත්, රාජ්‍යය යන ගෞරව නාමය අපට අහිමි වූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 09 December 2020
අයිතිකරුවන් බාර නොගත් කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කරන්න අයිතිකරුවන් විසින් බාර නොගන්නා ලද, මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ඇති මෘත ශරීර නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට අද(09) උපදෙස් දී ඇත. 09 December 2020
මැරෙන තුරු දෙමළ සන්ධානයට යන්නේ නෑ තමන් ජීවතුන් අතර සිටිනතාක් කල් ඉලංගෙයි තමිල් අරසු කච්චි හෝ දෙමළ ජාතික සන්ධානය හා එක් නොවන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පැවසීය. ඒ මහතා මේ බව කියාසිටියේ යාපනයේදි පැවැත්වු මාධ්‍ය හමුවේදීය. 09 December 2020
එංගලන්ත කණ්ඩායම 3 වැනිදා එයි කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී හදිසියේම කල් දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන ජනවාරි මාසයේදී පැවැත්වේ. මේ සඳහා විශේෂයෙන්ම වෙන්කරවාගත් ගුවන් යානයකින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. 09 December 2020
දකුණු කළුතර කුරේ මාර්ගයට සංචරණ සීමා කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ මාර්ගයට සංචරණ සීමා පැනවූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය. 09 December 2020
වාලච්චේන ප්‍රාදේශීය සභාපතිනියට පහර දෙති වාලච්චේන ප්‍රාදේශිය සභාවේ සභාපතිනි සෝබි ජෙයරංජනී මහත්මියට පහර දුන් බව කියන එම ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු වාලච්චේන පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙලන ඇත. ඇය දෙමළ මහජන විමුක්ති පක්ෂය නියෝජනය කරන්නියකි. 09 December 2020
ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 21 වැනි සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ. 09 December 2020
කොරෝනාවෙන් සුවය ලැබු 542 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ 542 ක් අද (9) දිනයේ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 09 December 2020
සේවාදායකයා ජනපති වී සිටියදී අලි සබ්රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් තමන්ගේ සේවාදායකයා ජනපති වී සිටිද්දී අලි සබ්රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(9) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය. 09 December 2020
මහයියාවට සංචරණ සීමා මහනුවර මහයියාව ප්‍රදේශයේ එක් ප්‍රදේශයකට පමණක් සංචරණ සීමා පනවා තිබූ මහයියාව ප්‍රදේශයේ ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් එකවර හමුවීමත් සමඟ එහි අනෙක් ප්‍රදේශත් ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි. 09 December 2020
ආගරපතන ඇල්බියන් වත්තේ කොටසක් හුදකලා කරයි තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පැනවීමට අද (09) සිට පියවර ගත් බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා කීය. 09 December 2020
ශානිගේ ඇප ප්‍රතික්ෂේප කරයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරික්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා ගේ ඇප ඉල්ලුම් පත් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (09) ප්‍රතික්ෂේප කලේය . 09 December 2020
අලෙවියට නුසුදුසු ලොකු ලූනූ කිලෝ 60,000 ක් දඹුල්ලෙන් අල්ලයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටා ඇති ගබඩා සංකීර්ණයේ විදේශ රටවලින් ගෙන්වා තිබූ ආහාරයට නුසුදුසු ලොකු ලූනු කිලෝ 60,000 කට අධික ප්‍රමාණයක් අද ( 9) සොයා ගැනීමට හැකිව තිබේ. 09 December 2020
අයියගේ පහරදීමෙන් මල්ලී මරුට වෙහෙරගල,ගම්මාන හත ප්‍රදේශයේ නිවසක් තුල අද (09) ඇතිවු ආරාවුලක් දිගදුර ගොස් සිය බාල සොයුරාගේ හිසට පොල්ලකින් පහරදි ඝාතනය කිරිමෙන් පසුව සැකකාර වැඩිමහල් සොයුරා පැමිණ භාරවු බව තඹුත්තේගම පොලිසිය කියයි. 09 December 2020
රක්ෂිතවලින් කැපූ ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් අල්ලයි රක්ෂිත කිහිපයකින් කපා මහා පරිමාණයෙන් අලෙවි කිරීම සදහා රහසිගත ලෙස රැස්කර තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වෙනිවැල්ගැට කිලෝ 1284 ක් සිය බාරයට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි. 09 December 2020
හොරෙන් ගෙන්වූ ලක්ෂ77ක කහ තොගයක් හලාවතින් අල්ලයි නීති විරෝධීව මෙරටට ගෙන්වා හලාවත ව්ට්ටක්කලිය කාවාටියා වත්ත ප්‍රදේශයේ දි ලොරියක පටවමින් තිබු වියළි සහ තොගයක් සමග සැකකරුවන් 7දෙනෙකුද ලොරියක්ද අද ( 9 ) අලුයම හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකයන්හි නිලධාරින්ගේ මෙහෙයැවීමෙන් සිදු කළ වැටලීමක දි අත් අඩංගුවට ගෙන ඇත. 09 December 2020
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද රැසක් සමඟ ශ්‍රිපාද වන්දනා සමය ඇරැඹීමට සුදානම් ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ කිරීමට නියමිතය. 08 December 2020
කොරෝනා ආසාදනය වීමෙන් දින 20 ක බිලිඳෙක් මියයයි කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ දින 20 ක් වයසැති බිලිඳෙකු කොවිඩ්-19 වයිරසය ආසාදිත වී අද (08) සවස මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පැවසීය. 08 December 2020
නිරෝධායනයේ සිටින රැඳවියෝ 6 ක් ආහාර වර්ජනයක දුරබැහැර බන්ධනාගාරවල සිට නිදහස් කිරීමට නිර්දේශිත රැඳවියන් 95දෙනෙකු නිරෝධායනය සඳහා වීරවිල එළිමහන් සිර කදවුර වෙත රැගෙනවිත් සිටියදී ඉන් 6දෙනෙක් ඔවුන්ගේ නිවෙස් වෙත යවන ලෙස ඉල්ලා සිටිමින් අද (08) උදෑසන සිට ආහාර ලබා ගැනීමේ වර්ජනයක නිරතව සිටිති. 08 December 2020
ජාතික පාසල් 1000 ක් ඇති කරන්න යයි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 1000 ක් ඇති කිරීමට රජය තීරණය කර තිබේ. 08 December 2020
මහර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඩී.එන්.ඒ. පරීක්ෂණයට මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය හඳුන් විජයවර්ධන මහතා විසින් ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා එම රැඳවියන්ගේ රුධිර හා කෙස් සාම්පල ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසී 08 December 2020
මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයකින් අන්ධවූ මේජර්ට වන්දි ගෙවන්නැයි නියෝග තමාට ලබා දුන් මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයක් ලෙස පූර්ණ අන්ධභාවයට පත්වීම හේතුවෙන් ලැබිය යුතු වන්දි මුදල නොගෙවන ලදැයි සදහන් කරමින් ඊට සහන ලබා දෙන ලෙස ඉල්ලා යුද හමුදා මේජර්වරයෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අභියාචනාධිකරණය අදාළ වන්දි මුදල් අන්ධභාවයට පත් මේජර්වරයාට වහාම ගෙවන ලෙස යුද හමුදාපතිවරයාට නියෝග කර ඇත. 08 December 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026