කරාපිටිය රෝහලේ ගිලන් රථ හයක් ලෙඩ වෙලා කරාපිටිය රෝහලේ ගිලන් රථ 11න් වැඩ කරන තත්ත්වයේ තිබෙන්නේ පහක් පමණක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 21 October 2025
අමාත්‍යංශ කීපයක විෂය පථ ගැලවෙයි: ජනපතිගෙන් ගැසට්ටුවක් අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන් මෙන්ම දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ අැත 21 October 2025
තම්මිට සුමිත්ගේ ගෝලයෝ දෙකක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ගම්පහ, තම්මිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කසුන්‘ නැමැත්තාගේ නිවෙසට ඉදිරිපිටට පැමිණ අහසට වෙඩි තබා තර්ජනය කළ බව කියන සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තම්මිට සුමිත් නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි. 21 October 2025
රට පුරා ගුරු පුටු 36,178ක් හිස් දිවයින පුරා ජාතික සහ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අැමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසුවාය 21 October 2025
රාජ්‍ය සේවයේ ලොක්කන්ට කෘත්‍රිම බුද්ධිය උගන්වයි රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 21 October 2025
හෙට රෝස පාට අදින්නැයි මන්ත්‍රිවරියන්ගෙන් ඉල්ලයි ලෝක පියයුරු පිළිකා මාසය නිමිත්තෙන් එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට හෙට (22) පැමිණෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලු මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක් කරයි. 21 October 2025
දොස්තරලගෙ ස්ටිකර් ගලවන්නේ නෑ නීතීඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහන වල අලවා ඇති ස්ටිකර් ඉවත් කිරීමේ කිසිම තීරණයක් රජය විසින් ගෙන නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2025
මැතිසබේ හිංසන සිද්ධිය: මහලේකම්ගෙනුත් අලහප්පෙරුම කමිටුවට කටඋත්තරයක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුව ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 21 October 2025
කළුතර රෝහලේ ඖෂධ සීයක් හිඟයි අද වනවිට කළුතර මහා රෝහලේ ඖෂධ සීයක් හිඟ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2025
ගජ මුතු විකුණනන්න ගිහින් පොලීසියට මාට්ටු රුපියල් ලක්ෂ හැත්තෑවකට අලෙවි කිරීම සඳහා දඹුල්ලට රැගෙන විත් තිබූ ගජ මුතු දෙකක් සමඟ සැකකරුවෙකු ඊයේ (20) සැකපිට අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 21 October 2025
අඩු මිලට ඖෂධ දෙන්න පියවරක් තබයි උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 October 2025
ගංවතුර ආපදාවට දායකත්වය දෙන්න විපක්ෂයත් සූදානම් ආපදා තත්වය වර්ධනය වන හෙයින් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්දැයි ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 21 October 2025
මත්ද්‍රව්‍ය ජාවාරමක හමුදා භටයෙක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්දයෙන් සැකපිට ගුවන් හමුදා භටයකු වැල්ලව තණමල්ගම ප්‍රදේශයේදි අද (20) දා සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශය කියයි. 21 October 2025
එජාපය අලුත් තනතුරක් පිහිටුවයි වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 21 October 2025
පළාත් සභා ගැන රජයෙන් තීරණයක් වසර 07ක් කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේදී ස්ථිරයෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවැසීය. 21 October 2025
කපා කොටා එක්දරු පියා මරලා කිලිනොච්චිය අක්කරයන් පොලිස් වසමට අයත් ස්කන්දපුරම් ඊච්චන්කුලම්හි දී තරුණයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 21 October 2025
ඝාතනයකට සම්බන්ධ 4ක් අල්ලයි ලබාගත් මත්කුඩු වලට මුදල් නොදීමේ සිද්ධියක් මුල් කරගෙන මුහුණු ආවරණය කරගෙන රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසකට කඩා වැදී සූදු සෙල්ලම් කරමින් සිටිි පුද්ගලයකු නිවසින් පිටතට ඇදගෙන ගොස් තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පිරිසෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 21 October 2025
ඕ.අයි.සී ගේ අවවාදය පී.සීට අජීරණයක් වේ ගොතටුව පොලිස් ස්ථානයේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරඹමින් රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා කරුණු විමසා අවවාද කළ අවස්ථාවේ ඔහු ස්ථානාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පොලිස් ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. 21 October 2025
වායුගෝලයේ වෙනසින් මිලි මිටර් 100ක තද වැසි දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 21 October 2025
ගුවන් යානයක් ලිස්සා ගොස් මුහුදට වැටේ හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බෑමට ගිය තුර්කි ඇක්ට් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ලිස්සා ගොස් මුහුදට වැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 20 October 2025
ක්‍රිකට් තරගය අස්සේ දුරකතන උස්සලා අකුරණ හතේ කණුව ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරඟයක් සඳහා මාතලේ ප්‍රදේශයේ සිට පැමිණ සිටි ක්‍රිකට් කණ්ඩායමක තරුණයන් පරිසකට අයත් රුපියල් 5,85,000 ක් පමණ වටිනා ජංගම දුරකථන අටක් සොරකම් කර එයින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා දුරකථන දෙකක් රුපියල් අට දහසකට විකුණා කුඩු ගැසූ සැකකරු ඇතුළු තිදෙනකු අලවතුගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 20 October 2025
රුහුණු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හය දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 20 October 2025
එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සැසියේ ඇරැඹුමට වසන්ත යයි ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) දින සහභාගී විය. 20 October 2025
NLB ලොතරැයි යොදාගෙන වංචාවක් ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල වෙළෙඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් වංචනික ලෙස කරන ව්‍යාජ කැසිනෝ ව්‍යාපාරය සහ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සමඟ කිසිඳු ගණුදෙනුවක් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 October 2025
පොලිස් දඩ ඇප්වලින් ගෙවීම දකුණත් අරඹයි රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිසියෙන් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සදහා දඩ මුදල් Gov Pay හරහා ගෙවීමේ පහසුකම අද (20) සිට දකුණු පළාතේ ආරම්භ කළ බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ ඩිජිටල් කටයුතු පිළිබද කාර්ය සාධක බළකායේ සභාපති හර්ෂ පුරසිංහ මහතා පැවැසීය. 20 October 2025
ආබාධිතයන්ගේ රැකියා කෝටාව ඉහළට ආබාධිත අය රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ලබාදී තිබූ කෝටාව සියයට 4 දක්වා ඉහළ දැමීමට අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය. 20 October 2025
උසාවි ලේඛන කුරුටු ගෑ සිද්ධියට නීතිඥයකුගෙන් ප්‍රශ්න කරන්න යයි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සොයා ගැනීම සඳහා මාලිගාකන්ද උසාවියේ සේවය කරන නීතීඥවරුන්ගෙන් හා අධිකරණ සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව රහස් පොලිසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මියට දැනුම් දුන්නේය. 20 October 2025
මහබැංකු අධිපතිට සම්මානයක් මෙම වසරේ වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ’’ඒ ශ්‍රේණියේ’’ සම්මානය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනැමුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 20 October 2025
ඇමැති බිමල්ගේ නියෝගයට දුම්රිය ලොක්කන් පයින් ගහලා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය මැදිරිවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙසට දුම්රිය ප්‍රධානීන්ට මීට මසකට පමණ පෙරදී නියෝග කළත් තවමත් එම අඩුපාඩු එලෙසම පවතින බව මගීහු චෝදනා කරති. 20 October 2025
දුම්රිය රැසක් හෙටත් අවලංගුයි දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ හෙට (21) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 4 ක අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026