
ඉරාකයේ නව අග්‍රාමාත්‍ය අලී අල්සයිදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි.
ඉරාක නව අග්‍රාමාත්‍ය අලී අල්සයිදි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදියෙකි. අලී අල්සයිදි, අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ද ට්‍රම්ප්ගේ ආශිර්වාදය යටතේය.
ඉරාක නව අග්‍රාමාත්‍ය අලී අල්සයිදි ඇමෙරිකාවට ආ පළමු අවස්ථාව මෙයයි. මෙය ඔහුගේ පළමු විදෙස් සංචාරය ද වෙයි. අලී අල්සයිදි, ධවල මන්දිරයට පැමිණියේ ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුවය.
ධවල මන්දිරයට ආ ඉරාක අග්‍රාමාත්‍යවරයාට ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ට්‍රම්ප් මෙන්ම, අලී අල්සයිදී ද කෝටිපති ව්‍යාපාරිකයන්ය.
ඉරාකය සහ ඉරානය අතරේ මේ වනවිට සමීප මිතුදම් පවතී. ඉරාකයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් සටන්කාමී කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. ඔවුන් නිරායුධ කිරීම අග්‍රාමාත්‍ය අල්සයිදි පැවැරී ඇති ප්‍රධාන කාර්යයකි. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ අල්සයිදි අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd