(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස , එහි සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වීම සදහා , ලෝක චෙස් සම්මේලනයේ සභාපති " අරක්කඩි ඩුකෝවිච් " ( Arkady Dorkovitch) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය.

මෙම චෙස් තරගාවලිය 16 දින සිට ෙ26 දින දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550 කගේ සහභාගීත්වයෙන් කළුතර වස්කඩුව සීට්ට්‍රස් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය .‍ෙ

ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය , පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් සම්මේලනයේ සභාපති බරත් සිං මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.