වැලිමඩ ගමක් හුදෙකලා කරයි වැලිමඩ පොලිස් වසමේ හුලංකපොල්ල (49 සී) ගාම නිලධාරී වසම අද 24 දින සිට හුදෙකලා කළ බව වැලිමඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 24 June 2021
හිරුණිකාගෙන් ජනපතිට ලිපියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. 24 June 2021
‘‘රනිල් - සජිත් එකතු කරනවා‘‘ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. 24 June 2021
දුමින්දට සමාව දුන්නාට එජාපයෙත් විරෝධය ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කර අධිකරණය අවභාවිතා නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 24 June 2021
කොරෝනා ආසාදිතයන් 1228ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,228 දෙනකු අද (24) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 24 June 2021
දුමින්දගේ නිදහස් වීම ගැන ස.ජ.බයෙන් විරෝධය වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 24 June 2021
හෙට අලුයම 4.00 රට අරි දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හෙට (25) අලුයම 4.00ට ඉවත් කිරිමට නියමිතය . 24 June 2021
“දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අනුමත කරන්න බෑ’’ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. 24 June 2021
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න රටට හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 24 June 2021
ජනාධිපති හෙට ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 24 June 2021
‘‘සති දෙකක් යනතුරු මරණ වාර්තාව මේ විදියටම තියේවි‘‘ තවත් සතියක් දෙකක් යනතුරු කොවිඩ් මරණ වැඩියෙන් වාර්තා වනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. 24 June 2021
කෝටි 50 ක කුඩු සමග ඇල්ලූ එස් අයි රිමාන්ඩ් රුපියල් කෝටි 50 කට අධික වටිනා කමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත් අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටි දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා ලබන මස 8වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (24) නියෝග කළේය. 24 June 2021
කොවිඩ් රෝගීහු 135ක් දැඩිසත්කාර ඒකකවල කොවිඩ් රෝගීන් 135 දෙනෙකු රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 24 June 2021
මරණ දඬුවම නියම වූ රැඳවියන් 76ක් ආහාර වර්ජනයක මරණ දඬුවම නියමවී මහර බන්ධනාගාරයේ සිටින රැද්වියන් 76 දෙනකු අද (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. 24 June 2021
‘ගෑස් ආනයනය කරන්න රජය මැදිහත්වෙනවා‘ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෑස් ආනයන කිරීමේදී රජය මැදිහත් වන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 24 June 2021
අගමැති පෙහෙවස් සමාදන් වෙයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී අද (24) උදෑසන පෙහෙවස් සමාදන් විය. 24 June 2021
‘හරි දේ කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා‘ රාජකාරියේදී හරි දේ කරන්නැයි සියලු පොලිස් නිලධාරීන්ගෙන්ගෙන් ඉල්ලා සිටින බවත් හරි දේ කර නඩු වැටෙන නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය . 24 June 2021
මහින්ද -රනිල් හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි හමුවක් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිණ. 24 June 2021
කහ කිලෝ 750 ක් යුද හමුදා බාරයට ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 750ක් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී අද (24) අලුයම සිය බාරයට ගත් බව යුද හමුදාව පැවසිය. 24 June 2021
එල්.ටි.ටී.ඊ 16ක් ඇතුළු සිරකරුවන් 93කට ජනපති සමාව පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබේ. 24 June 2021
දිස්ත්‍රික්ක තුනක ගම් හයක් වහයි කොවිඩ් ආසාදිතයන් පිරිසක් හමුවීම නිසා යාපනය, මඩකළපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ පහක ග්‍රාම නිලධාරී වසම් හයක් අද (24) උදෑසන 6.00 සිට හුදෙකලා කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය . 24 June 2021
‘‘වඩා වැදගත් පුද්ගලයා නොව රට ගොඩනඟන වැඩපිළිවෙළයි‘‘ ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පුද්ගලයා නොව රට ගොඩ ගන්නා වැඩ පිළිවෙල යැයි ද රට ගොඩ ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 24 June 2021
දියේ ගිලිණු තිදරු පියාට කොරෝනා ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමේන් පසු ගම්මානයේ 20 කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා අද (24) දින පැවසිය. 24 June 2021
දුමින්දට ජනපති සමාව මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 24 June 2021
’’තෝර්’’ ගේ ෂීනාටත් කොරෝනා දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවූ ’’ තෝර් ’’නැමැති සිංහයාගේ ධේනුවටද කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය . 24 June 2021
පානදුර දකුණ පොලීසියේ රථ වාහන අංශය වහයි පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනකු ඇතුළු හය දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම පොලිස්ථානයේ රථ වාහන අංශය තාවකාලිකව වාසා එහි කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය. 24 June 2021
කෝටියක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් කෝටියකට අධික වටිනා හෙරොයින් තොගයක් සමග 25 හැවිරිදි කාන්තාවක් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය 24 June 2021
ඓතිහාසික අනුරපුරය පාළුවට පොසොන් පුර පසළොස්වක පොහොයදාට පෙහෙවස් සමාදන්වූ දස දහස් සංඛ්‍යාත උවැසි උවැසියන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරීපවතින ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ වසන මහමෙව්නා උයන අද දින සැදැහැවතුන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත්ව තිබුණි. 24 June 2021
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 June 2021
එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසකට නිදහස වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇතුළු පිරිසක් අද හෙටම නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 24 June 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026