(ඩයනා උදයංගනී)
මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් සහ පිටුපසින් යන වාහන (බැකප් රථ) සංඛ්‍යාව අඩු කළහොත් ඉන්ධන සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
තමා පසුපසින් යන ආරක්ෂක රථයක් භාවිතා නොකරන බව කී ජයසේකර මහතා යුද්ධ කාලයේදී මෙන් ආරක්ෂාවක් වර්තමානයේ දි මැති ඇමතිවරුන්ට අවශ්‍ය නොවන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා පවා තමන් සමඟ යන වාහන සංඛ්‍යාව අඩුකරගනිමින් ආදර්ශයක් දී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක රථ වැඩි වශයෙන් භාවිතා කරන මැති ඇමතිවරුන් ඇත්නම් නම් ඔවුන් ද මේ අවස්ථාවේ කැපවීමක් කළ යුතු බව කීවේය.
ඔහු මේ බව පැවසුවේ ජාවත්ත ප්‍රදේශයේ දී අද (4) පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මැති ඇමතිවරුන් මේ වන විටත් ජනතාව මෙන්ම කැපකිරීම් කර ඇතැයි කී ජයසේකර මහතා ඔවුන්ගේ ද වියදම් කප්පාදු කර, අලුත් වාහන, ගොඩනැගිලි හෝ මේස පුටු වෙනුවෙන් මුදල් වෙන්කිරීම නවතා ඇතැයි පැවසීය.
තවත් කළ හැකි කැපවීම් ඇත්නම් ඊට සූදානම් බව කී දයාසිරි ජයසේකර මහතා මැති ඇමතිනවරුන්ගේ රථ පිටුපසින් සහ ඉදිරියෙන් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සහිත රථ ගමන් ගන්නා විට ජනතාවටත් ඔවුන් ගැන වෛරයක් ඇතිවන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් ඕක දැනගෙන ගොඩක් කල්...
දයාවෙන් පිරි සිරී මල්ලි "අයිසෙක් නිව්ටන් උන්නැහේගේ" බඩටත් ගැහුවා එහෙනම් ඈ... මොකද මේක නම් පුදුමම පුදුම සොයා ගැනීමක්. ලබන වසරේ නොබෙල් ත්‍යාගය දෙවරක්ම මුන්දැට ගන්න පුළුවන්. මොකද මේ සොයා ගැනීම පුදුම 49 න් එකක්නේ.... ඈ ඔයා ඕක අදද දන්නේ...?
ජනාධිපතිටයි, අගමැතිටයි හැර අනෙක් සියලුම දෙනාට රාජකාරි වැඩකට වාහනයක් අවශ්‍ය වෙලාවට ඒවා වාහන සංචිතයකින් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කළයුතුයි. ඒ දෙන වාහනයකට එක ආරක්ෂකයෙක් අවශ්‍ය නම් සපයා ගත යුතුයි. ආරක්ෂාවට වාහන පෝලිමක් යන එක නවතා දැමිය යුතුයි. මැතිඇමැති වරුන්ගේ ගෙවල්වල ඉන්න හරක බාන ඇතුළු සියලු දෙනාට අවශ්‍ය ගමන් බිමන් යාමට වාහන ඒ ඒ අයම මුදල් ගෙවා ලබා ගත යුතුයි. ලෝකයේ දියුණු යැයි කියන රටවල් වැඩ කරන්නේ එහෙමයි. ඇයි අපට බැරි ?
දැන්නම් වෛරය ඇතිවෙලා ඉවරයි...
1985 පමණ වනවිටත් කච්චේරිවල අතිරේක දිසාපතිට මූලස්ථාන උප දිසාපතිට කොට්ඨාස භාර සහකාර ආණ්ඩුවේ ඒජන්ත හෙවත් උප දිසාපතිලාට නිල රථයක් තිබුනේ නැහැ.. ඒ සියලු දෙනාම ගියේ පොදු වාහන වල. සාමාන්‍ය රජයේ සේවකයින් සමග දැන් කාලේ ෆීල්ඩ් රාජකාරි කරන ක්ෂේත්‍ර නිලධාරින්ට කාරයක් හෝ කැබ් එකක් නැතුව බැහැ. අතීතයේ ක්ෂේත්රයේ රාජකාරි ගියාම එය අවසන්ව ආපසු කාර්යාලයට ආවත් කිලෝමීටර් දෙක තුනක් ගොස් පැයකින් රාජකාරි අවසන් කළත් ඒ වෙනුවෙන් දවසම නිවාඩු. ඒ කාලෙ හත් අට දෙනා කළදේට දැන් පනහක් හැටක් ඉන්නවා හැම තැනම නාස්තිය.. දැන් එම්.ඕ.එච් වල පුළුන් බෝල හදන්නත් සේවකයින් ගොඩයි. මෙහෙම රටක් හදන්න පුළුවන්ද?
මගේ අප්පේ තියෙන මොලේ... කවුරු කවුරුත් කැප කරයි කියලා බයයි...
අනේ නැහැ... අපිට නම් එහෙම පිරිවරාගෙන යනවා දැකලා කිසිම වෛරයක් හිතෙන්නේ නැහැ. අපිට මහා ආඩම්බරයකුයි දැනෙන්නේ අපේ රටේ ජාතික ප්‍රෞඩත්වය දැකලා... ඇමරිකාවේ, යුරෝපයේ හෝ මැදපෙරදිග රටවල පාලකයින්ට නොමැති දේවල්නේ ඒවා. විශේෂයෙන් මැදපෙරදිග රටවල රැකියාවල් කරන අය අපේ ජාතියේ අහිමානය පෙන්වන්නේ කොහොමද... ඔය වගේ දේවල් නැතිව නේද? අනික ඒ දුප්පත් රටවල පාලකයින්ට හා ජනතාවට ඒ රටවල් ගැන කිසිම දේශප්‍රේමී හැඟීමක් නැහැ අපට තරම්. එ්ත් ඒ හිඟන්නන් හිතන්නේ අපි ඒ වගේ දේවල් කරන්නේ "හීනමානයට" කියලනේ? ඒ රටවල මිනිස්සු ලෝකෙන්ම හිඟාකෑවට තියන පුහු උජාරුව තමයි මට නම් පෙන්නන්න බැරි අනේ.. ලෝකෙටම ලොක්කෝ කියලානේ ඒ අය හිතාගෙන ඉන්නේ...
ඇමැතිවරු මුළුමනින්ම ඉවත් කළා නම් තවත් ඉතිරි වෙනවා.. උන්නා කියලා වැඩක් කරන්නේ නැහැනේ... ජනාධිපතිට ඕනෙ දේනේ කරන්නේ...?
එපා එපා... තමුන්නාන්සේලා මුකුත් අඩුකරන්න ඕනෑ නැහැ... අපි තමුන්නාන්සේලාව ඔය තනතුරුවලට පත්කරලා ඇරලා තියෙන්නේ සැප විඳින්න මිසක්..., දුක් විඳින්න නෙමෙයි..
ජනාධිපති, අගමැති හැරුනම අනික් අයට ඉන්ධන කාර්යක්ෂමව වැඩකරන ඇල්ටො වගෙ වාහන දෙන්න ඔනි. පාර්ලිමෙන්තුවෙ ගිහින් කරන්නෙත් රස්සාවක්. ඉතින් ඇයි වෙනම ඔච්චර වාහන. සුපොගබොගි එව්වා අවශ්‍ය නෑ. අපිටනම් ඔක තෙරුනේ සැහෙන කල් ඉදලා. ඒත් ඉතින් මේ අයට පුලුවන් තරම් සැපම ඔනිනෙ.
ඉන්ධන ඉතිරි කර ගන්න ඉන්ධන ඉතිරි කර ගන්න පුලුවන් ඉන්ධන නොදී හිටියාම
අපිටද මේ කියන්නේ.? අද උදෙත් බෙන්ස් තඩියක් පාරේ හෝන් ගගහා ගියා අනිත් මිනිස්සුන්ටත් වද දිදී.
ඉන්ධන පිරිමහන්න ඔක්කොම පාපැදියෙන් යන්න...
දයාසිරි මහත්තයෝ. ඔය නාස්තිකාර ගොඩටම දාන්න තව දෙයක් තියෙනවා. ඇමතිවරු කොරෝනා හැදිලා හික්කඩුවේ ඉන්නකොට ඒ රාජ්‍ය ඇමති සම්බන්ධ රජයේ ආයතනයක (කොළඹට කිට්ටු තැනකින්) වාහනයක් ඇමතිගේ කොළඹ ගෙදරට ගෙන්නලා ඇමතිට දෙන්න කියලා හික්කඩුවට කේක් ඇරපු එකත් නාස්තියක් නේද? අන්තිම හදිසියක් නෙවෙයිනේ. අනික තමන්ගේ වියදමෙන් අරින්න සල්ලි නැතුව නෙවෙයිනේ. කවුද කියලා දන්නේ නැත්නම් කන්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවොත් ජනතාව වෙනුවෙන් කැප වෙලා කේක් ඇරපු නෝනගේ මහත්තයා පෙනේවි. ඒ ආයතනයේ හැමෝම දන්න දෙයක් මේක....
එහෙම කොහොමද? ජිනීවා අරන් ගිහින් විදුලි පුටුවේ තියන්න නම් කරපු අය ඕවාවල යන්නේ...
අපි මේ බලන් ඉන්නේ ඛනිජතෙල් ඇමැති බතික් කර්මාන්තය දියුණු කරන හැටි දේශනා කරනකම්...
ඇයි ඒ දවස්වල හඬ දුන්නේ ගෝඨාභය ඕවා නතර කරනවා කියලා නේද? දැං මේ හරක් පට්ටිය ඉබාගාතේ යන්න අතඇරලාද?