රත්නපුරේ මඟුල් ගෙදරක 15 කට කොරෝනා රක්වාන මංගල උත්සවයක මනාලයා සහ මනාලිය ද ඇතුළුව උත්සවයට සහභාගි වු 15 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වි ඇතැයි රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග වෙද්‍ය ලක්මාල් කෝණාර මහතා අද(15) පැවසීය . 15 December 2020
ජිනවංශ හිමියන්ගේ ඝාතකයා සොයන්නයි හික්කඩුවේ උද්ඝෝෂණයක් රත්ගම පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්විම ඝාතනයක් බව පවසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් අද (15) උදේ හික්කඩුව නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි. 15 December 2020
වව්නියාවේ පාසල් 4 ක් වහයි වවුනියාව ,කට්කුලි ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වෛරස ආසාදිත පාසල් සිසුවකු වාර්තාවීමත් සමඟ වවුනියාව නගරයේ පාසල් හතරක් දින නියමයකින් තොරව අද (15) දිනයේ සිට වසාදැමූ බව වවුනියාව කළාප අධ්‍යාපන අධ්යක්ෂ එම්. රාදාක්රිශ්නන් මහතා පවසයි. 15 December 2020
හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට හෙට(16) පස්වරු 2.30 ට සිය නීතිඥවරුන් හමුවීම සදහා අවස්ථාව දීමට හැකි බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නෙනේය. 15 December 2020
සතොස වාහන අවභාවිතාවකට හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ලංකා සතොස ආයතනයේ 2015- 2019 යන වසර වල සිදුවූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ ෆාරුක් මොහොමඩ් ඉස්ලාම් යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 December 2020
වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට වාහන අංක තහඩු නිකුත් කිරීමේදී වාහනය ලියාපදිංචි කෙරෙන පළාත සංඛේතවත් කිරීම සඳහා යොදන ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2020
පානීය ජලයට ටිනර් මුසු වී සිසුවියන් 4ක් රෝහලේ හබරාදුව ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් 04 දෙනෙකු විසින් පානය කළ ජලයට ටිනර් මිශ්‍රවීමෙන් රෝගී වීම නිසා එම සිසුවියන් සිව්දෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි. 15 December 2020
’සංවර්ධනය කියලා හැම නායකයෙක්ම පරිසරය වනසනවා’ ’මේ රටේ ඉන්න හා හිටපු හැම නායකයෙක්ම ක්‍රියා කරන්නේ පරිසරය විනාශකරගෙන සංවර්ධනය සිද්ධ කරන්න. ඒ සංවර්ධනයේ ඵලක් තියෙනවාද? රටේ මිනිස්සු මැරි මැරි යන කොට කාටද ඒ සංවර්ධයේ ප්රතිලාභ ලබන්නේ?’ යැයි ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී වන්නිලා ඇත්තෝ දඹාන කොටබකිනිය ගම්මානයේදී පැවසීය. 15 December 2020
ප්‍රාථමික පාසල් - පෙර පාසල් ජනවාරියේ සිට පාසල් හා පෙර පාසල්වල ප්‍රාථමික අංශ ජනවාරි මාසයේදී නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. ප්‍රාථමික හා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට නිවැරදි දිනය සති දෙකකින් ප්‍රකාශයට පත් කරන බවද ඇමතිවරයා කීවේය. 15 December 2020
රට මත්පැන් විස වී අයියා-මලෝ මරුට විදෙස් රටකින් ගෙනා බව කියන මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව රෝගාතුරවූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 15 December 2020
යාපනය ස්ටැලියන්ස් අවසන් මහ තරගයට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (14) රාත්‍රී සමත් විය. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යාපනය ක්‍රීඩකයෝ ලකුණු 37 කින් දඹුල්ල වයිකිංස් පිල පරාජය කිරීමට සමත් වූහ. 14 December 2020
තවත් කොරෝනා මරණ 2 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (14) රෝගීන් දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 14 December 2020
අද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 685 යි මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (14) පස්වරු 9.00 වනවිට එක්වූ ආසාදිතයන් 329 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 685 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 14 December 2020
ලන්ඩන් නුවර තත්ත්වය නරක අතට ලන්ඩන් අගනුවරින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් එනුවර පුරපති සදීක් ඛාන් පවසා ඇත. 14 December 2020
මැනිං වෙළඳපොළේ තොග වෙළඳාම ඇරඹෙයි පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළදාම සදහා අද(14) විවෘත විය. වාහන තදබදය අඩු කරගැනීම සදහා පළමුවෙන්ම තොග වෙළදාම පමණක් ආරම්භ කර තිබේ. එය පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා එහි වෙළදාම් කටයුතු සදහා විවෘත වේ. 14 December 2020
ගූගල් සේවාව නැවතත් සක්‍රියයි දහස් ගණනක් පරිශීලකයින්ට බලපෑම් කරමින් ගූගල් මේල් සේවාව අද (14 වැනිදා) සවස හදිසියේම කඩා වැටිණ. මෙම කඩා වැටීම විනාඩි 20 කට ආසන්න කාලයක් තිබූ නමුත් ගූගල් සමගම විසින් එය ඉතා ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කරන ලදි. 14 December 2020
බන්ධනාගාරවල 3,000 ට වැඩි සංඛ්‍යාවකට කොරෝනා කොරෝනා වයිරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන අද (14) 3,000 ඉක්මවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 14 December 2020
බන්ධනාගාරවල තත්වය ඛේදජනක බව මානව හිමිකම් කොමිසම කියයි තදබදය, ඉඩකඩ ප්රශ්නය සහ යල් පැනගිය පද්ධති යන ප්‍රධාන කරුණු ඇතුළු හේතු රැසක් නිසා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඛේදජනක තත්ත්වයක පවතීන්නේ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. 14 December 2020
රේස් පැද්ද යතුරුපැදිකරුට 90,000 ක් දඩ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනතරගයක් පැවැත්වු යතුරු පැදිකරුවෙක්ටචෝදනා 04 කට අදාළව රුපියල් 90,000 ක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (14) නියම කලේය. 14 December 2020
වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විසිකරන්නයි පවිත්‍රා ඉල්ලයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් අද (14) ඉල්ලා සිටියාය. 14 December 2020
ගුරුවරු ලෙඩ නිවාඩු දැමීමෙන් අවුලේගම පාසල වැසෙයි කොරෝනා වයිරසය ආසාදනය වේ යැයි බියෙන් අවුලේගම සංඝබෝධි මහා විද්‍යාලයේ ගුරුවරුන් නිවාඩු දමා ඇතැයිද, ඒ හේතුවෙන් පාසැල වැසී, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී, දෙමාපියන් එහි පැමිණ දරුවන් රැගෙන ගිය බවද පාසල් ආරංචි මර්ග සඳහන් කළේය. 14 December 2020
කෝටි දෙකක කහ තොගයක් රේගු බාරයට බී ලූනූ ලෙස කියමින් නීතිවිරෝධී ලෙස කහ කැබලි තොගයක් කොළඹ වරායෙන් මෙරටට ගෙනැවිත් තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් අද (14) තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. කොළඹ ඔරුගොඩවත්ත අංගනයකදී රේගු අත් අඩංගුවට ගත් මෙම කහ කැබලි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අනු ලක්ෂයකි 14 December 2020
ආසාදිතයෝ 516ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි 516දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 14 December 2020
අමාත්‍ය මණ්ඩල තීරණයට අභියෝග කළ පෙත්සම් සලකා බැලීම 21 දා රක්ෂිත නොවන අවශේෂ වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරු යටතට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉංජිනේරුවරයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි 21 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 14 December 2020
හිස්බුල්ලා හමුවන්න නීතිඥවරුන්ට අවස්ථාව තියෙනවා පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීමට , ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවත් , එම ප්රවේශයන් ලබා දිය හැකි දින වකවානු පිළිබද හෙට (15) දින අධිකරණයට නිල වශයෙන් දැනුම් දෙන බව නීතිපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 14 December 2020
සෝල් අගනුවර පාසල් වැසෙයි නව කොරෝනා වයිරසය නැවත වරක් ව්‍යාප්ත වීම හේතුවෙන් සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දමන්නැයි දකුණු කොරියානු බලධාරීහු අද (14) නියෝග කළහ. 14 December 2020
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අංගොඩදී දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු ගිනි අවි දෙකක් සහ පතුරම් 18ක් සමග සමඟ විශේෂ කාර්ය බලකාය විසින් අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 14 December 2020
පූනානිහි නිරෝධායනයට ආ 4ක් එහි දේපළ සොරාගනිති වාලච්චේන පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා යන අතරේ ඒ එහි දේපළ සොරාගත් 4දෙනෙකු වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 14 December 2020
කොළඹ කිංග්ස් උත්සාහය උඩපන්දුවේ සැඟවී යයි වඩා වැදගත් වන්නේ ආරම්භය නොව අවසානය යයි කදිමට කියා දුන් ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අතිශය තියුණු අවසන් පූර්ව තරගයකින් අනතුරුව ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. 13 December 2020
කොරෝනා මරණ 150 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද(13) රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026