(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද සියලු පහසුකම්වලින් සමන්විත ආසන 1000 කින් යුත් " අග්‍රා ශ්‍රවණාගාරය " විවෘත කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අභයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද සත් මහල් කාර්යාල සංකීර්ණයෙහි ඉදිරිපස බිම් මහලේ ඉදිකොට ඇති ශ්‍රවණාගාරය සදහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 715 කි.

වර්ග අඩි 15,000 කින් යුත් මෙම ශ්‍රවණාගාරය නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත වන අතර විශේෂිත ශබ්ද විකාශන පද්ධතියක් , ආලෝක පරිපාලනය, සුවිශේෂී ආසන , භාෂා පරිවර්තන පහසුකම් ආදියෙන් යුක්ත වන බවත් මෙය රැස්වීම් ශාලාවක් සහ රංග ශාලාවක් ලෙසින් භාවිතා කිරීමට හැකි පරිදි නිමවා ඇත.