දරුවන්ගේ කෑම සල්ලි හොරා කා පාටි දැම්මැයි විදුහල්පතිනිය වැරදිකරු වේ පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියළු චෝදනා තහවුරුවු බව උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා අද පැවසිය. 17 January 2026
අද වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 January 2026
රට වටා පාපැදි සවාරිය අද මහනුවරින් ආරම්භ වේ Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය මහනුවරින් අවසන් විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය කොළඹින් ආරම්භ විය. 17 January 2026
ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන විශේෂ විමර්ශන වෙරළබඩ ජින්තුපිටිය ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් වෙළෙන්දකු මියගොස් කුඩා දරු දෙදෙනකු බරපතල තුවාල ලැබීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි. 17 January 2026
ඉන්දියාවේ සර්වඥ ධාතූ ලංකාවට ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (16) පැවැත්විණි. 16 January 2026
පුද්ගලයකුට අමානුෂික වද දුන්නට පොලිස් පරික්ෂක වසර හතක් සිරගෙට පහරදී තුවාල සිදුකිරීම, කෘර ලෙස වධ හිංසා පමුණවීම යන චෝදනාවන්ට වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා වසර හතක සිර දඬුවමක් අද නියම කළේය. 16 January 2026
මත්තල අලුත් කරන වාර්තා සකසා අවසන් හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ආයෝජකයන් අභිලාෂ කැදවීමට අදාල වාර්තාව සකස් කර අවසන්ව ඇති බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. එම වාර්තාව ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 16 January 2026
ආයෝජන කලාපවල අක්කර 1834ක් කැලෑවට ඇරලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ආයෝජන කලාප දහසයේ අක්කර 1834ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑවට ඇර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 16 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තව ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා නව අධ්‍යාපන ප්රතිසංසංකරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 16 January 2026
යුරෝපා හමුදා ග්‍රීන්ලන්තයට ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් වරින් වර කරන තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් අමෙරිකාව සහ යුරෝපය අතර අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත. 16 January 2026
ජනපති නාග විහාරයට යයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද (16) පස්වරුවේ ගොස් නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ සිරිවිමල නා හිමි බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. 16 January 2026
ට්‍රම්ප් නොබෙල් තෑග්ග පිළිගනී වෙනිසියුලා විපක්ෂ නායිකා මරියා මචාඩෝ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්රදානය කළ ඇයට හිමිවුණු නොබෙල් සාම ත්‍යාගය බාර ගැනීමටත් සිය සන්තකයේ තබා ගැනීමටත් ට්‍රම්ප් කැමැත්ත පළ කර ඇත. 16 January 2026
මල් කැකුළක් කෙලෙසූ අයෙකු අත්අඩංගුවට වයස අවුරුදු 7ක් වූ පාසල් දැරියක් ඊයේ (15) දින දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලිසිය මගින් අද (16) සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. 16 January 2026
මොසාඩ් ලොක්කා ඇමෙරිකාවේ ඉරානය සම්බන්ධයෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවා ප්‍රධානී ඩේවිඩ් බර්නියා ඇමෙරිකාවට පැමිණ ඇත. 16 January 2026
විෂ මතට එරෙහිව රට වටා ආරක්ෂක වළල්ලක් හදනවා රට පුරා මහා ආරක්ෂක වළල්ලක් ලෙස කටයුතු කරමින් විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමට පෙරට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ දී ජනතාවට ආරාධනා කළේය. 16 January 2026
නෙවිල් වන්නිආරච්චි එරෙහි නඩුවට දින දෙයි උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ දේපළකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි කියන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක, ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි සැකකරුට එරෙහි පැමිණිල්ල ජුනි 19 දින යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (16) දින නියම කළේය . 16 January 2026
ජනපති නාගදීපයට යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නාගදීප රජමහා විහාරය වෙත ගොස් විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. 16 January 2026
බන්ධනාගාර හිටපු ලොක්කෙකුට වරෙන්තු ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හා පාතල කල්ලි සාමාජිකයක බන්ධනාගාර ගත ’’ආමි අසංක’’ නැමැති සැකකරුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ඉල්ලා ලක්ෂ තුනක මුදලක් බැංකු ගිණුමට දමා ගත්තේ යැයි කියන බන්ධනාගාර රෝහලේ හිටපු වැඩ බලන නියෝජ්‍ය අධ්යක්ෂ හා අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (16) වරෙන්තු නිකුත් කළේය. 16 January 2026
සැකකරුවකු හදුනාගන්න මහජන සහාය ඉල්ලයි දෙහිවල හෝටලයක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකු හදුනාගැනීම සදහා පොලිසිය ජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි. 16 January 2026
තෙන්ඩු කොළ සමඟ අයෙක් අල්ලයි තීරු බදු රහිතව ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට මෙරටට මුහුදු මගින් ගෙන ආ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා තෙන්ඩු කොල කිලෝ 10,863 ක ප්‍රමාණයක් සහ සැකකරුවකු මල්වාන ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි 16 January 2026
ප්‍රසන්නට විදෙස් තහනම ඉවත් කිරීම ගැන අධිකරණ සී.අයි.ඩියෙන් කරුණු විමසයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබානොගෙන තැරැව්කාර සමාගමක් මැදිහත් කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕසද මිගාරච්චි මහතා අද (16) නියෝග කළේය. 16 January 2026
කෙහෙළියට අධි චෝදනා ගොනු කරයි ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු නාමිකව බඳවාගෙන රජයට රුපියල් ලක්ෂ අසූවක් පාඩු කළේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් පවරමින් අධි චෝදනා ගොනුකළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (16) පැවසීය. 16 January 2026
’’උතුරේ නිවාස ප්රශ්නය මගේ කාලෙදිම විසඳනවා’’ පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර හෝ කවර ප්රදේශයකවත් කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය. 16 January 2026
විශ්ව විද්‍යාල පනතට ආංශික අධීක්ෂණ සභා අනුමැතිය විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි. 16 January 2026
මත් සැකකරුවෝ 975 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 975 ක් ඊයේ (15) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 16 January 2026
ජුලී- සජිත් හමු වෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung මහත්මිය අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. 16 January 2026
රට වටා පාපැදි සවාරිය ඇරැඹෙයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16) කොළඹින් ආරම්භ විය. 16 January 2026
වරදකරුවූ ක්‍රිඩකයාගේ විරෝධතාවෙන් මෝටර් රථ ත්‍යාග ප්‍රදානොත්සවය අත්හිටුවයි නීති විරෝධීව තරග කළේ යැයි වරදකරු වූ ක්‍රීඩකයෙකුගේ විරෝධතාවයක් පිළිබඳ සලකා බලමින් බොරලැස්ගමුවේදී අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත එස්.එල්.ඒ.ඩී.ඒ. මෝටර් රථ ශූරතාවලියේ ජයසංකේත ප්රදානෝතසවයේ ford laser/Mazda 1300cc ඉව්වේ ජය සංකේතත ප්රදානය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කළ ඇතැයි වාර්තාවේ. 16 January 2026
පොලිස් බව අඟවා ලැඟුම්හළක් අසල සිටි කතක් අත්අඩංගුවට පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇදුමකින් සැරසී ගිනි අවියක්ද අතැතිව පිටකොටුවේ ලැගුම්හලක් අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි කාන්තාවක් ඊයේ (15) දින සවස අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි 16 January 2026
ජනපති සංචාරක තෛපොංගල් උළෙලේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය. 16 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026