
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙළ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතාගේ විශේෂ ඇගයීමට ලක්විය.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත් වු මයිකල් ඇපල්ටන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (29) පැවැත්විණ.
ඉහත කාරණය නවසීලන්ත මහ කොමසාරිස්වරයාගේ විශේෂ ඇගයීමට ලක්වූයේ ඒ අවස්ථාවේදීය.
දෙරට අතර පවතින අන්‍යොන්‍ය සහයෝගීතාවය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම නව නීති ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ගෙනයන වැඩ පිළිවෙළ පිළිබඳව අධිකරණ ඇමැතිවරයා මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවතින බවත් මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා නවසීලන්ත රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හරි හොදයි ,හෝදල ගලේ ගහල ගන්න ඔන, මොකද අදත් පගා පප්පෙක් නිදොස් කොට නිදහස් කෙරුව.
බොහෝම හොදයි , යහපත් දෙයක් අලිසබ්රි මැතිතුමනි ,මෙහෙ කට්ටිය එහෙට යවල එහෙ ඉන්න අය මෙහාට ගෙනත් දාන්න . නවසිලන්තය ඔල්මොරොන්දන් වෙලා තමයි නවතින්නෙ.
අන්න අල්ලස් නඩු 08කින්ම නිදහස් කරලා.. ඔබතුමා ඇමැති වුණාට පස්සේ අධිකරණයේ ලබපු දියුණුව ඒකෙන්ම පේනවා.
අලිසබ්රි මැතිතුමනි...අපිට පස්ස පැත්තෙන් තමයි හිනාවෙන්න තියෙන්නෙ.ඔය නවසීලන්තය කියන්නෙ ලෝකෙම තියෙන නීති ගරුකම රටක්.ඔබතුමාල මෙහෙම රටක් එක්ක සෙල්ලම් කරලා අපේ රට මේ අපායටද අරගෙන යන්නේ.
අභිනව මහා කොමසාරිස්තුමාට තව ටිකක් කල් යනකොට අවබෝධ වෙයි ලංකාවේ තියෙන්නේ නවසීලන්තෙටත් වඩා ස්වාධීන අධිකරණ පද්ධතියක් කියලා
මමත් එම රට ගැන දන්නවා. රටේ මුල් පදිංචි මාවෝරි ඇතුළු අයට කෙරෙන කෙණෙහිලිකම් නිමක් නොමැත. වර්ණ භේදය නිසා ආසියානුවන්ට පීඩා එසේමය. අනිත් රටවල් ගැන හොයන්න කළින් ඒවාට පිළියම් යෙදුවා නම් හොඳයිනේ...