ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුබ පණිවිඩයක් කොරෝනා මර්දනය සඳහා දිගටම සහාය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නව නේවාසික නියෝජිත ආචාර්ය අලන්කා සිං මහත්මිය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (1) දැනුම් දුන්නාය. 01 July 2021
චෙන්කල්අඩි හිටපු ප්‍රා.ලේ ගැන විමර්ෂණයක් චෙන්කල්අඩි හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සහ කිරීමේ සිද්ධියක් ඇතුළු දූෂණ චෝදනා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ෂණ අංශය පවසයි. 01 July 2021
වියළි කහ කිලෝ 2,000 ක් මන්නාරමෙන් සොයාගනී නාවික හමුදාව විසින් දින තුනක් පුරා මන්නාරම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙනවිත් තිබු වියලි සහ කිලෝ 2000 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව කියයි. 01 July 2021
මිහින්තලේ ප්‍රා.ස. උප සභාපති රිමාන්ඩ් අන්තර්ජාලය ඔස්සේ තැරැව්කරුවකු මගින් ලබාගත් බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළැයි ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (01) නියෝග කළාය. 01 July 2021
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් කොරෝනා ‘ඩෙල්ටා’ ප්‍රභේදය පිළිබඳව වගකීමෙන් කටයුතු නොකළ හොත් රට අවදානම් තත්වයකට පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 01 July 2021
සෙවණගල පොලිසියේ දුෂණ මර්දන අංශයේ ලොක්කාට වැඩ වරදී කසිප්පු ජාවාරම්කරුවන් පිරිසක් සමඟ හිතවත්කම් පාමින් ඔවුනට රහසිගත තොරතුරු ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෙවණගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනුවන් මෙන්ඩිස් මහතා පැවැසීය . 01 July 2021
බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන්ගෙන් දැඩි තීරණයක් බන්ධනාගාරවල වහළවල් මත නැගී රජයේ දේපළවලට හානි කරමින් විවිධ ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ දරන සහ උද්ඝෝෂණය කරන රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර නීතිය අනුව කටයුතු කරන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට තමා උපදෙස් දුන් බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය . 01 July 2021
සඟවා තිබු පොහොර කිලෝ 51,000 ක් ගොවීන්ට පස්යාල සහ මීරිගම ප්‍රදේශයන්හි ගබඩා දෙකක සගවා තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගනු ලැබූ පොහොර කිලෝ 51,000 ක් ගොවීන්ට ලබාදීමට පියවර ගනු ලැබීය. 01 July 2021
‘කොරෝනා නිසා ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා‘ කෝවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 01 July 2021
එළැඹෙන සදුදා සිට රටටම නව සුව නීති මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබන 5 වැනි සඳුදා නිකුත් කරනු ලැබීමට නියමිතය. 01 July 2021
ජපානයේ සිටින ලාංකිකයින්ගෙන් කොරෝනා රෝහල් 14කට පරිත්‍යාග ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා එක්ව ඇමෙරිකා ඩොලර් 225,000 කට අධික වටිනාකමෙන් යුතු උපකරණ රැසක් ලංකාවෙි කොරෝනා ප්‍රතිකාර රෝහල් වලට පරිත්‍යාග කළ බව ජපානයේ ලංකා තානාපති කාර්යාලය කියයි. 01 July 2021
නිරෝධායන නීති කඩා උද්ඝෝෂණය කළ 12 ක් අත්අඩංගුවට රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතේ රැකියා ලබාදුන් සේවකයන් පිරිසක් අනුරාධපුර මහ නගර සභාවට අනියුක්ත කිරීමට විරෝධය පාමින් නීරෝධායන නීති කඩ කරමින් උතුරු මැද පළාත් සභාවට අයුතු අන්දමින් ඇතුළුවූ ආණ්ඩුකාර කාර්යාලය වැටලීමට උත්සහ කළ නගර සභා සේවකයන් 12ක් අද (1) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 01 July 2021
යුරෝපා සංගමයට අයත් රටවලට යැවෙන තැපැල් භාණ්ඩවලට අද සිට බදු යුරෝපා සංගමයට අයත් රටවල් 26කට යොමු කරන සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය. 01 July 2021
පුද්ලගයින් දෙදෙනෙකුට කොටයක තබා ඇණ ගැසූ සිද්ධියට 9 ක් අත්අඩංගුවට පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කදු මුදුනකදී කොටයකට තබා කුරුසයක පරිද්දෙන් පරාල ඇණ ගසා අමානුෂික වද හිංසා කළ බව කියන සිද්ධියේ සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහනුවර පොලීසිය කියයි. 01 July 2021
’’බස්නාහිර කොරෝනා පැතිරීම හොඳින් පාලනය වෙලා’’ බස්නාහිර පළාතේ කොරෝනා පැතිරීම සතුටුදායක ලෙස පාලනය වී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 01 July 2021
එජාප පළාත් බලය තර වෙයි මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල ආයතන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව මේ වන විට වැඩිම මන්ත්‍රී පිරිසක් නියෝජනය කිරීමෙි අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබෙි. 01 July 2021
වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් ජෙනරාල්ට ඇප මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කරමින් එක් වනජීවි නිලධාරියකුට පහරදුන්බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරිර ඇප දෙකක මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු මහස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද(01) නියෝග කලේය. 01 July 2021
වෑකන්ද නිවාස යෝජනා ක්රමයේ ජනතාව විරෝධයක කොම්පඤ්ඤවීදිය ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයට අයත් මහල් නිවාස සහිත ගොඩනැඟිලි කිහිපයක් පදිංචියට නුසුදුසු අවදානම් තත්ත්වයේ පවතින බවත්, වහාම ඒවා කඩා දමා තමන්ට සුදුසු පරිසරයක නව ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා රජයට බලකර සිටිමේ උද්ඝෝෂණයක් අද (01) එම නිවාස සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්විණි. 01 July 2021
’’සේවකයන් රැකගනිමින් අභියෝගයට මුහුණ දෙන්න’’ කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය. 01 July 2021
‘එජාපය ගොඩදාන වැඩපිළිවෙල හදා අවසන්‘ එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය යෙදෙන සැප්තැම්බර් 6 වන දින මුල් කරගනිමින් පක්ෂයේ සියලු අංශ බල ගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව එජාප පළාත් පාලන කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පැවසීය. 01 July 2021
ලොග්ගල්ලාඔය රක්ෂිතය විනාශ කළ අයට නඩු බදුල්ල දිස්ත්‍රික්කයේ ලොග්ගල්ලා ඔය ජලාශ රක්ෂිතයේ පසුගිය කාලයේ සිදු කර ඇති විශාල පරිසර හානියට වගකිවයුතු අයට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 01 July 2021
ආරුගම්බේ නව සංචාරක කළාපයක් කරන්න යයි ආරුගම්බේ නව සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 July 2021
නානුඔය නිවසකින් පොහොර මිටි 129 ක් එළියට අධික මිල ගණන් යටතේ ගොවීන්ට අළෙවි කිරීම සඳහා නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේ නිවසක සඟවා තිබු රසායනික පොහොර මිටි 129 ක තොඟයක් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත්බව නානුඔය පොලීසිය පවසයි. 01 July 2021
‘‘රනිල්ගේ පාර්ලිමේන්තු කතාව නොතේරීම ජාතියේ අභාග්‍යයක්‘‘ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු කතාවෙන් කළේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්නැයි යන ඉල්ලීම යැයිද එය නොතේරුණු දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ සිටීම ජාතියට අහිතකර කාරණයක් යැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 01 July 2021
යාපනයේ දී නාඳුනන පිරිසකගෙන් මාරාන්තික ප්‍රහාරයක් යාපනය කෝපායි කොණ්ඩාවිල් ප්‍රදේශයේදී තියුණු ආයුධ රැගෙන ආ පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයන් 08 දෙනකුට බරපතල තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 01 July 2021
වෛද්‍යවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කරයි වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව 63 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 01 July 2021
වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට එරෙහි නීතිය දැඩිවෙයි විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මහජන ආරක්ෂාව බාර අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත . 01 July 2021
වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් අත්අඩංගුවට වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට බාරවීමෙන් පසු අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 July 2021
15 දැරියට හදිකළ ප්‍රා.උප සභාපති ඇතුළු තුනක් සැකපිට 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහාණ මහතා පවසයි. 01 July 2021
මින්නේරියේ පහරදීමට වනජීවියෙන් රතු එළියක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජීවි නිලධාරීයකුට පහරදී රාජකාරියට බාධා කළ මේජර් ජෙනරාල් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සමස්ත ලංකා වනජීවි නියාමක සංගමයේ ලේකම් ඒ.පී.එස්. විදාන ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 01 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026