‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමඟ පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ වර්තමාන ආණ්ඩුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉතා පුළුල් අරමුණකින් සකස් කර ඇති බවත් එම වැඩසටහන සමග පුද්ගලික අංශය සම්බන්ධවීම ඉතා වැදගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. 16 May 2025
පාස්කු ප්‍රහාරයට සැක පිට සිටි 12ක් නිදහස් පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්රස්තවාදීන්ට හා ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දුන්නේ යැයි සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප නියම වී සිටි සැකකාරියන් 10 ක් හා සැකකරුවන් 2 ක් ඇතුළු 12ක් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝග කළේය. 16 May 2025
වරාය - ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු කඩිනම් කරයි ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන වරාය හා ගුවන්තොටුපොළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ‘ඊ’ ගේට්ටු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට තීරණය කර තිබේ. වරාය හා ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු ව්‍යාපෘතියේ විශේෂ කමිටු රැස්වීමක් වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි. 16 May 2025
රිලා සංගණනයට මාස දෙකයි-වාර්තාව හැංගිලා මෙරට භෝග වලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය සිදු කොට දෙමසක් පිරුණත් එහි කිසිදු සංගණන වාර්තාවක් මේ වනතෙක් පිටවී නැත. 16 May 2025
දේශබන්දු සඳුදා මැතිසභා කමිටුවට විෂමාවාර සහ ධූරයේ බලතල අනිසි අන්දමින් යොදාගන්නා ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුව විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව හමුවට ලබන 19 සඳුදා කැඳවා ඇත. 16 May 2025
කටේ හයිය තිබුණට පුංචි ආණ්ඩු වල බලේ පිහිටු වන්න බෑ කටේ හයියෙන් චන්ඩි කතාවලින් පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්නට බැරි බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 16 May 2025
’’කෝපි කාලේ’’ ආපහු ගේන්න ඕස්ට්‍රේලියාව අත දෙයි කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. 16 May 2025
අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අරඹා ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි. 16 May 2025
ට්‍රම්ප්ගේ 79ට ලොකු පාට්යක් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ 79 වැනි උපන්දිනය සහ ඇමෙරිකා හමුදාවේ 250 වැනි සංවත්සරය යේදී තිබෙන එළැඹෙන ජූනි 14 වැනිදා එම අවස්ථාවන් දෙක සැමරීම සඳහා පැවත්වීමට සැලැසුම් කර තිබෙන උත්සව සඳහා යන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1344 ක් පමණ) ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත අද වාර්තා කළේය. 16 May 2025
විදුලි සැරෙන් ගොවියාට දිවි අහිමි වෙයි විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනිමට උත්සහා කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි ගල්නෑව පොලිසිය කියයි. 16 May 2025
සබරගමු සරසවි සිසුන් යළි රිමාන්ඩ් නවක වදය නිසා සිතුතැවුලටපත්ව සියදිවි හානි කරගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු සිසුවාට නවක වදය දුන්නැයි කියන සිසුන් දස දෙනා යළි 29 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ මහේස්ත්‍රාත් බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළාය. 16 May 2025
ඇමති නලින්ද ඉන්දු ශ්‍රී ලංකා සංගමයේ මුල් පුටුවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දස වෙනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්විය 16 May 2025
ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කැඳවයි මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය. 16 May 2025
ලක්ෂ්මන් යාපාට-ආයෝජන මණ්ඩල හිටපු සභාපතිට අධි චෝදනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුභපැතුම් එක්කර ශ්‍රී ලංකාවේ පුවත්පත්වල දැන්වීම් පළ කරමින් රජයට පාඩුවක් කළේ යැයි කියන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ජේ ඉදිරිසිංහ, හිටපු අමාත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට යන අයට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා ගොනු කළේය. 16 May 2025
පුංචි සභාවල බලය පිහිටුවීමගැන විශේෂ සාකච්ඡාවක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ හෙට (17) සාකච්ඡා කිරීමට නියමිතය. 16 May 2025
ක්‍රීඩා ඇමතිට තවත් මුල් පුටුවක් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. 16 May 2025
මතට අබ්බැහි වු සෞඛ්‍ය සේවකයින් නිසා හෝමාගම රෝහල් කටයුතුවලට බාධා හෝමාගම මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ සෞඛ්‍ය සේවකයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවියේ නිරත සෞඛ්‍ය සේවකයින් සුළු පිරිසක් සිටින බවට ප්‍රදේශවාසීහු පවසති 16 May 2025
චාමර සම්පත්ගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය 16 May 2025
ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ඉවත්වෙයි පෞද්ගලික හේතුවක් මත තමා ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඇල්කඩුව වැවිලි සමාගමේ හිටපු සභාපති සිසිර විජේවර්ධන මහතා පැවසීය. 16 May 2025
බාල පොහොර හොයන මෙහෙයුමක් ප්‍රමිතියෙන් තොර පොහොර වෙළඳපොළේ ඇත්දැයි සෙවීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙහෙයුමක් ආරම්භ කර ඇත. 16 May 2025
රටක් දියුණු වන්නේ මිනිසුන් දෙන නිෂ්පාදන දායකත්වයෙන් රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 16 May 2025
ඉන්දු පාකිස්තාන සටන් විරාමය දීර්ඝ කෙරේ පාකිස්තානය සමඟ ඇතිකරගත් සටන් විරාමය, ලබන 18 තෙක් දීර්ඝ කිරීමටත්, ඒ අතර කාලයේ පාකිස්තාන රජයේ නියෝජිතයන් සහ පාකිස්තාන හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා සාම වැඩපිළිවෙළකට යෑමට හැකිවේවිදැයි බැලීමටත් කටයුතු කරන බව ඉන්දීය රජය පවසා ඇත. 16 May 2025
ජාතික වෙසක් සතිය අදින් අවසන් ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි. 16 May 2025
කැබ් රිය පෙරැළෙයි :දෙන්නෙක් රෝහලේ අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තට පෙරැලීමෙන් එම කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පැවසීය. 16 May 2025
ජුනි තිහට පෙර වත්කම් බැරකම් ඉල්ලයි වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී. 16 May 2025
එක්දරු මව පිහියකින් ඇන මරා දාලා මාතලේ උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී කිසියම් අයෙකු කාන්තාවකට පිහියෙන් ඇන මරා දමා ඇති බව පොලිසිය කියයි . 16 May 2025
කෝටි 21 ක රන් කටුනායකින් පන්නන්න බැරිවෙයි රුපියල් කෝටි 21 ක් වටිනා රන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සඟවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 16 May 2025
තැනින් තැනට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(16) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 May 2025
හසීනා බංග්ලාදේශයට එවන්න ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය .. 17 August 2026