
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 2 1/2 ආසන්න වටිනා හොරොයින් තොගක් සමග සැකකරුවකු මීගොඩ දෙණිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හොරොයින් කිලෝ 2 යි, ග‍්‍රෑම් 450 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය වෙනත් ජාවාරම්කරුවන් වෙත ලබා දීමට ති‍්‍රරෝද රථයක් වෙත යමින් සිටියදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මීගොඩ පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මත් කුඩු චෝදනාවට මීගමුව බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පුද්ගලයකු මෙහෙයවන මත්කුඩු ජාවාරමට සැකකරු සම්බන්ධව සිටින බවට අනාවරණ වූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේම සුඛෝපභෝගී නිවසක් ඉදිකරමින් පවතින අතර පොලිස් නිලධාරීන් එම නිවස ද දැඩි පරීක්ෂාවට ලක් කළ අතර කිසිදු සැක කටයුතු දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කාලකන්නියෙක්... ගේ දොර හදාගෙන ගෙදර අය එක්ක සතුටින් ඉන්නව වෙනුවට දැන් මේ මිනිහට අවුරුදු ගානක් හිරේ තපින්නයි වෙන්නෙ