විපක්ෂයේ හිත රිදෙන්න හේතුව ලක්මාලි කියයි තමන් කරන්න හිටපු දේවල් මේ ආණ්ඩුව විසින් කරලා යැයි විපක්ෂයේ හිත් හොඳටම රිදී ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 11 November 2025
විශ්ව විද්‍යාල පනත සංශෝධනයට විශ්ව විද්‍යාල පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
ඇළ මාර්ග වෙනුවට නළ මාර්ග එයි ශ්‍රී ලංකාවේ වාරි මාර්ග අංශයට නව ප්‍රවේශයක් ලෙස, වාරි ජලය නළ මාර්ග මඟින් බෙදා හැරීමේ පද්ධති හඳුන්වා දීම පිණිස වන නියමු ආදර්ශ ආකෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
ලබන අවුරුද්දේ අල- ලූනු ප්‍රශ්නේ නෑ 2026 වසරේදී අල -ලූනු මිලදී ගැනීමේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 November 2025
ඉන්ධන දෙන්න ටැංකි ලොකු කරයි කොළොන්නාව නිමාවේ අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා ටැංකි ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
තලාව අනතුරේ බස් රියදුරු රිමාන්ඩ් තලාව ජයගඟ ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි මෙනවිය නියම කළාය. 11 November 2025
අලුත් දැනුම ගමට ගේන ’’විදාතා’’දියුණු කරයි විදාතා සම්පත් මධ්‍යස්ථාන සඳහා වන උපාය මාර්ගික සැලැස්ම - 2026-2030 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
තැන් 12කට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. 11 November 2025
ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ ආයතනයක් ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ලංකාවේ 28 වන ඒකාබද්ධ ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
ලංකාවට මෙට්‍රෝ බස් ජුනි මාසයේදී ලබන ජුනි මාසයේදී මෙට්‍රෝ බස් ගෙන්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 11 November 2025
මීගහකිවුල සභා අයවැය ජාජබ දිනයි ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය සභාපතිවරයාගේ තීරක ජන්දය භාවිතාකරමින් වැඩි ඡන්ද එකකින් (01) අද (11) සම්මත කර ගත්තේය. 11 November 2025
ආයෝජන ආරක්ෂණයට අලුත් පනතක් එයි ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
බන්ධනාගාරෙට වාහන 58ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බස් රථ, වෑන් රථ, ගලි බවුසර් සහ ට්‍රැක්ටර් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
චිත්‍රපට සංස්ථා පනත ’’මොඩ්’’ වෙයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
මත්තල ගුවන්තොටෙන් කෝටි 3936ක පාඩුවක් හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර හතේදි (2018 - 2024) රුපියල් කෝටි 3936ක පමණ පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 11 November 2025
යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගනයක් යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
සමුපකාර සංවර්ධන කොමසාරිස් වෙනස් වෙයි සමුපකාර සංවර්ධන කොමසාරිස්/ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
පවුල් සෞඛ්‍ය සේවා ගැටලු ලිහන්න තාක්ෂණ කමිටුවක් පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 11 November 2025
කන්දකැටිය අයවැය පරාදයි ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය වැඩි ඡන්ද හතරකින් (04) අද පරාජයට පත් විය. 11 November 2025
අයවැය ගැන විපක්ෂයට උගන්වන්න වෙලා අයවැය ලේඛනයක් කියන්නේ කුමක්දැයි විපක්ෂයට මුල සිට උගන්වන්නට සිදුවීම කණගාටුවට කරුණක් බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 November 2025
පොහොට්ටුවට දෙන කැබ් රථ තුන සෞඛ්‍ය අමාත්‍යංශයට පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්නට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදී පැවසීය. 11 November 2025
සුදු සැරයටි දිනයට පුරපතිනියත් දෑස් බැද සහභාගීවෙයි කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සුදු සැරයටි සුරක්ෂා දිනය නිමිතාකොට ගෙන දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට අද (11) සහභාගී විය. 11 November 2025
ලස්සන ජීවිතයක් දෙන්න ඇවිත් මිනිස්සු අසරණ කළා පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න ජන වරම් තුනකුත් අරගෙන අද නිර්මාණය කර තියෙන්නේ දුක් විදින රටක් අසරණ ජීවිතයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු අයවැය විවාදය අමතමින් පැවසීය. 11 November 2025
කන්ටේනර් කමිටුවට බාලගිරි දෝෂය කන්ටේනර් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය ලැබී මාසයක් ගත වී ඇතත් එම කාරක සභාව පිහිටුවීමට තවමත් නොහැකි වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 November 2025
හදවත් රෝගී දරුවන් පනහකට ඉන්දියාවේදී සැත්කම් මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහලේ දී (Amrita Hospital) හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි. 11 November 2025
මැතිසබයේ මුල් පුටුවලට අලුත් මන්ත්‍රීලා අටක් ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ සභාපති තනතුරු සඳහා නීතිඥ සාගරිකා ආතාවුද මහත්මිය සහ වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහත්වරුන් පත්කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 11 November 2025
දිල්ලි ප්‍රහාරයෙන් මියගිය ගණන 9 ක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ (10) රාත්‍රියේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් මියගිය ගණන මේ වනවිට නවය තෙක් ඉහළ ගොස් ඇත. පිපිරුමට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 20 ක් යැයි පැවැසෙයි. පුපුරා ගියේ කාර් බෝම්බයකි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ. 11 November 2025
දඹුල්ලේ විකුණන්න බැරි වට්ටක්කා වට්ටක්කා ගොවීන්ට අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ වට්ටක්කා මිලදී ගැනීමට වෙළෙන්දන් නොමැති වීම සහ සාධාරණ මිලක් නොමැතිවීම නිසා ගොවිහූ දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කියති. 11 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026