(අංජුල මහික වීරරත්න සහ යොහාන් බාසුර )

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය,  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විස්ටර්ලන්තයේ  ජිනීවා හී දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගීවීම සඳහා   අද (15) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.

දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතිවරයා වන්නේ ද නලින්ද ජයතිස්ස මහතාය.

79 වන ලෝක සෞඛ්‍ය ලබන 22 දක්වා පදින 07ක් පැවැත්වේ. 

මෙම සමුළුවට සමඟාමීව පැවැත්වෙන සැසි ගණනාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්වීමට නියමිත අතර මැයි 18  ප්‍රධාන සමුළුව ඇමතීමට ද නියමිතය. 

මෙම සමුළුව පැවැත්වෙන කාලපරිච්ඡේදයේ සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්‍ය අමාත්‍යවරු සමඟ මෙන්ම නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණාවක් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වනු ඇත. 

අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්.ශ්‍රීධරන්, වෛද්‍ය සමිද්ධි සමරකෝන්, අධ්‍යක්ෂ සැලසුම් වෛද්‍ය ජානකී විදාන පතිරණ, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්ම මහත්මීහුද සමුළුව සඳහා සහභාගී වෙති.