තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද (19) සිදුවූ දුම්රිය පිලී පැනීම හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 October 2025
අවිස්සාවේල්ලේ දුම්රියක් පීලිපනී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරු 4.00 ට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රිය පස්වරු 6.45 ට පමණ කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පිළී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 19 October 2025
පොලිස් පොඩ්ඩාට පෙනී සිටි තාරක නීතිඥ සංගම් කමිටුවෙන් යයි ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතා එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. 19 October 2025
ගම්පොළ සමූපකාර බලය පොදු විපක්ෂයට සීමාසහිත ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිති නිලවරණය සඳහා ඉදිරිපත් වූ එකාබද්ධ පොදු විපක්ෂයේ සාමාජිකයෝ එහි බලය තහවුරු කරගනු ලැබූහ. 19 October 2025
බටුවත්තේ දී බසයක් පෙරළේ බාල දක්ෂ කඳවුරකට සහභාගීවී යළි නිවෙස් බලා යමින් සිටි පාසල් සිසු සිසුවියන් ඔවුන්ගේ මව්පියන් සහ පාසල් ගුරුවරියන් රැගත් පෞද්ගලික බස් රථයක තිරිංග හදිසියේ අක්‍රියවීමෙන් රාගම බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී සිදුවීමට ගිය මහා අනතුරක් එම බස් රථයේ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් වැළකී ගිය බව පොලිසිය කියයි. 19 October 2025
වායු රයිපලයෙන් පියා පුතාට වෙඩි තියලා වායු රයිපලයකින් පුතා වෙඩි තබා ඝාතනය කිරිමට තැත්කළ ආඩිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි පියකු අත් අඩංගුවට ගත් බව පල්ලම පෙලීසිය කියයි. 19 October 2025
දුම්රිය මඟ නාය යයි:සැප දුම්රියක් පීලි පනී මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගය නාය යාමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 19 October 2025
ජී.රාජපක්ෂගේ ගේ බලන්න නි.ඇමති යයි කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි ප්‍රශ්න ගත ජී. රාජපක්ෂගේ නිවස බලන්නට නිවාස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා එහි ගියේය. 19 October 2025
ලූවර් කෞතුකාගාරයට හොරු පනිති මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි තිබූ නැපෝලියන් සහ ප්‍රංශ අධිරාජිනියගේ මිලකළ නොහැකි ආභරණ එකතුවකින් ආභරණ නවයක් මංකොල්ල කෑමත් සමග එම කෞතුකාගාරය වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ. 19 October 2025
විල්පත්තු ගිය පිරිසක් ජලයට කොටුවෙලා විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරයට පැමිණි සංචාරකයන් පිරිසක් ජලයට කොටුවී සිටියදී වනජීවි නිළධාරීන් හා සපාරි රථ එක්ව බේරා ගත් බව එළුවන්කුලම වනජීවි කාර්යාලය පවසයි. 19 October 2025
උසාවිවල නඩු බඩු ‘සුද්දයක්’ අධිකරණවල ගොඩ ගැසී පවතින නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් මස 31 වැනිදාට පෙර නිෂ්කාෂණ කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිලධාරීන්ට දැනුම් දී ඇත 19 October 2025
පළාත් ඡන්දෙට සජබ යූඑන්පී එකමුතු ලැයිස්තුවක් පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්පී පෙරේරා මහතා පැවසීය 19 October 2025
පාතාලකරුවන් කොටු කරන්න ගුවන් නාවික මෙහෙයුමක් පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට පැන යෑමට සහ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් සඳහා නිතර යොදා ගන්නා බවට රජයේ බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගනු ලැබ ඇති යාපනය හලාවත දෙවුන්දර ඇතුළු මුහුදු මාර්ග පහක් ඉලක්ක කර ආරක්ෂක මුරකාවල් දැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත. 19 October 2025
මැලේරියාව යළි අවදානමක්:රෝගීන් 35ක් හමුවෙලා මේ වසරේ ගෙවුණු කාලයේදී මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි. 19 October 2025
කාදිනල්තුමාගෙන් අනිත්‍ය කතාවක් ’’පල්ලි ගොඩනැගිලි හදලා වැඩක් නැහැ. ඔක්කොටම කලින් අපි හැදෙන්න ඕන’’ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසූහ. 19 October 2025
දුම්රිය ගාඩ් සංගමයෙන් රතු එළියක් සිය ඉල්ලීම්වලට විසදුම් කඩිනමින් ලබාදීමට රජය පියවර නොගතහොත් දැනට කරගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි 19 October 2025
වියදම් වාර්තාවෙන් කට්ටි පැන්න අපේක්ෂකයෝ 2000කට නඩු පසුගිය මැතිවරණවලදී වියදම් වාර්තා නුදුන් අපේක්ෂකයන් දෙදහසකට පමණ එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත. 19 October 2025
දරුණු අපරාධකරුවෝ 826ක් එල්ලුම් ගහ ළඟ මිනීමැරුම් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණු 826 දෙනකු බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2025
මාලිමාවත් ගොවියා මංමුලා කළා මාලිමා ආණ්ඩුවත් ගොවියා මංමුලා කර දැමූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 19 October 2025
බාලේ සිට සතුටින් ඉන්න හැටි කියන්න වැඩක් අරඹයි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න නමින් ජීවිතයේ සියලු අදියර වල පුර්ණ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් අරඹා ඇත. 19 October 2025
හිරවුණු ලුණු රට පටවන්න නියෝගයක් ගැටළු සහගත කරුණු හේතුවෙන් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගය ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තුව එම ආනයනකරුවන්ට දැනුම් දී ඇත. 19 October 2025
සුව ඇමති බදුලු රෝහලේ හදිසි නිරීක්ෂණයක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයකට එක් විය. 19 October 2025
පොලිසියට බැටන් පොලු 3000ක් පොලිසියට බැටන් පොලු තුන්දාහක් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇත. 19 October 2025
පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස් වාර්තාව අනිවාර්යයි ඉදිරි මැතිවරණ වලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදි වලට සම්බන්ධද? නැද්ද?යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 19 October 2025
ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිටවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2025
පොන්නි සම්බා ආනයන ගැසට්ටුව නිකුත්වේ පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත 19 October 2025
පළාත් ඡන්දය: මැකෝගේ අලුත්ම කතාව පාර්ලිමේන්තුවෙන් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය 19 October 2025
කන්ටේනර් පැන්නීම හොයන්න විශේෂ කාරක සභාවක් වරායෙන් කන්ටේනර් 323ක් නීති විරෝධී ආකාරයෙන් පිට කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. 19 October 2025
පුතාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ පියා අත්අඩංගුවට පල්ලම මදවක්කුලම කම්මන්දළුව ප්‍රදේශයෙ පියෙකු තම පුත්‍රයාට වායු රයිපලක් යොදා ගනිමින් කළ වෙඩි තැබිමේන් තුවාල ලැබු පුතා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති බව කියයි. 19 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026