(නිමල කොඩිතුවක්කු)
තමන් පක්ෂ මාරු කරත් කිසිවිටෙක ප්‍රතිපත්ති මාරු නොකළ බවත් හෙට අවශ්‍ය නම් හෙටත් තමන් දැන් සිටින පක්ෂය මාරු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය.
එකම පක්ෂය ලැග සිටීමට මේ රටේ කිසිදු පක්ෂයක් උත්තරීතර නොවන බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.
පක්ෂ වෙනුවට තමන්ගේ ප්‍රතිපත්තිය මත පිහිටා දේශපාලඥයන් කටයුතු කළ යුතු බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
වත්මන් රජය පෙරළීමට තමන් දැන්ම කලබල නොවන බවත් ඒ සඳහා දින වකවානු සැලසුම් කර ඇති බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂවල ප්‍රතිපත්ති නැති වුනේ මෙයා වගේ දෙතුන් දෙනෙක් නිසා...
ඔහේලා කව්ද කියලා අපි දන්නවා..
රටේ තරැණ පරපුර ගැන සලකා ඔවුන්ගේත් රටේත් සුභ සිද්දිය වෙනුවෙන් තරැණ පරපුරට මුල් තැන දිය යුතුය. රටට අවශ්‍යය වැඩ කළ හැකි උගත් බුද්ධිමත් හා නව අදහස් වලින් පිරැණු නව තාක්ෂනයෙන් වැඩ කළ හැකි පිරිසක් අප රට සතුව ඇත.. ඔවුන්ට දැන් වත් අවස්ථාවක් දිය යුතුය. ඒ හැර ප්‍රතිපත්තියක් වශයෙන් බලයේ සිටින රඡයක් පෙරලා තම බලය ශක්තිමත් කරගැනීමේ යටි අරමුණු සපුරා ගැනීමට සැලසුම් කරන උන්මත්තක බලලෝබීන්ගෙන් රටටත් ඡනතාවටත් සිදුවන මහා විනාශයට දැන්වත් තිත තබමු.
දිනන පැත්තට පැන්නට වැරදිලත් තියනවා .ඔබ නිසා දේශපාලකයෝ ඔක්කොම එපා කරවපු එක ගැන ගොඩක් ස්තුතියි
ප්‍රතිපත්ති ගරුක බව තේරෙනවා .පනින්න ආස උනාට ගන්න කෙනෙක් නැද්ද? නැත්නන් මුට්ටිය දාලා බලනව ද?
මිනී මාරු කිඹුල් ඩ්‍රාමා එක නම් නියමයි .සුපිරි .
තමන්ගේ ප්‍රතිපත්ති වලට ගැලපෙන පක්ෂයක් හදමුකෝ .හොද ලකුණකුත් තියන එකේ .මිනී මරු කිඹුලා ඉතා ජනප්‍රිය වෙනවෙනේ .
බොලේ හැබෑට... මේ අර දියවන්නාව "වාචාලයින්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක" නේද මේ?
සජිත් මහත්තයෝ ලැයිස්තුවෙන් එක්කෙනෙක් ඉවත් කරන්න. රාජිත කිව්වා නම් යනවම තමයි. හුඟ කාලෙකින් ආණ්ඩුවට බණිනවා දැක්කෙත් නෑනේ...
ඔයාලා අපෙන් ඡන්දය අරන් එහෙට මෙහෙට පනිනවා තමන්ගේ වාසියට... රට හැමදාම වලපල්ලට...