IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු ඇමතිවරයකු - නිලධාරීන් තේ මණ්ඩලේ පිහිටෙන් රට ගිහිල්ලා

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍යවරයකු අමාත්‍යාංශ හිටපු අතිරේක ලේකම්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසකගේ විදේශ ගමන් වෙනුවෙන්  2020 වර්ෂයේදී වැය කළ  රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් තේ මණ්ඩලය වැවිලි අමාත්‍යාංශයෙන්  අයකර ගැනීමට 2021 වර්ෂය වනවිටත්  කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර ගෝලීය තේ සංග්‍රහය වෙනුවෙන් තේ මණ්ඩලය  විදේශ තානාපති කාර්යාලවලට 2017 වර්ෂයේදී  දුන්  රුපියල් පන් කෝටියකට වැඩි මුදලින් රටවල් 15ක ඉතිරිවූ රුපියල් දහ අට ලක්ෂයක පමණ මුදල 2020 වර්ෂය වනවිටත් අය කරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

විදේශ සංචාරවල යෙදුණු එම  පිරිසට  කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, සීමාසහිත කළුබෝවිටියාන   තේ කර්මාන්තශාලාව සහ වැවිලි අමාත්‍යාංශය යන ආයතනයන්හි නිලධාරීහුද  ඇතුළත් වූහ.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සීමාසහිත කළුබෝවිටියාන තේ  කර්මාන්ත ශාලාව  සහ වැවිලි අමාත්‍යාංශය යන ආයතනයන්හි නිලධාරීන්ගේ විදේශ ගමන් වියදම් වෙනුවෙන් දැරූ රුපියල් හය ලක්ෂයකට වැඩි මුදල  මූල්‍ය  ප්‍රකාශනයෙහි දක්වා ඇතත් විගණන දිනය වනවිටත්  එම මුදල් අයකර ගැනීමට කටයුතු කරනු තිබූ බවද  වාර්තාවේ දැක්වේ.

මේ අතර  තේ මණ්ඩලය හිටපු අධ්‍යක්ෂවරයකු  තේ ප්‍රචාරණ වෘත්තීය උපදේශකවරයකු ලෙස  අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව 2020 වර්ෂයේ සිට  බඳවාගෙන දීමනා  වශයෙන් රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයි විගණන  නිලධාරීහු පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන්ව ඇත්තේ  ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

හිටපු ඇමතිවරයකු - නිලධාරීන් තේ මණ්ඩලේ පිහිටෙන් රට ගිහිල්ලා

Perera Thursday, 15 December 2022 01:31 PM

උඩ ඉඳන් පහළට ඔක්කොමලා රිසි සේ රටේ සල්ලි කාබාසිනියා කරලා...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site