(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ පොල්තෙල් මාෆියාවක් ඇති බවත් කිසිවකුට බදු අඩුකර පොල්තෙල් ආනයනය කිරීමට ඉඩ නොතබන බවත් පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනට පසුගිය වසරේ දෙසැම්බර් මස කැබිනට් පත්‍රකාවක් යොමු කළ ද එයට මේ දක්වා අනුමැතිය නොලැබීම ප්‍රශ්නයක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පොල්තෙල් ආනයනය කර ඉන් පසුව බදු අඩුකිරීමක් කිසිවකු බලාපොරොත්තු වන්නේ නම් එවැන්නක් සිදුනොවන බවත්ය.
අමුද්‍රව්‍ය ප්රශ්නය හේතුවෙන් දේශීය සාම්ප්‍රදායික පොල්තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී පොල්තෙල් මිල තව දුරටත් ඉහළ යා හැකි බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයි ෂුවර් පොහොට්ටු පොරක් වෙන්නැති
අන්තරජාලය හා පරිගණක තියෙන ලෝකේ පොල්තෙල් ,සහල් වැනි ඕනෑම මාෆියාවයක් පාලනය කරන්ඩ පුළුවන්.
චන්දෙට කලින් අපි හිතුවේ ඔබලා මාර ගේමක් දීලා ,බඩු මිල කරලා , මහා බැංකු හොරු අලල්ලා , පාස්කු අය අල්ලලා, හාල් මෝල් කාරයෝ මට්ටු කරලා , අතරමැදියා නැති කරලා, ඔය වගේ වැඩ කරයි කියලා. නමුත් ඒ හැම සිහිනයක්ම සුන් වුනා . අද වෙන්නේ අපේ සර්
2/3 කුත් දීලා. 20 වැනි සංශෝධනයත් දීලා... මුකුත්ම කරගන්න බැරිද? අපි නම් හිතුවේ කොන්ද කෙළින් තියන් වැඩකරන නියකයෙක් ලැබුණා කියලනේ...
පොල්තෙල් මාෆියා කෙසේවෙතත්, කසිප්පු - එතනෝල් මාෆියා ඔබ බව කවුරුත් දන්නවා. කසිප්පු කාරයින්ව මර්දනය කරපු එරික් පෙරේරා මහත්තයාව මාරුකලේ එතනෝල් මාෆියා වන ඔබයි...