ෆුල්ෆේස් හෙල්මට් තහනම් නොකරන ලෙස ඉල්ලමින් පසුගිය මාර්තු 5 වැනිදා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පැවැත්වු උද්ඝෝෂණයේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව දෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර ලැබී ඇතැයි එම සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පවසයි. 
ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් එරික් වීර්වර්ධන මහතා ලිපියක් එවමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අධික කාර්යබහුලත්වය නිසා එම සාකච්ඡාව සඳහා ජනපති නියෝජනය කරමින් සාගල රත්නායක ඇමතිවරයා යොමු කරන බවත් එය පවත්වා ඒ පිළිබඳව වාර්තාවක් ජනාධිපතිවරයාට පිළිගන්වන බවත්ය.
ඒ අනුව එම සාකච්ඡාව අද (6) සවස 2ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.