කොරෝනා මරණ 150 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද(13) රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2020
ශ්‍රී ලංකාවේ පීසීආර් පරීක්ෂණ මිලියනයක් කර අවසන් ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි සොයාබැලීම සඳහා කරනු ලබන පීසීආර් පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 13 December 2020
ගනේවත්තේ ගම් 3 ක් හුදෙකළා කරයි ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලව, කනව, සීරාදුන්න ප්‍රදේශයෙන් අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 18 දෙනෙකුම හමු වීම හේතුවෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමා හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. 13 December 2020
ප්‍රදේශ කිහිපයක් හුදකලාවෙන් ඉවත් කරයි: තවත් කිහිපයක් හුදකලා කරයි පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දින වල හුදකලා කර ඇති ඇතැම් ප්‍රදේශයන් හෙට (14) උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමටත්, ඇතැම් ප්‍රදේශයන් හි පවතින හුදකලා තතත්වය දිගටම ක්‍රියාත්මක කිරීමටත් , ප්‍රදේශ කිහිපයක් හෙට (4) උදෑසන 5 සිට අලුතින් හුදකලා කිරිමටත් රජය තීරණය කර තිබේ. 13 December 2020
ජර්මනිය බදාදා සිට අගුලු දමයි කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව ජර්මනියේ රාජ්‍ය නායිකාව වන ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ. 13 December 2020
ප්‍රදේශවාසීන්ගේ කලබලය මැද අනතුරට පත් රෝගියා මරුට පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ ඒත්තාල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කිරීමට උනන්දු නොවී, ප්‍රදේශවාසීන් නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය කියයි. 13 December 2020
පීසීආර් මගහැරියොත්- ව්‍යාජ තොරතුරු දුන්නොත් දේපළවලට මුද්‍රා පී සී ආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ දී ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 13 December 2020
මහියංගන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු ගැටී 12 ක් රෝහලේ මහියංගන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී අද (12) ඇති කරගත් ගැටුමකින් 12 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි. 13 December 2020
යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා යාපනය, මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් කිහිපදෙනකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී හදුනාගැනීමත් සමඟ යාපනය උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සංචරණය සීමා පැනවීම කටයුතු කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතා පැවසීය. 13 December 2020
වව්නියාව සාලම්බකුලම් ගම්මානය හුදකලා කරයි වවුනියාව , සාලම්බකුලම් ගම්මානයෙන් කොවිඩ් - 19 වයිරසය ආසාදිත කාන්තාවක හා කුඩා දරුවකු හදුනාගැනීමත් සමඟ අද(12) සිට එම ගම්මානය නැවත දැනුම්දෙන තෙක් හුදකලා කිරීමට පියවරගත් බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 13 December 2020
කප්පල්අඩිය වෙරෙළේ වළදමා තිබු කහ තොගයක් පොලීසිය බාරයට කල්පිටිය කප්පල් අඩිය වෙරළ තීරයේ වළලා තිබූ රුපියල් ලක්ෂ 30 පමණ වටිනාකමකින් යුතු කහ කිලෝ 701 ක්,කල්පිටිය පොලිසිය විසින් අද( 13) අලුයම සොයා ගෙන ඇත. 13 December 2020
කුරුණෑගල දැවැන්ත නුග ගස කැපීම නගරාධිපති අත්හිටුවයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ගැට්ටුවාන පිවිසුම් මාර්ගය සකස් කිරීමේදී ඒ ආසන්නයේ පිහිටි ඉපැරැණි දැවැන්ත නුග ගසක් කපා ඉවත් කිරීමට යාම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ජනතා විරෝධය සැලකිල්ලට ගෙන එම ගසා කපා ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පියවර ගෙන ඇත. 13 December 2020
නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතින නාච්චාදූව නව නගරයේ නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ පුරාවස්තු බුල්ඩෝසර් කර පිරිසක් විසින් බලහත්කාරයෙන් නිවාස ඉදිකොට තිබේ. 13 December 2020
රක්වාන උක්වත්තට සංචරණ සීමා රක්වාන උක්වත්ත ප්‍රදේශයට තාවකාලිකව සංචරණ සීමාවන් පනවා ඇතැයි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසීය. ඊයේ රාත්‍රි 10.00 සිට රක්වාන උක්වත්ත ඩෙල්ව්න් වත්තේ කොටසකට සංචරණ සීමාවන් පනවා ඇති බව ඒ මහතා කීය. 13 December 2020
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය. 12 December 2020
වාස් ගුණවර්ධනටත් කොරෝනා දැනට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කෝවිඩ් ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. 12 December 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකු අද (11) දිනය තුළදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 11 December 2020
අද දිනයේදී නව ආසාදිතයන් 762 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (11) පස්වරු 8.15 වනවිට එක්වූ ආසාදිතයන් 226 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 762 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 11 December 2020
කිංග්ස් පිලට කඩුලු 6 ක ජයක් ලෝරී එවන්ස් (නොදැවී 53), අෂාන් ප්රියංජන් (නොදැවී 47) සහ කේයිස් අහ්මඞ්ගේ (නොදැවී 50) වේගවත් පිතිහරඹය හමුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වැනි තරගය කඩුලු 6 කින් ජයගැනීමට කොළඹ කිංග්ස් පිල සමත්විය. 11 December 2020
ගාල්ලේ දංගෙදරට - දෙද්දුගොඩ දකුණට සංචරණ සීමා ගාල්ල නගරයෙන් අද (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ මෙතෙක් සංචරන සීමා පනවා තිබූ වසම් 6ට අමතරව දංගෙදර සහ දෙද්දුගොඩ දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙකට ද අද (11) සිට සංචරණ සීමා පනවා තිබේ. 11 December 2020
ගාල්ලේ පාසල් තවත් සතියක් වසාදමයි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මාසයේ 18වැනිදා දක්වා තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා කීවේය. 11 December 2020
මහනුවර පාසල් 42 ක් සඳුදා සිට විවෘතයි මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට තීරණය කළ බවත් ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තවදුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය. 11 December 2020
පාර්ලිමේන්තුවේ පාන් දීලා කාර්යමණ්ඩලය නොසතුටින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයට පසුගිය දිනෙක ලැබුණු ආහාර වේලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයම මහත් නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ. 11 December 2020
කහටගස්දිගිලිය කඩ සාප්පු වසයි කහටගස්දිගිලිය නගරයේ වෙළදසැලකින් කොරෝනා රෝගියෙකු හමුවිම නිසා අද (11 වැනිදා) දහවල් 12.00 සිට ඉරිදා වනතෙක් සියළු වෙළදසැල් තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන තිබේ. 11 December 2020
බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ. 11 December 2020
ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කල පාසල් සිසුවා ගෙල සිර වී මරුට ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිර වි අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 11 December 2020
ගාල්ල තැපැල් කාර්යාලය වහයි කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය. 11 December 2020
නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය විවෘත කරයි කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරීයාගේ පවුලේ සහෝදරයෙකු සේවය කල බවට ,පෙර දින වසා දැමුණ නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය අද (11 ) යලි විවෘත කෙරුණද ,පැමිණ සිටියේ ළමුන් 40ක් සහ ගුරුවරුන් 10 දෙනෙකු පමණක් බව පාසල් ආරංචි මාර්ග සඳහන් කලේය. 11 December 2020
අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල ඩ්‍රෝන කැමරාවක් යවලා අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 11 December 2020
ගාල්ල පිල අවසන් පූර්ව වටයට ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කඩුලු නවයකින් මහනුවර ටස්කර්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. 10 December 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026