(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ධාගරියන්  සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු විය.

මෙහිදී කථානායකවරයා  ශ්‍රී ලංකාව සහ රුසියා සමූහාණ්ඩුව අතර දශක ගණනාවක් පුරා පවතින සුහද සහ ශක්තිමත් මිත්‍ර සබඳතා සිහිපත් කළේය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් පිරීම ලබන වසරේදී සමරන බවද කතානායකවරයා කීය.

එමෙන්ම, ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාවට රුසියාව විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳ  කෘතඥතාව පළ කළ කථානායකවරයා, විවිධ ක්ෂේත්‍රවලදී රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති වටිනා දායකත්වය ද ඇගයීමට ලක් කළේය.