
(ඩයනා උදයංගනී)
කැස්බෑව, ජඹුරලිය, බටුවන්දර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා නීති විරෝධී ලෙස නිපදවූ නියමිත ප්‍රමිතියෙන් තොර “පොලිතීන් ලන්ච් ෂීට්” කිලෝග්‍රෑම් 2,150ක (ටොන් 2ක) පමණ තොගයක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව, මෙම වැටලීම සිදුකළ බවත් එහිදී පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මෙම පොලිතින් තොගය අත්අඩංගුවට ගත් බවත් එම අධිකාරිය සඳහන් කරයි.
මෙම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන බව ද එහි ප්‍රකාශකයකු පැවසීය.
ග්‍රෑම්20 හෝ මිලිලීටර් 20ට අඩු සැෂේ පැකට්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් සහ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන විකිනීම, නිෂ්පාදනය සහ භාවිතය ජාතික පාරිසරික පනත යටතේ තහනම් කර ඇති අතර එය කඩකරන්නන් සොයා මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් අඛණ්ඩව වැටලීම් සිදුකරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නීතිවිරෝධීව නිපදවූ ලන්ච්ෂීට් තොගයක් අල්ලයි