පාස්පෝට් කන්තෝරුව දිවා රාත්‍රී වැඩ විදේශ ගමන් බලපත්‍ර හිඟය සමඟ ඇතිවූ හදිසි අවශ්‍යතා සඳහා ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවට ඉතාමත්ම ක්‍රමවත් ආකාරයට විසඳුම් ලැබී ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා පත්කර ඇති කමිටුව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බවත් ජනතාව පවසති. 08 December 2024
ඖෂධ ලොක්කෙක් නිවාඩු යවයි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරි තුෂාර රණදේව මහතා ජාතික ඖෂධ නියාමනාධිකාරිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවනු ලැබ ඇත. 08 December 2024
දඹුල්ලේ වෙළඳපොලට පාලන මිලට සහල් දඹුල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකම අද (08) උදෑසන සිට පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු දැකගැනීමට හැකි විය . 08 December 2024
මුහුදේ පාවූ කේරළ ගංජා නාවිකහමුදා බාරයට නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 126 යි ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සිය භාරයට ගත බව නාවික හමුදාව සදහන් කරයි. 08 December 2024
පදවියේ ඝාතනය වැරදීමක් පදවිය පොලිස් බල ප්‍රදේශයට අයත් බලයාවැව සූරියවැව ප්‍රදේශයේ 74 හැවිරිදි තිදරු මවක වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වැරැදීමකින් බව අත්අඩංගුවට ගත් මෙම ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන යුද හමුදාවෙන් පලා ආ සෙබළාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවිණියැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 08 December 2024
මහාපරිමාණ මත් ජාවාරම්කරුවකුගේ ගෝලයෝ තුනක් මාට්ටු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයන් තිදෙනෙක් ලක්ෂ 90 කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බොරලැස්ගමුව, දෙහිවල සහ කොහුවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබූහ. 08 December 2024
ඝාතනයකට ඇවිත් දේපොළ කොල්ල කෑ 4ක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය කිරීම සඳහා වෙස් වලාගෙන පැමිණ එය ඉටු නොවූ තැන ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දනගස්වා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑ ඒ. එස්. පි. නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු ඇතුළු සිව් දෙනෙකු පැය කිහිපයක් තුළදී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි. 08 December 2024
විදෙස් පෙම්වතියට නිරුවත් වීඩියෝ යැව්වැයි තරුණයකු නිරුවත්කර පහරදීලා සිය විදේශීය පෙම්වතිය හා මිතුරු වී ඇයට වට්ස්ඇප් තාක්ෂණය හරහා අසභ්‍ය වීඩියෝ දර්ශන යවමින් සබදතාවක් පැවැත් වූ බව පැවසෙන තරුණයකු පැහැරගෙන ගොස් ඔහුව නිරුවත් කොට මරණීය තර්ජනය කරමින් අවස්ථා පහකදී රුපියල් තිස් අට දහසක් , ජංගම දුරකථනයක් කප්පම් ගත් බව පැවසෙන විදේශීය තරුණියගේ පෙම්වතා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 08 December 2024
කැරැලිකරුවෝ සිරියාව අල්ලති: ජනපති රටින් පනී සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බිඳ වැටුණි. 08 December 2024
සතොසට දිනකට පොල් ලක්ෂ 2 ක් සතොස හරහා දිනකට අළෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා හෙට (9) සිට වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. 08 December 2024
තේ පර්යේෂණ යන්තරේ හත් අවුරුද්දක්ම කොට උඩ තේ පර්යේෂණ මණ්ඩලය මගින් තේ පර්යේෂණ කටයුතු සඳහා රුපියල් 12,554,583 ක මුදලක් වැයකර ඉන්දියාවෙන් මිලදීගත් යන්ත්‍රයක් වසර හතක් තිස්සේ කිසිදු පර්යේෂණයකට යොදා ගැනීමට නොහැකිව නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 08 December 2024
හංවැල්ලේ පාතාල නායකයෙක් අත්අඩංගුවට ? හංවැල්ල කේන්ද්‍ර කරගනිමින් කප්පම් ගැනීම් සහ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයකු යැයි කියන අයෙකු විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 08 December 2024
හක්බෙල්ලන්-වාලම්පුරියක් විකුණන්න ගිහින් පොලිස් දැලේ රුපියල් ලක්ෂ 15 කට අලෙවි කිරීම සදහා සුදානම් වු වාලම්පුරීයක් හා සුවිශේෂ හක්බෙල්ලන් වර්ග කිපයක් සමඟ සැකකරුවෙකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 08 December 2024
පොළොන්නරුවේ සහල් මෝල් පාරිභෝගික අධිකාරියේ පරීක්ෂාවට පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. 08 December 2024
ඩිපෝ ආරක්ෂක ඝාතනයට මුදල් අයකැමි අත්අඩංගුවට නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියාගේ ගෙල කපා ඝාතනය කර එම ගොඩනැගිල්ලේ විවේක කාමරයේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදල් කොල්ල කෑ බව කියන එම ඩිපෝවේම මුදල් අයකැමි, රියැදුරකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගනු ලැබූහ. 08 December 2024
රියදුරන් මත් කර දේපොළ කොල්ල කෑ විදුලි කාර්මිකයා ඇතුළු 4ක් මාට්ටු කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැගී එහි රියදුරන් ට මත්වීමට යමක් ලබාදී ඔවුන් පැළඳ සිටි රන් ආභරණ සහ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් විදුලි කාර්මිකයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 08 December 2024
ගිනිකොණදිග සුළි කුණාටුවෙන් ඉදිරි දිනවල වැසි ගිනිකෝණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කාලපය ඉදිරිප පැය 24කදී බටහිට වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වාර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 08 December 2024
දකුණු කොරියා ජනපති ජාම බේරා ගනී දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව සභාගත කළ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. 07 December 2024
ඔරු පදින්න ගිය තරුණයකු දියේ ගිලී මරුට කතරගම පොලිස් වසමට අයත් සෙල්ල කතරගම ,අක්කර 20 වැවේ ඔරු පැදීමට මිතුරන් පිරිසක් සමග ගිය තරුණයෙකු අද (7) සවස 6 ට පමණ ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කතරගම පොලිසිය පවසයි . 07 December 2024
කෘෂි අමාත්‍යාංශය මහජන දිනයක් ප්‍රකාශයට පත් කරයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. 07 December 2024
සහල් ගැටළුවට ජනපති කෙවිට අතට ගනී නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය. 07 December 2024
කොරියන් ජනපති සමාව ඉල්ලයි හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් හිටිහැටියේ හමුදා නීතිය පැනවීම කළේ පසුගිය 10 වැනිදාය. එය ඔහුගේ පාලක පක්ෂයේ මන්ත්රීවර්රන්ගේත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේත් රටේ ජනතාවගේත් දැඩි විරෝධයට හේතුවිය. 07 December 2024
ලංකාවෙන් පිටමං කළ සල්ලි ගේන්න ඇමරිකා සහය වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා පවසයි. 07 December 2024
ව්‍යවස්ථාදායක සභාව පත්කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෝ නම් කරනු ලැබ සිටිති. 07 December 2024
ලොහාන් රත්වත්තේ රිමාන්ඩ් බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (7) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (9)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ කොල්ලූපිටිය පොලිසිය පවසයි. 07 December 2024
’’විදුලි ගාස්තු අඩු කරන්න මණ්ඩලය බෑ කියයි’’ වර්තමානයේ පවතින විදුලි ගාස්තුව ලබන වසරේ පළමු මාස හය තුළ ද පවත්වාගෙන බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 December 2024
කෝප් මුල් පුටුව ආණ්ඩුවට: කෝපා මුල් පුටුව විපක්ෂයට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් ) සභාපති ධූරය ආණ්ඩුවට ගැනීමටත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා ) සභාපති ධූරය විපක්ෂයට ලබාදීමටත් තීරණය කර ඇති බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය 07 December 2024
පරිසර සංවිධානවලට එරෙහිව විරෝධතාවයක් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී කෘෂිකාර්මික කටයුතු වලට හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතු බවට කළ ප්‍රකාශයට පරිසර සංවිධාන විසින් දැක්වූ විරෝධතාවයට එරෙහිව සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් විරෝධතාවයක් කෑගල්ල නගරයේ දී අද දින (7) පැවැත්විණි. 07 December 2024
මිලියන 55ක් වංචා කළ දොස්තර අත්අඩංගුවට පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනුලැබීය. 07 December 2024
යතුරු පැදිය මාර ගසේ වැදි දෙකක් මරුට දොඩංගොඩ නෑහින්න ප්‍රදේශයේ යතුරුපැදියක් මාර ගසක ගැටී දෙදෙනකු මියගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි . 07 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026