
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේදී ශරීර පරීක්ෂාවට පවා ලක් නොවූ විශාල පිරිසක් ඒ අවට රැඳී සිටි බවත් මේ පිරිස අතරින් ත්‍රස්තවාදියෙකුට පැමිණ රාජපක්ෂ මහතාට කිසියම් හෝ අනතුරක් කිරීමට හැකියාව තිබූ බවත් ඔහු සඳහන් කළේය.
මහින්ද මහතා අල්ලස් කොමිසමට කැඳවූයේ එවැනි අනාරක්ෂිත වටපිටාවක බවද මනෝජ් ගමගේ මහතා පැවසීය.
එල්ටීටීඊ සංවිධානය ඊනියා යුධ විරුවන් සමරන මාසය එළඹ තිබියදී එවැනි අවස්ථාවක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරු කිරීමට යම් යම් පිරිස් උත්සාහ දැරිය හැකි හෙයින් ඒ ගැන රජය අවධානයෙන් පසුවිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක බටයන් සංඛ්‍යාවද වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු අඩු කෙරුණු බව ඔහු සිහිපත් කළේය.
සැකකටයුතු මරණ සිදුවන අවස්ථාවක තමන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවද අවිනිශ්චිත තත්වයක් මතුව ඇති බව ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරම් බය නම් කරන්න ගොඩක් දේවල් තියෙනවා ගොබ්බයින්ට මාරුවෙන් මාරුවට වඩාගන ඉන්න. කැමති අයට ගෙදර අරන් ගිහින් බලාගන්න පුළුවන්... හොරකම් කරපු රත්තරන් ඕනෑතරම් තියෙනවා මයිනි ළග. කුඩුවක් හදලා ඇතුලට දාලා ලොක් කරන්න. හිර ගෙවල්වලට යනවා එක එකාව බලලා එන්න නැත්නම් එවයි බය. නාමල් බේබිව ජනධිපති කරන්න කට්ටිය ප්ලෑන් කරලා මරලා කෝලාහලයක් ඇති කරන්නත් පුලුවන්. එල් ටි ටී කියන්නේ ගැරඩි මරණ ජාතියක් නෙමේ. ඔයිට වැඩිය දරුණු රටවල ජනාධිපතිලා ගෙදර ඉන්නේ සාමාන්‍ය විදියට නාකි මයිනා මැරෙන්නේ කප්පම් ගත්තු අයගෙන් ඒ මිනිසුන්ව ඒ තත්වය පත් කෙරුවේ නාකි මයිනාගේ මල පේරේත මොලේ නිසා ඕවාට කියන්න වචන නැහැ... තියෙන ආරක්ෂාවත් වැඩියි.. ඔයිට අසරණ ජනතාවට උද්ව් ඕනෑ වේලාවක් නාකිමයිනාට. අහාර මල්ලක් ගිහින් දෙන්න හැම මාසේම...
සෝම්බි අවතාරවලට බෝම්බයක් වැය කරන එක පාඩුයි නේද?
ඥාණක්කාගේ තෙල දාපු විෂ්ණුගේ බෝලේ මිරික මිරිකා ඉන්නකොට වෙඩි, බෝම්බ වදින්නේ නෑ...