(සුජිත් හේවාජුලිගේ)
ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හැටියට හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හඳුනාගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.
කෙසේ වෙතත් මෙම ප්‍රදේශවල එවැනි සිදුවීම් වැඩිවීමට හේතුව නිශ්චිත වශයෙන් තහවුරු වී නැතත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
බොහෝ විට හෝමාගම වැනි ප්‍රදේශවල ඇඟලුම් කම්හල් සේවය කරන පිරිස් වැඩි වශයෙන් සිටීම ඊට හේතු වන්නට ඇතැයි මහාචාර්යවරයා සැක පළ කරයි.
මේ අතර පසුගිය වසර පහ සැලකිල්ලට ගත් කළ ඔන්ලයින් හිංසන වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ පසුගිය 2020 වසරේදීය. එම වර්ෂයේදී වාර්තා වී ඇති ඔන්ලයින් හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 152කි.
එසේම මේ වසරේ මේදක්වා එම පැමිණිලි 74ක් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන් අතට ජංගම දුරකථන සහ පරිගණක වැඩි වශයෙන් පත්වීම ඔන්ලයින් හිංසන ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකයක් වී ඇතැයි ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානීහු පවසති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණු සොයා බලන එක විතරද කරන්නේ? ඒවා නවත්වන්න වැඩ කරන්නේ නැද්ද?
හෝමාගම ඇඟලුම් සේවකයන් නම්, ජයවර්ධනපුර නම් , මන්ත්‍රී නිසා වෙන්න බැරිද
ඇඟළුම් සේවක නෙමෙයි රජයේ රැකියා කරන වැදගත් යයි හිතන තරුණ වයසේ සමහර අම්මලාත් තමන්ගේම දරුවන්ට වදදෙනවා. මේවා රැකියාවෙන්, තරාතිරමෙන් වහගෙන ඉන්නේ...