
(විමුක්ති එස් රුද්‍රිගු)
සිගරට් බදු කපා හැරීම හේතුවෙන් මෙම වසරේ පළමු දින 195 තුළදී රුපියල් කෝටි 920 කට වැඩි බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ඊයේ(14) ප්‍රකාශ කළේය.
එසේම සිගරට් බද්ද සියයට 67 දක්වා පහළ වැටුණු දින සිට මේ දක්වා රජයට රුපියල් කෝටි 2,646 කට වැඩි බදු ආදායමක් අහිමි වී ඇතැයි එම ආයතනය පැවැසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව සිගරට්ටුවක සිල්ලර මිලෙන් සියයට 75 ක ප්‍රතිශතයක් බදු ලෙස පැවැතිය යුතුය. අවසන් වරට ශ්‍රී ලංකාව මෙම නිර්ණායකය ආසන්නයට පැමිණ ඇත්තේ 2018 වසරේදී බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව 2018 වසරේදී සියයට 74 බදු ප්‍රතිශතයක් අයකර ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. ඉන් පසුව 2025 වසරේදී සිගරට් බදු ප්‍රතිශතය සියයට 67 දක්වා පහළ වැටිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් අනුගමනය නොකිරීමෙන් ශ්‍රී ලංකාව විශාල බදු ආදායමක් අහිමි කර ගන්නා බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් ශ්‍රී ලංකාව සෑම තත්පරයකම රුපියල් 547 ක බදු මුදලක් අහිමි කරගන්නා බවත් විනාඩියකදී රුපියල් 32,842ක බදු මුදලක් අහිමි කර ගන්නා බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. ඒ අනුව මසකදී රුපියල් කෝටි 140 ක බදු මුදලක් ශ්‍රී ලංකාව අහිමි කර ගන්නා බවද එම ආයතනය පෙන්වා දුන්නේය.
අහිමි කර ගන්නා බදු මුදල ලබා ගැනීම සඳහා රජය වහාම බදු සංශෝධනයක් සිදුකළ යුතු බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ තියෙන ශ්‍රී ලංකාවක් ගැනද මේ කියන්නේ? කවදාද අපි දන්න ශ්‍රී ලංකාවේ බදු කපා හැරලා මිල අඩු වුණේ?