ටිපර් රථයකට යටවී සිව්හැවිරිදි දරුවෙකු මරුට - කතක් රෝහලට
අම්පාර මහ රෝහල ඉදිරිපිට ප්රධාන මාර්ගයේ පදික මාරුව හරහා අද (22) දින ප.ව. 6.15ට පමණ ගමන් කරමින් සිටි සිව්හැවිරිදි පිරිමි දරුවෙකු සහ දරුවාගේ පුංචි අම්මා බව කියන කාන්තාවක් ටිපර් රථයකට යටවීමෙන්, දරුවා එම ස්ථානයේදීම මියගොස්, 27 හැවිරිදි පුංචි අම්මා බරපතල තුවාල ලබා රෝහල් ගතකල බව, අම්පාර පොලිසිය පවසයි.