IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දරුවන්ගෙන් සල්ලි එකතු කරන පාසල් ගැන හොයන්න විමර්ශන කණ්ඩායම්


(සුජිත් හේවාජුලිගේ)

රජයේ ඇතැම් පාසල්  සිසුන්ගෙන් විවිධ සැමරුම් උත්සව සඳහා මුදල් එකතු කරන බවට ලැබී ඇති පැමිණිලි  සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර  සෙනෙවිරත්න මහතා පැවසීය.

මවුපියන්ගෙන් එසේ මුදල් එක් රැස් කරන්නේ එවැනි කටයුතු නොකරන ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් තිබියදී බව  ඔහු සඳහන් කළේය. රජයේ පාසල්වල සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.



අදහස් (8)

දරුවන්ගෙන් සල්ලි එකතු කරන පාසල් ගැන හොයන්න විමර්ශන කණ්ඩායම්

Asela Sunday, 06 July 2025 02:40 PM

පාසල නඩත්තු කිරීම සඳහා සුළු මුදලක් පාහේ එකතු කරන ඉතා කැප වූ විදුහල්පතිවරු සිටිති. නමුත්, කීර්තිමත් පාසල්වල, එහි "මුදලාලි" සිටිති. ඉතින්, එම පාසල්වල සොරුන්ගේ ගුහාවක් විමර්ශනය කරන්න..

:       1       16

Pradeep Kumara Sunday, 06 July 2025 03:54 PM

මුදල් එකතු කරන පාසල් සොයනවාට වැඩිය ලේසියි මුදල් එකතු නොකරන පාසල් සොයන එක, මොකද දරුවන්ගෙන් එලෙස මුදල් එකතු නොකරන පාසලක් ලංකාවේ තිබේ දැයි සැක සහිතයි. ඉදිරියට රජයේ පාසල් වලට සිසුන් ඉදිරිපත් කරන එක සීමා වී පෞද්ගලික පාසල් වලට ඇති ඉල්ලුම වැඩි වේවි...

:       0       8

Thilakarahna bandara Sunday, 06 July 2025 03:58 PM

නියම වැඩක්...

:       0       9

Saman Dissanayake Sunday, 06 July 2025 06:23 PM

ලංකාවේ වැඩියෙන්ම අල්ලස් හා දුෂණය තියෙන්නේ පාසල් වල විශේෂයෙන් පළමු වසරට ළමයි ඇතුලත් කිරීමේදී. පාසල් සංවර්දනය සමිති සහ අධිසිස්ය නමින් අටවාගත් එක එක සමිති මගින් එක ඒක දේවල් කියා දෙමාපියන් ගෙන් සල්ලි ගසා කනවා. සමහරක් කොළබ සහ ජනපිය පාසල් වල මේක හොදටම තියනවා.ලක්ෂ 20,30 විදුහල්පති විසින් ඉල්ලා සිටිනවා. අර ගොඩනැගිලි හදන්න මේක වැඩේ කරන්න කියලා. බොරු බිල් දාල ගිණුම් හදලා සල්ලි ටික බෙදා ගන්නවා. මේක වහාම නතර කර යුතුයි. දරුවන්ගේ කෙලිම්ම සල්ලි ගන්නේ නෑ. ගුරුවරු විදුහල්පති ගේ ගෝලයෙක් පන්ති වලින් පත්කරනවා දෙමාපියෙක් එයා තමයි අනිකුත් දෙමාපියන් ගෙන් සල්ලි එකතු කරලා විදුහල්පති ට දෙන්න. හැම පන්තියකම ගෝලයෝ ඉන්නවා.

:       0       2

ලක්මාල් Sunday, 06 July 2025 06:25 PM

ඔය කොහොම කිව්වත් විදුහල්පතිලා සල්ලි එකතු කරනවා. එක පලාත් කාර්යාල වලිනුත් දන්නවා. දෙමව්පියො පලාත් එකට පැමිණිලි කරලා ගෙට්ටුවෙන් එලියට බහින්නත් කලින් කල පැමිණිල්ලයි කල කෙනයි ඔක්කොම විදුහල්පතිට කියලා ඉවරයි.

:       0       1

Dewa Monday, 07 July 2025 08:12 AM

ඇමතිතුමා, කරනවානම් ඔන්න වැඩක් .වැඩිපුරම ඔය ගමේ එක ඔයා මුදල් එක්කරන්නේ කොළඹ ලොකු පාසල්වල. ඕවට සමහර දෙමව්පියනුත් සම්බන්ධයි

:       0       4

KGCD Thushara Rathnayaka Tuesday, 08 July 2025 04:12 AM

සල්ලි වැඩිපුරම එකතුකරන පාසල් තියෙන්නේ රත්නපුර, නිවිතිගල අල්ලනවා නම් මල් මිටක් වැඩියෙන්ම වට්ස්ඇප් එක හරහා පාසල් වැඩපැවරුම් දාන්නෙත් නිවිතිගල...

:       0       0

Bunny Preena Tuesday, 08 July 2025 11:22 AM

ලංකාවේ මුලු පාසල් පද්ධතියම වෙලා ගත්තු භීතිකාවක්. සමහර ගුරු මණ්ඩල සාමාජිකයින් සහ දෙමව්පියන් මේවට සම්බන්ධයි. වහාම එම භීතිකාව නැති කර දමිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site