රෝගීන් වැඩි වුවහොත් ප්‍රතිකාර නිවෙස්වලම කොවිඩ් ආසාදිතයන් වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් ඉදිරියේදී රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 07 May 2021
ගම්පහ නගර සභා භූමියට අගුලු දමයි ගම්පහ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවීමත් සමග ජනතාවට නගර සභා පරිශ්‍රයට ඇතුලුවීම නතර කළ බව පුරපති එරංග සේනානායක මහතා පවසයි. 07 May 2021
කොරෝනා ආසාදිතයින් තවත් 1097ක් කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,097 දෙනෙක් අද (7) වාර්තා වූහ. 07 May 2021
තමිල්නාඩුවෙන් ඇවිත් ගිංතොට හෝටලයක සිටි පහකට කොරෝනා ගාල්ල ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 07 May 2021
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් කොටසක් වහයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන ජාතික උද්‍යාන, සංචාරක ගමනාන්ත, කඳවුරු බිම්, සහ සියලුම සංචාරක නිවාස යළි දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. 07 May 2021
හෙද නිලධාරීහු හත්තෑවකට කොරෝනා මේ වන විට රට පුරා හෙද නිලධාරීන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකට කොවීඩ් වසංගතය ආසාදනය වී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. 07 May 2021
‘‘පළාත් අතර සංචරණ සීමා තර කරන්න‘‘ කොරොනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ උපරිම සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 07 May 2021
රැකියා විරහිතයෝ ජනාධිපති හමුවන්න ඉල්ලයි උපාධිධාරීන් රැකියා ගත කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව ගැටළුව පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සඳහන් කරයි. 07 May 2021
ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික ගොඩලියැද්දගෙන් පැය 5ක ප්‍රකාශයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ලිපිගොනු කීපයක් අස්ථාගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික සුජීව ගොඩලියැද්ද මහතාගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අද පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි. 07 May 2021
පාසල් ආරම්භ කරන දිනය දින 3කට කලින් කියනවා රටේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් පාසල්, පෙර පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල, සහ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 07 May 2021
ඇස්ට්‍රාසෙනෙකා ගැටළුවට ජනපති - ටෙඩ්රෝස් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා සමග අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් කළ බව ජනාධිපති ලේකම් කාර්යලය කියයි. 07 May 2021
ෆයිසර් එන්නතට අනුමැතිය ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද ලැබී ඇත. 07 May 2021
ඔම්බුස්ඩ්ස්මන් තනතුරින් නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ඉවත් කරයි පොලිස්පති ඞී. සී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ඔම්බුස්ඩ්ස්මන් අංශ බාර තනතුරින් සහ එහි රාජකාරි කටයුතුවලින් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 07 May 2021
අන්තර් ජාලයෙන් හරහා වැඩ ඇරඹුණු රුවන් පුර අධිවේගය ‘රුවන්පුර’ අධිවේගී මාර්ගයේ පළමු අදියරය ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ විය. 07 May 2021
“අස්ට්‍රාසෙනිකා දෙවන එන්නත සොයා ගැනීම දුෂ්කර වෙලා” අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. 07 May 2021
කොවිඩ් ආසාදිත ගැබිනි මවකගේ මරණය ගැන වෛද්‍යවරයෙක් තැබූ සංවේදී සටහන කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවකගේ මරණයක් ඉකුත්දා වාර්තා වූ අතර එය බොහෝ දෙනෙකුගේ හදවත් සසල කළ සිදුවීමක් විය. 07 May 2021
ගාල්ලේ කඩ සති දෙකක් වහන්න තීරණයක් කොරෝනා පාලනය සඳහා සහාය දිමට ලබන 11වනදින සිට දින 14ක් ගාල්ල නගරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳ සල් හැර අනෙකුත් සියලුම වෙළඳ සල් වසා තැබිමට තිරණය කල බව ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය පවසයි. 07 May 2021
ඇඳන් 1200ක මෙරට විශාලම කොරෝනා රෝහල සීදූවේ කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ විශාලතම රෝහල ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉදිකරමින් පවතී. 07 May 2021
වැලිසර ආර්ථිකයත් වහයි වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳහල් 25ක සේවකයන් 38 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 07 May 2021
එක් දිනකට ගම්පහින් ආසාදිතයෝ 475 ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරොන් ආසිදිතයන 475 දෙනකු හඳුනාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 07 May 2021
අලුත් නීතිපති තෝරන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා එම තනතුරට පත් කරන්නේ දැයි කරුණු සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා බ්‍රහස්පතින්දා රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය . 07 May 2021
කිලිනොච්චියේ 21කට කොරෝනා කිලිනොච්චිය පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 21 දෙනකු කොවිඩ් 19 වයිරස ආසාදිතයන් ලෙස හදුනා ගත් බව කිලිනොච්චිය සෞඛ්‍ය අංශ කියයි. 07 May 2021
නුගේගොඩ අනතුරින් තිදෙනෙක් මරුට:අයෙක්ට බරපතලයි නුගේගොඩ වැලි පාර අසලදී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි මිරිහාන පොලිසිය කියයි. 07 May 2021
දින 4 ට කොරෝනා මරණ 49 ක් කොරෝනා ආසාදිත වී සිටි තවත් 11 දෙනකුගේ මරණ ඊයේ (6) වාර්තා විය. මේ අනුව මෙරටින් දින හතරකදී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 49කි. ඒ ඉකුත් 3 වැනිදා මරණ 13 ක්, 4 වැනිදා 11 ක්, පෙරේදා (5) 14 ක් සහ ඊයේ මරණ 11 ක් වශයෙනි. 07 May 2021
දෙසතියක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළොත් ලංකාවට එන්න බෑ සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ කිසිදු ගුවන් මගියකුට ද ශ්‍රී ලංකාවට ගොඩබැසීමට ඉඩ නොදීමටද තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම මහතා කියා සිටී. 07 May 2021
කෝටි දෙක හමාරක මත් කුඩු සමග තරුණයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 2 1/2 අධික වටිනා අයිස් සහ හෑෂ් නැමැති මත් ද්‍රව්‍ය සමග කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙක් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 May 2021
දිස්ත්‍රික්ක තුනක වසම් 12ක් හුදකලා කරයි කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 12ක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි. 07 May 2021
කොරෝනා නීති කැඩූ 436ක් අල්ලයි නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 436 දෙනකු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 07 May 2021
නීතිපති තනතුරට නමක් යෝජනා කරයි නීතිපති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 07 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026