පොලිස් සාජන්ට මරු කැඳවූ පාර්ලිමේන්තු බසයේ රියැදුරු අත්අඩංගුවට වැලිවේරිය පොලිසියේ සැරයන්වරයකුට මරු කැඳවූ පාර්ලිමේන්තු බස් රථයේ රියදුරා මල්වතුහිරිපිටිය පොලිසියට නීතිඥයෙකු මාර්ගයෙන් බාරවීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 01 November 2022
එංගලන්තයට ලකුණු 20 ක ජයක් නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. 01 November 2022
තිළිණි ප්‍රියමාලි මුදල් වංචාව: බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත බොරැල්ලේ සිරිසුමන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය. 01 November 2022
ආර්ථික අර්බුදයට නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බලයි ජනතාවගේ ආර්ථික ගැටලුව විසඳීමට ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපතිවරයා මැදිහත් වීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ප්‍රසාදය ප්‍රකාශ කළේය. 01 November 2022
හිටපු නියොජ්‍ය ඇමැතිට එරෙහි නඩුවේ භාණ්ඩ යළි පිරික්සයි මීගමු කලපු සංවර්ධනයට මහා භාන්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති පරිගණකය නඩුවේ සාක්ෂි ලේඛන මුද්‍රණය කළ මුල් පරිගණකයමදැයි පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ 01 November 2022
අධිකරණ පනත් දෙකක් බලාත්මක වෙයි පාර්ලිමේන්තුවේදී පසුගිය දා සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන අධිකරණ පනත් දෙක බලාත්මක විය. 01 November 2022
යූ ටියුබ් නාලිකාවකට හා ෆේස්බුක් පිටුවකට වාරණයක් ”තිලිණි ප්‍රියමාලි” සිද්ධිය පාදක කර ගෙන ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන වෙනත් පුද්ගලික සමාගමකට අපහාසයක් හා අපකීර්තියක් වන අසත්‍ය හා ද්වේෂ සහගත කරුණු ප්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ධනංජය නාරම්බැද්දගේ නමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන බව කියන යූ ටියුබ් නාලිකාවකට හා ෆේස්බුක් පිටුවකට වාරණ නියෝගයක් නිකුත් කළාය. 01 November 2022
සුජාතාවේ දරුවන්ගෙන් කතානායකට ප්‍රශ්න වැලක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණි මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමේ අවස්ථාව හිමිවිය. එහිදී කථානායක සමග සුහද පිළිසඳරක නිරත වූ සිසුවියෝ ඔහුගෙන් ප්‍රශ්නද විමසූහ. 01 November 2022
ශ්‍රී ලංකාව තුන්වැනි තැනට ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ තිබේ. 01 November 2022
කොළඹ මුවන් ගමේ යවයි කොළඹ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් බෝවන මුව රංචු ජලභීතිකා පරීක්ෂණයකින් අනතුරුව වනෝද්‍යාන සහ අභයභූමි වලට යොමු කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. 01 November 2022
හෙට පැවැත්වෙන විරෝධතාවට ශ්‍රීලනිපයේත් සහය ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව හෙට (2) පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සහභාගී වන බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 November 2022
ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට සජබ සහාය ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට සමගි ජන බලවේගය සියයට සියයක්ම ශක්තිය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(1)පැවසීය. 01 November 2022
නවසීලන්තයට ලකුණු 180 ක ඉලක්කයක් නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් හිදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී 179 ක් ලබාගත්තේය. තරගයෙන් ජයගැනීම සඳහා නවසීලන්තය ලකුණු 180 ක් ලබාගත යුතුව තිබේ. 01 November 2022
ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති වුණා නම් අද ලක් දිව ධනවත් රටක් ජේ.ආර්.තරුණ අවධියේදී ම රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත් ජේ.ආර් කළා වැනි කාර්යයක් වර්තමානයේ ඉටුකරන්නට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පැවැසූහ. 01 November 2022
ජල ගෙවීම පමා කරන රජයේ ආයතනවලින් ප්‍රමාද ගාස්තුවක් ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් පළමු වතාවට ප්‍රමාද ගාස්තුවක් ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට අය කිරීමට ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. 01 November 2022
ජනාධිපති ප්‍රතිපත්තිය ශක්තිමත් කරන්න යෝජනාවක් රටේ තීන්දු තීරණ ගැනීමේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 01 November 2022
තවත් දුම්රියක් පීලි පනී මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දී තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත. 01 November 2022
සිංගප්පූරුවේ සහ ජපානයේ දියුණුවට හේතුව වජිර කියයි රට විනාශයට පත්කිරීමට නොව රට ගොඩ දැමීමට සියල්ලන්ම එකතුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 01 November 2022
වල්අලි ගැටුම දුරදිග ගිහින් පොලිස් සැරයන් මරුට වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වීමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් එම ගැටුමට මැදි වූ පොලිස් සැරයන්වරයකු ගම්වාසීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 01 November 2022
එංගලන්තය පන්දුවට පහරදීම තෝරාගනී එංගලන්තය සහ නවසීලන්තය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 01 November 2022
පාස්පෝට් කාර්යාලයේ පහසුකම් නෑ බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් තව දුරටත් අපහසුතාවට පත්වන බව ජනතාව චෝදනා කරති. 01 November 2022
ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය ගැන කැබිනට් තීරණයක් සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති රජය සතු ව්‍යවසායන් ප්රතිප්යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 01 November 2022
ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 01 November 2022
පාර්ලිමේන්තු-අයවැය විවාද දිනවල ආණ්ඩුවේ මැති ඇමතිට රට ගමන්වලට සීමා පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ දී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් විදේශගතවීම සීමා කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර ඇත. 01 November 2022
ආපනශාලා කෙටි ආහාර මිල අඩු වෙයි පරාටා සහ බිත්තර රෝටි ඇතුළු ආපනශාලා කෙටි ආහාර වර්ග රැසක මිල අද (1) මාධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 01 November 2022
ගෝඨා නැටුවෙ නාමල්ගේ පදේට: ඒකයි රට විනාශ වුණේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට කන් නොදී අඩු තරමින් සිය වැඩිමහල් සහෝදරයාවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස්වත් ගණන් නොගෙන නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුගේ අදහස් යෝජනා පමණක් ලොකු කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම නිසා රටට මේ විනාශය අත්වූ බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 01 November 2022
බණ්ඩාරවෙල නිවසක් මතට පස්කන්දක් කඩා වැටී අයෙක් මරුට බණ්ඩාරවෙල හම්පරාව ප්‍රදේශයේ නිවසක් මතට ගල් බැම්මක් සමග පස්කන්දක් ඊයේ (31) රාත්‍රීයේ කඩාවැටී එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි. 01 November 2022
නාමල්ගෙන් චන්නට චෝදනාවක් උගත් බුද්ධිමත් දේශපාලඥයන් පටු ආකාරයෙන් ඒ අයගේ අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දැරීම ගැන කණගාටුවන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 01 November 2022
කුකුලේ ගඟ හිටි හැටියේ ඇරෙයි කුකුලේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක් අද (01) උදෑසන හදිසියේ අනපේක්ෂිත ලෙස විවෘත විමෙන් තත්පරයට ඝන මීටර 300 ක ජල ධාරිතාවක් කුඩා ගඟට එකතුවීම නිසා පහත් බිම්වල සහ ගඟ පහළ ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් සිටින්නැයි බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා කීය. 01 November 2022
කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කාලය දිර්ඝ කරයි කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කිරීමේ කාලය අද (1) සිට විනාඩි 30 කින් දීර්ඝ කර තිබේ. 01 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026