ජනපති සංචාරක තෛපොංගල් උළෙලේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය. 16 January 2026
ඩුබායි සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් මෙරටට ගෙන එයි ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක , විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි . 16 January 2026
මව මරා බිරියටද පිහියකින් ඇන පොලීසියට බාර වෙලා අහංගම තිත්තගල්ල සන්තෝෂගමදි ඊයේ (15) රාත්‍රි පුද්ගලයෙකු විසින් 80 හැවිරිදි තම මවට පිහියෙන් ඇන නිවස තුලම ඝාතනය කොට බිරිඳට ද පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර ඇතැයි අහංගම පොලිසිය පවසයි. 16 January 2026
දෙහිවල වෙඩිතැබීම සම්බන්ධයෙන් තිදෙනකු අල්ලයි දෙහිවල,බෝධීය වත්ත,ශ්‍රී සරණංකර පාර ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරිමේ සිදුවීමට අදාලව වෙඩික්කරුට ආධාර අනුබල දුන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි 16 January 2026
ගල්අගුරු නැව් පරීක්ෂණ දෙකකින් ‘ෆේල්’ ගල් අඟුරු සම්බන්ධයෙන් ලක්විජය බලාගාර පර්යේෂණාගාරයේදී කෙරුණු පරීක්ෂණ දෙකකින් ඒවා අසමත්වී ඇතැයි විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය. 16 January 2026
නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට කුඩා ප්‍රංශ හමුදා කණ්ඩායමක් තොරතුරු එක් රැස්කිරීමේ මෙහෙයුමක් සඳහා පසුගියදා ග්‍රීන්ලන්තයට පැමිණියේය. 16 January 2026
අද වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 16 January 2026
වෙනිසියුලා විපක්ෂ නායිකාව ට්‍රම්ප් හමුවෙයි නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ වෙනිසියුලා විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 16 January 2026
දිට්වා හානිය ගැන සොයන්න අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට දිට්වා සුළි කුණාටුවෙන් මෙරට සිදුව ඇති හානිය ඇස්තමේන්තු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජුලි කොසැක් මහත්මිය අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. 15 January 2026
මොඩියුල සිද්ධියට ජාතික අධ්‍යාපනයේ හයක් සීඅයිඩියට හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 15 January 2026
ඇමති බංගලා 24ක් ආයෝජන මණ්ඩලයට තානාපතිලාට ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයටත් තානාපති කාර්යාලවලටත් ලබාදීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 15 January 2026
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී ඉරානයට පහර දෙන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන තර්ජන තාවකාලිකව නතර කර තිබෙන බවත් ඉරාන විරෝධතාකරුවන් ඝාතනය නොකරන බවට සහ අත් අඩංගුවට ගත් ඇතැම් විරෝධතාකරුවන්ට ලබාදී ඇති මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට ඉරානය ඇමෙරිකානු ජනපතිවරයාට සහතිකයක් ලබාදීම එයට හේතුව බවත් ’’ද ගාර්ඩියන්’’ පුවත්පත ප්‍රකාශ කළේය. 15 January 2026
විෂ මත නසන උතුරේ මෙහෙයුම හෙට අරඹයි විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට( 16) පස්වරුවේ පැවැත්වේ 15 January 2026
ඉරානයට උදව් කරන්න ඉරාකයෙන් තරුණයන් ඇවිත් විරෝධතා මැඩලීම සඳහා ඉරාන රජයට උදවු කිරීම සඳහා ඉරාක සන්නද්ධ කණ්ඩායම් ෂියා වන්දනාකරුවන් ලෙස ඉරානයට පැමිණ ඇතැයි ඇමෙරිකානු මීඩියාලයින් පුවත් සේවය වාර්තා කළේය. 15 January 2026
පොල් ගෙඩියක් වැටී කතක් මරුට පොල් ගෙඩියක් හිසට වැටීමෙන් රෝහල් ගත කළ හොරණ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ කාන්තාවක මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි. 15 January 2026
යුද ශක්තිය ඉහළ දමමින් චීනයෙන් නව උපකරණ 10ක් චීන හමුදාවේ යුද වැදීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ක්වොන්ටම් තාක්ෂණය සහ සුපිරි පරිගණකකරණය භාවිතයෙන් නව උපකරණ 10 ක් එරට හමුදාව අත්හදා බලමින් සිටින බවත් එමගින් යුද්ධයකදී බුද්ධි තොරතුරු කඩිනමින් ලබා ගැනීමටත් එම තොරතුරු ඉතා ඉක්මණින් අදාළ පාර්ශවයන් සමග බෙදා හදාගැනීමටත් චීන හමුදාවට හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 15 January 2026
සැමට අභිමානෙන් ඉන්න රටක් හදනවා කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 15 January 2026
බළංගොඩ කස්සප හිමි උපවාසය අත්හරියි ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින බලන්ගොඩ කස්සප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (15) පස්වරුවේ අත් හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ගග පවසයි . 15 January 2026
රාජු බණ්ඩාර ජීවන වේදිකාවෙන් බැස යයි ප්‍රවීණ ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගීව විසූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියෙහි පසු විය. 15 January 2026
ඊශ්‍රායලයට භූමිකම්පාවක් දකුණු ඊශ්‍රායලය උදෑසන රික්ටර් පරිමාණයේ 4.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් දෙදරා ගියේය. භූමිකම්පාවත් සමඟ මළ මුහුද ආශ්රිත ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වූ බව ද පැවැසෙයි. 15 January 2026
බොරු කී විපක්ෂ නායකයා ධුරයෙන් ඉවතට සිංගප්පූරුවේ විපක්ෂ නායක ප්රිටම් සිං එම ධුරයෙන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ප්රිටම් සිං විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කරනු ලැබ ඇත්තේ, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් විසිනි. 15 January 2026
සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් දඹුල්ලෙන් සුඛෝපභෝගී බස් රථයක සියලු පහසුකම් සහිත ‘‘බස්ටුරන්‘‘ නමින් දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් සහිත නව සංචාරක ව්‍යාපාරයක් අද (15) දින ආරම්භ කළේය. 15 January 2026
මන්නාරමේ සුළං විදුලිය අද සිට පද්ධතියට වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව සීලෙක්ස් පුනර්ජනනීය බලශක්ති සමාගම (CEYLEX Renewables) විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් ’මන්නාරම වින්ඩ්ස්කේප්’ (WINDSCAPE MANNAR) සුළං විදුලි බලාගාරයේ විදුලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අද (15)ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි. 15 January 2026
රිමාන්ඩ් කෙරුණු කස්සප හිමි මාරාන්තික උපවාසයක ත්‍රිකුණාමලය කොටුව වෙරළේ තාවකාලික ස්ථානයක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යාමේ දී සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියන් දානය වැළඳීම ප්‍රතික්ෂේප කරමින් අද පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි . 15 January 2026
කල්පනීගේ මරණය වේරගලගේ බාර ගනී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී ඝාතනයට ලක් වූ නිරෝධා කල්පනී නිවුන්හැල්ල මහත්මිය ඝාතනයට තමන් වරදකරු යැයි ඇයගෙන් වෙන් වූ සැමියා වන 37 හැවිරිදි තිසර වේරගලගේ අධිකරණයේදී පසුගියදා වරද පිළි ගත්තේය. 15 January 2026
එස්.පී.සී ලොකු ප්‍රගතියක් පෙන්වයි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (State Pharmaceuticals Corporation of Sri Lanka - SPC) 2025 වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කර ඇත. 15 January 2026
විදුලි සර වැදී සිදුවෙක් මරුට නිවසේ ඇති වතුර මෝටරය ක්‍රියාත්මක නොවීම නිසා එය පරීක්ෂා කරද්දී විදුලි සැර වැදුණු දොළොස් හැවිරිදි පාසල් සිසුවකු කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව කින්නියා පොලිසිය කියයි . 15 January 2026
එ’රාජධානියේ යුවළකගෙන් ලංකාවට පවුම් 2000ක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ, රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල පදිංචිකරුවන් වන රිචර්ඩ් වුඩ් යුවළ (Mr and Mrs Richard Wood) විසින් ස්ටර්ලින් පවුම් 2,000ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ. 15 January 2026
තෑගි දුන් වෛද්‍ය උපකරණ” 2000ක් රජයේ රෝහල්වල පුස්කයි පරිත්‍යාග වශයෙන් විදේශයන්ගෙන් ලැබුණු රුපියල් කෝටි ගණන් වටිනා විවිධ උපකරණ දෙදහසකට වැඩි ප්‍රමාණයක් මෙරට රෝහල් පද්ධතියේ පාවිච්චියට නොගෙන නිකරුණේ තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. 15 January 2026
උණ්ඩ සහ තහනම් පිහි සමග දෙකක් සැකපිට රත්මලානේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක සේවකයන් දෙදෙනකු නැවතී සිටි එම ආයතනයේ නේවාසිකාගාරයේ තිබී උණ්ඩ සහ තහනම් පීහි හමුවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 15 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026