22 සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතිය අගදී විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ සතිය අවසානයේදී ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 September 2022
ජෙයරාජ් ඝාතනයේ සැක දෙකක් නිදොස් කොට නිදහස් වැලිවේරියේදී 2008 වර්ෂයේදී බොම්බයක් පුපුරුවා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (01) අද නියෝග කළේය. 01 September 2022
රට බංකොලොත් කළේ පාර්ලිමේන්තුව නොදැනුවත්වයි රට බංකොලොත් කිරීම ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම යුතුකම බවත් රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව බව පරීක්ෂණයක් කර රටට කිව යුතු බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 01 September 2022
දරුවන් වෙනුවෙන් හිඟා කන්න සූදානම් හිඟා කාල හරි පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා එය කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය 01 September 2022
අයවැය ’’නාග රාජ’’ ඇන්දවීමක් ජනපති ඉදිරිපත් කළ අය වැය ’’නාගරාජ ඇන්දවීමක්’’බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 01 September 2022
බුලත්සිංහල ගම් රැසක් ජලයෙන් යට වෙයි පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුලෙගග ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවර කර ඇති අතර ඉන් තප්පරේට ඝන මීටර් 200 ක පමණ ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හරින බව වාරිමාර්ග ඉන්ජේනේරුවෝ පවසති. 01 September 2022
කොටි ඉන්ධන ටැංකියක් පුදුකුඩිරිප්පුවෙන් මතු වෙයි යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කොට මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක වළදමා තිබූ ඉන්ධන ටැංකියක් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය. 01 September 2022
මාස තුනට ගාල්ලේ ඝාතන 15ක් මෙම වසරේ ජූනි 01 දින සිට අගෝස්තු 31දක්වා මාස තුනක කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතන 15ක් සිදුව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය. 01 September 2022
චීනයේ මෙරට ව්‍යාපෘති චීනයට දෙනවාද නැද්ද? ණය ගෙවන්න බැරි නම් චීන ආයෝජනයෙන් කළ ශ්‍රී ලංකාවෙි සම්පත් සින්නක්කරව ලියා දෙන්නැයි චීනය පවසා තිබෙන බවට පළවන ප්රවෘත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් උත්තරයක් දිය යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 01 September 2022
චීන පොහොර නැවට ගෙවූ මුදල නැවත ගැනීමේ උත්සාහයන් අසාර්ථකයි චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල හෝ ඒ වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (1)පැවසීය. 01 September 2022
කෑගල්ලේ වෙඩි තැබීමකින් කතක් මරුට කෑගල්ල සමගි ජනබලවේගය කාර්යාලයේ සේවිකාවක් කාර්යාලයේ පිටුපස කාමරේක ඇඳක් මත වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පවසයි. 01 September 2022
නිවුන් අලි සහෝදරයන්ගේ පළමු උපන්දිනය සමරයි පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෙසෙන පණ්ඩු අලියාට හා සුරංගී කෙනර දාවට උපත ලද දිසා හා සජ්ජන නිවුන් අලි පැටව් දෙදෙනාගේ පළමු උපන් දින සැමරුම් උත්සවය පින්නවල අලි සංරක්ෂණාගාරයේ දී පැවැත්විණි. 01 September 2022
එස්.ටී.එෆ් විරුවන්ට පුෂ්පෝපහාර විශේෂ බළකායේ මිය ගිය රණවිරැවන් සමරමින් 38 වැනි ගුණ සැමරැම් උත්සවය දකුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ දි අද පෙරවරුවේ පැවැත්විණ . 01 September 2022
සිරුරේ රස්නය නිවා ගන්න ජල බඳුනක ගත කරන ජීවිතය වකුගඩු රෝගයෙන් පෙළෙන අනුරාධපුර පරසන්ගස්වැව හිටපු යුද හමුදා සෙබළකු තම සිරුරේ දැඩි උණුසුම මකා ගැනීමට දවස පුරා වතුර බැරලයකට බස සිටින පුද්ගලයකු අපට හමු විය. 01 September 2022
දහම් පොලොන්නරු බටහිරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොලොන්නරුව බටහිර ආසනයේ නව ශ්‍රී.ල.නි.ප සංවිධායකවරයා පත් කර ඇත. 01 September 2022
තවදුරටත් තද වැසි ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලීය පවතින කැළඹිලි තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (1) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 September 2022
මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් හතරක් අල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරියගේ නිවසට සහ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නිවසට මෙන්ම ජාතික රූපවාහිනියට සහ තවලම ප්‍රාදේශීය සභාවේ කැබ් රථයකට පහරදී අලාභානි කළ පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පැවසීය. 01 September 2022
මුල්ලේරියාව රෝහලේ ගබඩාව කැඩූ පිරිසක් මාට්ටු නැගෙනහිර කොළඹ මූලික රෝහල (මුල්ලේරියාව රෝහල) ගබඩාව කාමරය හා අවට නිවාස කිහිපයක් බිඳ රුපියල් ලක්ෂ 10 ට ආසන්න භාණ්ඩ සොරාගත් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 31 August 2022
තරුණයකුට පා පහරක් ගැසූ හමුදා නිලධාරියට දුන් නිර්දේශය කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කර ඇති බව එම කොමිසම පවසයි. 31 August 2022
බළපිටියේ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු බළපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 31 August 2022
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 31 August 2022
මාස තුනක පඩි නෑතැයි විරෝධයක් ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මාන්තශාලාවේ සේවකයන්ගේ මාස තුනක වැටුප් නොගෙවීම හේතුවෙන් ලුණුවිල නෝත් සී සුරැකීමේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද (31) පැවැත්විය. 31 August 2022
දිසා කීපයකට ගංවතුර අවදානමක් කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම් ගණනාවකට ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 31 August 2022
මහින්දානන්ද බදු ෆයිල් එළියට අදී කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (31)පැවසීය. 31 August 2022
අන්තරේ විරෝධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්ත පනත යටතේ රඳවන්නෑ කොළඹදී ඊයේ පැවැත්වුණ ශිෂ්‍ය උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවීමට බලාපොරොත්තු නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය. 31 August 2022
රටේ ආයතන ඕනවට වඩා වැඩි බව පාඨලී කියයි රටේ එක් වැඩකට එක් ආයතනයක් පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත් බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය. 31 August 2022
මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ. 31 August 2022
’’සැබෑ දේශපාලන බලවේගයක් බිහි කරනවා’’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට දුන් පොරොන්දු සැබෑවටම ඉටු කළ හැකි ශක්තිමත් දේශපාලන බලවේගයක් බිහිකිරීම කාලීන අවශ්‍යතාවක් බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (31) පැවසීය. 31 August 2022
’’මේක ටොප් බයියා අයවැයක්’’ රජයේ අයවැය ටොප් බයියා අයවැයක් බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 31 August 2022
’’අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩුත් තියෙනවා’’ අතුරු අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩු ගණනාවක් ද පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 31 August 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026