නැගෙනහිර නිවාස 86ක් වැනසිලා ජල ගැලීම් හා සුළි කුණාටු හේතුවෙන් නැගෙනහිර පළාතේ නිවාස 86 ක් සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති අතර නිවාස 2034 ක් අර්ධ හානියට පත්ව ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 09 December 2025
මත්තල ගුවන්තොටට වන ජීවී කාර්යාලයක් මත්තල ගුවන් තොටුපළට වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වූ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 09 December 2025
සමෘද්ධි බැංකු විගණනය විගණකාධිපතිට පවරයි සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ලබන වසරේ සිට විගණකාධිපතිවරයාට පවරා ඇත. 09 December 2025
නාවික හමුදාවේ පිරිසක් උසස්වීම් ලබති නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමාගාමීව නිලධාරීන් 17 දෙනකුට සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව නාවික හමුදාව පවසයි. 09 December 2025
පරිඝනක ඉංජිනේරුවා තැඹිලි පිහියෙන් ඇන තරුණයා මරලා තැඹිලි කපන පිහියකින් තරුණයකුගේ පපුවට සහ බඩට පිහිපහර 5 ක් ඇන ඝාතනය කලැයි පරිඝණක ඉංජිනේරු වරයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 09 December 2025
අල්ලස් දැලේ පැටලුණු විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක යළි රිමාන්ඩ් පුද්ගලික රක්ෂණ සමාගමකට අයත් වාහන සඳහා සක්‍යතා වාර්තා ලබාදීමට රුපියල් 6,415,050 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරව සිටින රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම මහතා 09 නියෝග කළේය. 09 December 2025
ගංවතුරේ කොල්ල කෑ 12ක් මාට්ටු අයහපත් කාලා ගුණය හේතුවෙන් පැවති ගංවතුව තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස වලට ඇතුළු වී දේපළ කොල්ලා කෑ බවකියන 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 09 December 2025
විනාශ වූ ආගමික ස්ථානවලට 25000ක් ආපදාවෙන් විනාශයට පත් වූ ආගමික ස්ථාන වෙනුවෙන් රුපියල් විසි පන් දහසක මූලික මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේය. 09 December 2025
ආපදාවෙන් නැතිවූ වාහන ලියකියවිලි හදන්න ජංගම සේවයක් ආපදාවෙන් විනාශ වූ හෝ අවස්ථානගත වූ වාහන ලිපි ලේඛන නැවත සකස් කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජංගම සේවයක් ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය 09 December 2025
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට යළිත් මේ දිනවල ඇද හැලෙන සුලු වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර ඇත. 09 December 2025
මත් සැකකරුවෝ 868ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 868ක් ඊයේ (8) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 09 December 2025
ආපදාවෙන් ජල මණ්ඩලයට කෝටි 500ක පාඩුවක් ආපදාව හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 500 ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස ,ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය. 09 December 2025
ඊච්චලම්පත්තු රෝහල විවෘත කරයි ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ නැගෙනහිර පළාතේ එකම ප්‍රාදේශීය රෝහල වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය රෝහලේ රෝගී සත්කාරක සේවා හා බාහිර රෝගී අංශ ප්‍රතිකාර අද (9) සිට යළි ආරම්භ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 09 December 2025
ආපදාවෙන් ගෙවල් 5000ක් සුනේ සුන් ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්වේ 09 December 2025
නාය මරණ ලියාපදිංචියට අලුත් නීතියක් එයි නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන සැකසූ ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 09 December 2025
කතරගම නව නිලමේ තිළිණ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස එහි වැඩ බලන බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න මහතා අද මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නිලවරණයේදී නිතරඟයෙන් තේරී පත්විය. 09 December 2025
’’නඩු දාන්න ඕන විපක්ෂයට’’ විපක්ෂය මෙවැනි කාලගුණ අනතුරක් කල් තියා දැක්කා නම් නොදන්වා සිටියේ ඇයිදැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රශ්න කළේය. 09 December 2025
’’රිවස්ටන්’’ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක් 36 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී (Singapore International Film Festival) ආසියානූ වෘතාන්ත චිත්‍රපට අංශයෙන් ඉදිරිපත් වූ, ශ්‍රී ලංකාවේ ’’රිවස්ටන්’’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායකට හොදම අධ්යක්ෂවරයාට හිමි සම්මානයත්, එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන් මහේන්ද්‍ර පෙරේරාට හොදම රංගනය වෙනුවෙන් පිරිනැමූ ’’සිල්වර් ස්ක්‍රීන් සම්මානයත්’’ (Silver Screen Award) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) රාත්‍රියේ පැමිණියහ. 09 December 2025
තැන් 15,000කට නාය රතු එළි නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. 09 December 2025
මේ අවුරුද්දේ ප්‍රතිපාදන හරවා එවන්න නම් එපා ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 09 December 2025
පේරා සරසවිය පෙරටත් වඩා හොඳට හදනවා ගංවතුරින් හානියට පත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. 09 December 2025
රජ දවස ඇළහැර අමුණ යළි හදති වසභ රජු තැනූ මහසෙන් රජු ප්‍රතිසංස්කරණය කළ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති ඇළ හැර අමුණේ ඉපැරණි ගල් බැම්ම කඩාගෙන යාමෙන් ඇළහැර ව්‍යාපාරය ඇතුළු කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ ආදී ජලාශ රැසකට ජලසැපයුම නැවතීමත් සමඟ යුද හමුදාව ගොවි සංවිධාන එක්ව ස්වේච්ඡාවෙන් බිඳී ගිය ඉපැරණි බැම්ම වෙනුවට තාවකාලිකව වැලි කොට්ට ගසා බැම්මක් බැදීමේ යෝධ ශ්‍රමදානය මේ වන විට ආරම්භ කොට තිබේ. 09 December 2025
ආණ්ඩුවේ අරමුදලට චන්ද්‍රිකාත් ආධාර කරයි හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රුපියල් මිලියන 250ක ආධාරයක් දුන්නේය. 09 December 2025
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් උතුර, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. 09 December 2025
ජපානයට සුනාමි තත්වයක් ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.6 අගයක් ගත් භූමි කම්පාවක් හට ගැනීමත් සමග හොක්කයිඩෝ පළාතේ උරකාවා නගරයට සහ අමෝරි පළාතේ මුට්සු ඔගවාරා වරායට සෙන්ටිමීටර 40 ක උසින් යුත් සුනාමි රළ කඩා වැදී තිබූ බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 08 December 2025
විදේශ ආධාර විපරමට රජයෙන් කමිටුවක් ආපදාවට ලක්වූවන් සඳහා ලැබෙන විදේශීය සහනාධාර අරමුදල් කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත 08 December 2025
පොදු ප්‍රවාහනය හරි යන දවස බිමල් කියයි පොදු ප්‍රවාහන සේවාව දෙසැම්බර් 31 වෙනිදා වන විට යථා තත්ත්වයට පත්කිරීම රජය බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 08 December 2025
ජපානයට භූමිකම්පාවක්: සුනාමි බියක් භූමි කම්පාවේ ප්රබලත්වයත් එය හටගත් ස්ථානයත් සැලකිල්ලට ගනිමින්, මේ වනවිට ජපානයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. 08 December 2025
ජනපති අවතැන් ජනතාවගේ දුක සැප බලන්න යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල ජනතාවගේ අවතැන් කඳවුරු වලට ගොස් ඔවුනගේ සැප දුක් විමසා බැලුවේය. 08 December 2025
ආපදා මරණ 635ට වැඩිවෙයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් ඊයේ(08) දිනය වන විට මරණ 635ක් සිදුවී 192 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 08 December 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026