(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණයට ගෙන ගොස් තිබියදී "චුට්ටියා" සහ "චූටියා" නැමැති කොල්ල කරුවන් අත් මාංචු සමඟ පළාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7000ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කීපයකට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශ්ව කලාව ප්‍රදේශයේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි
සැකකරුවන් දෙදෙනා හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී ඔවුන්ට දමා තිබූ අත් මංචු පිටතට නොපෙනෙන ලෙස ආවරණය කර තිබූ රෙද්දෙන් වසාගෙන ප්‍රධාන ගේට්ටුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ත්‍රිරෝද රථයක නැඟ පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි
කොල්ලකරුවන් රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේදී එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ට නොපෙනෙන ලෙස කොල්ලකරුවන් දෙදෙනා පලාගොස් තිබූ බව පොලිසිය කියයි
කොල්ලකරුවන් දෙදෙනා පලා යන අවස්ථාවේදී අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් සැරයන්වරයෙකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කාන්තාවන් දෙදෙනකු මෙන්ම ප්‍රධාන ගේට්ටුවේ අධිකරණ සේවකයෙකුද රාජකාරියේ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි
පලා ගිය කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී මංගල දෙහිදෙණිය , පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහත්වරුන් ගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’චුට්ටියා’’ - ’’චුටියා’’ කැස්බෑව අධිකරණ භූමියේදී පලායති
visnu Thursday, 15 December 2022 02:35 PM
පොලිස් නිලධාරින් උසස්වීම් වලට සුදුසුයි. පොලිස් කොමිසම පවා සනාථකර තිබෙනවා.