කුණාටුවෙන් පසු මෙරට සංචාරයට ආ දැවැන්තයා මෙරට ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රී ලංකාව නැවත යථා තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්නුම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රථම වතාවට මේන් ෂිෆ්ට් 06 සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (02) කොළඹ වරායට සේන්දු විය. 03 December 2025
ත්‍රි’මලේ රෝහලට හදිසි ප්‍රතිකාර ඒකකයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2025
එළවළු මිල අඩුවෙලා දිවයින පුරා බලපා තිබූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට ගොවි බිම් හසු වී වළවළු වගාවන් විනාශ වී යාම නිසා පසුගිය දින කිහිපය තුල විශාල ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිළ අද (03 ) දා වන විට අඩු වීමට පටන් ගෙන ඇති බව ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයෝ සඳහන් කරති. 03 December 2025
ජලසම්පාදන අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2025
ආධාර රැගත් තවත් යානයක් කටුනායකට ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී සිටින ආපදා තත්වයෙන් මුදවා ගැනීම සදහා අවශ්‍ය උපකරණ සහ පුහුණු භටයන් රැගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් , සිය සිව් වන ආපදා ආධාර රැගත් ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . 03 December 2025
රාසමාණික්කම්ගේ මාස දෙකක මන්ත්‍රී වැටුප විපතට පත්වූවන්ට දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතාගේ මාස දෙකක වැටුප ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට නිවාස සාදා ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර ඇත. 03 December 2025
ඉස්මායිල්ගේ පුටුවට තාහිර් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා නෙයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර ඇත. 03 December 2025
විල්පතට පත් වූ අය සිහිකර මැති සබේ නිහඬතාවක් ආපදාවෙන් මිය ගිය අය සහ විපතට පත් වූ අය සිහිකර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කළහ. 03 December 2025
සුරක්ෂිත මධ්‍යස්ථානයක සිටි 29ක් රෝගී වී රෝහලේ දිට්වා සුළි කුණාටුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව බෝම්රිය කනිටු විද්‍යාල සුරක්ෂිත මධ්‍යස්ථානයේ රඳවා සිටි ළමුන් 15 දෙනෙකු ඇතුළු 29 කු හදිසියේ රෝගී වී ඊයේ (2) රාත්‍රි රෝහල් ගත කළ බව නවගමුව පොලිසිය කියයි. 03 December 2025
තවත් අරාබි සහන යානා දෙකක් දිවයිනට මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තවත් මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා විය. 03 December 2025
අදත් තැනින් තැනට වැසි උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2025
බිඳ වැටුණු සන්නිවේදන ජාල හෙට වෙද්දි හදන්න පුළුවන් ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. හතා සඳහන් කළේය. 03 December 2025
‘‘දිට්වා‘‘ කුණාටුවෙන් දරුවන් 2,75,000 පීඩාවට ‘‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ගංවතුර සහ නායයෑම්වලින් දරුවන් 275,000 ක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙරට නියෝජිත එමා බ්‍රිග්හැම් ප්‍රකාශ කළාය. 02 December 2025
යළි වැස්සොත් කදුකරයට නැවතත් දැඩි අවදානමක් දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 02 December 2025
කුට ලෙස විවිධ මුහුණු ගනිමින් සොරා කෑ පුද්ගලයෙක් අල්ලයි වසර 23ක කාලයක සිට විවිධ තරාතිරම් ස්වරෑප ඔස්සේ පෙනී සිටිමින් රුපියල් මිලියන 1000 ක පමණ වාහන සොරා ගැනීම්, මුදල් වංචා කිරීම් ඇතුළු අපරාධ රැසක් සිදුකර පොලිසි රැසකට කට්ටි පනිමින් , නම් දහයකින් පෙනී සිටිමින් භාෂා 7 ක් හැසිරීමේ ප්‍රවීණතාවයක් තිබෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 02 December 2025
ඉන්දීය ආධාර ගුවන් යානයක් කටුනායකට ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ අංග සම්පූර්ණ ජංගම ආරෝග්‍යශාලා දෙකක් රැගෙන ඉන්දීය ආපදා ආධාර ගුවන් යානයක් අද (12) දින පස්වරු 05.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 02 December 2025
’දිට්වා’ නිසා ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්නේ නෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැදිකාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වෙනස් නොකරන බවත් මැදි කාලීනව සියයට 7 ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ(02) ප්‍රකාශ කළාය. 02 December 2025
පෝදා අ‘පුර වන්දනාවේ එන්න එපා පසු ගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දුර බැහැර සිටින සැදැහැවතුන් අනිද්දා (4) උඳුවප් පොහෝ දිනයේදී අනුරාධපුර වන්දනාවේ නොපැමිණෙනවානම්, එය වඩා සුදුසු බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමිපාණන් පැවසූහ. 02 December 2025
නැගෙනහිර වගා හෙක්ටයාර ලක්ෂයක් ඉවරයි නැගෙනහිර පළාතේ වගාව බිම් හෙක්ටයාර් ලක්ෂයකට වඩා ආපදාවෙන් විනාශ වී ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවැසීය. 02 December 2025
ශ්‍රී ලංකා - පාකිස්තාන් විස්සයි20 තරගාවලියක් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය දඹුල්ලේදී ලබන ජනවාරි මස 7 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) නිවේදනය කළේය. 02 December 2025
විදුලි පාරිභෝගිකයන් සියයට 30 කට හානිවෙලා අපදා තත්වය හේතුවෙන් මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 30 ක් පමණ බලපෑමට ලක්ව ඇති බවත් එහිදී ඌව පළාතට විශාලතම හානිය වී ඇති බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (2) පැවසීය. 02 December 2025
අරාබි ආදරය රැගෙන දෙවන යානයත් එයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් දෙවැනි ගුවන් යානය බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලඟ විය. 02 December 2025
ඩෙංගු-චිකුන්ගුන්යා මරුවා ගැන අනතුරු අඟවයි ගංවතුර කෙමෙන් බැස යාම සමග ඉතිරි වූ ප්ලාස්ටික්,පොලිතින්,කුඩා භාජන හා අනෙකුත් ජලය රැඳෙන ස්ථාන අශ්‍රිතව මදුරුවන් බෝ විය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. 02 December 2025
ජාතික උද්‍යාන 4ක් හෙට ඇරේ අයහපත් කාලගුණික තත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් හෙට (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත. 02 December 2025
සුළි කුණාටුවක් ඇතිවන බව කිව්වේ නෑ සුළි කුණාටුවක් ඇතිවෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක රජයට දැනුම් දීමක් කර නැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය 02 December 2025
බදු පැහැර හරින්නන්ට නරක ආරංචියක් ශ්‍රී ලංකාවේ විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
ලිට්රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් දෙන ප්‍රසම්පාදනය පිරිනමයි ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
4 දා ඉදන් වැස්ස වැඩි වන ලකුණු ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කෙරෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 December 2025
රාජ්‍ය ආයතන රැසක ලියැකියවිලි වතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් සියයට අනුවක් පමණ පසුගිය දිනවල ඇති වූ කාලගුණික විපතින් කුමන ආපදාවකට හෝ ගැටලුවකට මුහුණ දී සිටින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 02 December 2025
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී... 13 March 2026