
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ප්රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන්වූ තිරුකුමාර් නඩේෂන් මහතාගේ බිරිඳ වන හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජපක්ෂ මහත්මියට දැනටමත් දැනුම් දී ඇත.
තමා අසනීපවී රෝහල් ගතව ප්‍රතිකාර ලබන හෙයින් සුවවී පැමිණි පසු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව නිරූපමා රාජපක්ෂ මහත්මිය එහිදී දැනුම්දී ඇතැයි අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහෙන් බහින ලෙඩක් නැති උදවිය නඩුවක් වැටුණු හැටියේ රෝද පුටුවෙන් එන්නේ... නඩුව ඉවර වුණු හැටියෙන් ඇවිදගෙන යන්නේ...
හොරාගේ අම්මාගෙන් පේන අහනවලු....
අපේ අල්ලස් කොමිසමෙන් නම් නිරූපමාට කිසිම බේරිල්ලක් නැ කෙලින්ම දේපොල රාජසන්තක වෙලා වුරුදු 20 කට විතර හිරේ යවයි
දක්ෂ නිලියක වගේ රගපැම විශිෂ්ඨයි
ප්‍රශ්න කරනවා විතරයි. ඊට පස්සේ වෙන දෙයක් නැහැ. එක රටක එක නීතියක් හොඳින් ක්‍රියාත්මකයි.
බයවෙන්න දෙයක් නැහැ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
අයියෝ අපරාදෙ නේ ලෙඩ වුණේ... මොනවට බය වෙන්නද? ඉන්ටර් පෝල් එකෙන් අල්ලන්න ආවත් ජනාධිපති, අගමැති, මැති, ඇමැති, මන්ත්‍රී... හැම පුටුවෙම ඉන්නේ තමන්ගේ අය වෙච්චි කොට... අපිට වගේද?