කැස්බෑව “හරිත කැදැල්ලක්” වෙයි ලෝක නගර දින සැමරුම නිමිත්තෙන් කැස්බෑව නගරය “හරිත කැදැල්ල” ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. 02 November 2022
වසරේ ආදායමට වඩා මාස හතර ණය අරන් මේ වසරේ මුල් මාස හතරේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය මුලු වසරේම රාජ්‍ය වියදමට වඩා වැඩි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සහ රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඅධ්‍යයන අංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත. 02 November 2022
දේශගුණ අභියෝගවලට මූණ දෙන්න රජරට මහැදුරෝ රුවන් සමඟ එක් වෙති රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධව “දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්” පිහිටුවීම සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති වාර්තාවක් එහි උපකුපතිවරයාගේ නියෝජිත මහාචාර්ය ,ආචාර්ය පිරිසක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාර දුන්හ. 02 November 2022
ප්‍රියමාලිගේ මුදල් වංචාවට සහය දුන් සිරිසුමන හිමි රිමාන්ඩ් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(02) නියෝග කළේය . 02 November 2022
කොළඹ වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් සිට කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන වසරේ අප්‍රේල් මස විවෘත කිරීමට නියමිත බව කොළඹ වරාය නගර සමාගම පවසයි. 02 November 2022
පොලිස් ආඥා පනත යොදාගෙන මූලික අයිවාසිකම් කඩකරන්න එපා දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (2) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන නැවැත්වීමට පොලිස් ආඥාා පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ හොත් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 November 2022
සිම්බාබ්වේ 117 කට දැවී යයි නෙදර්ලන්තයට එහෙිව අද (2 වැනිදා) ඇඩිලේඩ් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 19.2 කදී ලකුණු 117 කට දැවී ගියේය. සිකන්දර් රාසා පන්දු 24 කින් ලකුණු 40 ක් ලබාගත්තේය. 02 November 2022
රැකියා වැඩියෙන් ඉල්ලන්න මනුෂ කොරියා යයි කොරියා රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියාව බලා පිටත්ව ගියේය. 02 November 2022
ඔක්තෝම්බර් මාසයේ සංචාරකයින් 42000 ඇවිත් ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයින් 42000 පැමිණ ඇතැයි සංචාරක දත්ත උපුටා දක්වමින් ෂින්හුවා වෙබ් අඩවිය වාර්තා කළේය. 02 November 2022
දුමක් විෂ වී පාසල් දරුවන් 54 රෝහලට පානදුරේ ප්‍රධාන ප්‍රාථමික පාසලක් අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම ආග්‍රාහනය වූ පාසල් දරුවන් 54 දෙනකු රෝගී වී රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 02 November 2022
’’පාන් අඩු කලත් බනිස් අඩු කරලා නෑ’’ පාන් රුපියල් 10 කින් අඩු කලත් බනිස් මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 02 November 2022
බස් බස් ගැටී 10ක් රෝහලට පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදු වු අනතුරකින් මගීන් දස දෙනකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය පැවසිය. 02 November 2022
උතුරටත් සෆාරි අභය භූමියක් උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ. 02 November 2022
කුඩුත් එක්ක අයෙක් මාට්ටු මොරන්තුඩුව මහලන්ද ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ පහකට ආසන්න වෙළදපොළ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 02 November 2022
පාස්කු නඩුවෙන් බදුර්දීන් නිදහස් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය. 02 November 2022
බඩ ඉරිඟුවලට ආදේශකයක් හඳුන්වා දෙයි සත්ව ආහාර නිෂ්පාදනයේ දී බඩ ඉරිඟු වෙනුවට ආදේශකයක් ලෙස සුණුසහල්( Broken Rice ) යොදා ගැනීමට සුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි. 02 November 2022
ක්‍රීඩා උපදේසකගෙන් දැරියන්ට යස පාඩමක් කැකිරාවේ ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකයකු දැරියන් හය දෙනකු අපයෝජනය කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 02 November 2022
අද විරෝධයට පොලිසියෙන් තහංචියක් සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් දේශපාල පක්ෂ සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝදය අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇත. 02 November 2022
’’එතුමා එක්ක ඉන්න මට හිරිකිතයි’’ සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 02 November 2022
අදත් බොහෝ ප්‍රදේශවලට වැසි පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 November 2022
භාණ්ඩ කීපයක උපරිම සිල්ලර මිලක් ආනයනික චුවින්ගම් සහ රසකැවිලි ඇතුළු භාණ්ඩ කිහිපයක උපරිම සිල්ලර මිල භාණ්ඩයේ ඇතුළත් කළ යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබේ. 02 November 2022
සෞදියේ ඇබෑර්තු මෙරටින් පුරවන්න යයි ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ප්‍රමාණ සමීක්ෂයන් සඳහා ඇබෑර්තු රාශියක් සෞදි අරාබියේ ඇති හෙයින් සුදුසුකම්ලත් ශ්‍රී ලංකිකයන්ගෙන් තොරතුරු රැස්කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි. 01 November 2022
සිම් වෙළෙන්දාගේ කුරුමානම වරදී දුරකතන සිම් කාඩි විකුණන්නකු ආණමඩුව කොන්වලකනදේ නිවසකට ඇතුළු වී එහි සිටි 78 හැවිරිදි මවකගෙ ගෙල සිරකර කරාබු ජෝඩුව සොරා ගැනිමට උත්සහ කිරීමේදි මවගෙ කෑගසිම හේතුවෙන් ගම්වාසින් විසින් සැකකරු අල්ලා පොලිසියට බාරදුන් බව පොලිසිය කියයි. 01 November 2022
ඖෂධ හිගයට හේතුව විගණන වාර්තාවෙන් එළියට මේ වන විට මතුවි තිබෙන අත්‍යවශය ඖෂධ රැසක හිගයට හේතුව ඒවා ආනයනය කිරිමේදි සිදුවු ප්‍රසම්පාදනයේ දුර්වලතා, ඇණවුම් කිරිමේ ප්‍රමාදයන්, සැපයුම්කරුවන්ගේ ගැටලු හා ණයවර ලිපි නිකුත් කිරිමේ ප්‍රමාදයන් මෙන්ම හදිසියේ ඇණවුම් අවලංගු කිරිම වැනි කාරණා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 01 November 2022
ජනතා මතය දැන ගන්න මැතිවරණයකට යමු ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දරන මතය දැනගැනීමට අනිවාර්යෙයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 01 November 2022
සුද්දෙක් සුද්ද කළ මග පෙන්වන්නා රිමාන්ඩ් මෙරට සංචාරයකට පැමිණි නවසීලන්ත ජාතිකයෙකුගෙන් කොළඹ නගරය සංචාරය කිරීම සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව ලෙස රුපියල් එක් ලක්ෂ පනස් දාහක මුදලක් ලබා ගත්තැයි කියන සිද්ධියකට අදාළව වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් සංචාරක මගපෙන්වන්නකු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01) එක නියෝග කළේය. 01 November 2022
චීනයෙන් ඩීසල් මෙම මස අගදී ශ්‍රී ලංකාවට මෙම මස අවසානයේ චීනයෙන් ඩීසල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (1) පැවසීය. 01 November 2022
කොරියා භාෂා පරීක්ෂණයෙන් 1398ක් සමත් වෙති 2022 වර්ෂයට අදාළව පැවති කොරියා භාෂා විශේෂ පරීක්ෂණයෙන් අයදුම්කරුවන් 1398 දෙනකු සමත් වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 01 November 2022
එංගලන්තය ඉහළට ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට නැග ගත්හ. 01 November 2022
ඇමරිකානු තානාපති සේවිකාවගේ ගමන් බෑගයේ සිද්ධිය අධිකරණයට පාරේ යමින් සිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවිකාවගේ ගමන් බෑගය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට ඊයේ (01) කරුණු වාර්තා කළේය. 01 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026