
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෑත් පිටුපසට කර ගැට ගැසා ඝාතනය කළ බවට සැක කරන නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ඉංගිරියෙ රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද පෙරවරුවේ හමුවූ බව ඉංගිරිය පොලීසිය කියයි.
වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකු බවට සිතිය හැකි යැයි පොලීසිය කියයි.
එම පුද්ගලයාගේ දෑත් බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබූ බව පොලීසිය කියයි.
උඩුකය නිරාවරණය තිබූ එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින පොලීසිය කියයි.
කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මීට දින කීපයකට ඉහතදී මෙම ස්ථානයට ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් ද පොලිසියට හමු විය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෑත් බැඳ මරා දැමූ සිරුරක් හමුවෙයි
siri Thursday, 15 December 2022 12:23 PM
මේවා යළි ක්‍රියාත්මකයිද?
PereraThursday, 15 December 2022 01:20 PM
යළි ක්‍රියාත්මක වෙන්න මේවා කවුද නැවැත්වුවෙ???
ranjith Thursday, 15 December 2022 01:35 PM
මේවා දැක්කාම සංචාරකයෝ ඒවිද? උද්ඝෝෂණ නෙවෙයි. මේ වගේ බිහිසුණු දේවල් සිදුවුණු රටකට සංචාරකයෝ ඒවිද?
sharm warn Thursday, 15 December 2022 02:55 PM
පාලනය බලෙන් අරගෙන ඉන්නෙ මෙව්වර නම ගිය පොරක් නෙ.. ඉතින් මෙහෙම එව්වා නොවි වෙන මොනව වෙන්නද?