(විනීතා එම් ගමගේ / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ආසියාවේ ඉහළම රෝගී සත්කාර සේවා සපයන ළමා රෝහලක් සේ ප්‍රකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි දියුනු කරමින් හෘද උරස් ප්‍රතිකාර හා දැඩි සත්කාර රෝගී සේවා සංකීර්ණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (2) පෙරවරුවේ මුල්ගල් තැබිණි.
රිජ්වේ ආර්යා ළමා රෝහල ඇඳන් 969 කින් යුත් තෘතියික සත්කාර සේවා සපයන රෝහලක් වන අතර එහි සියලුම වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර කෙෂත්‍ර වලින් යුක්තය. ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 380,000 දෙනාගෙන් 3000 ක් පමණ සංජානීය හෘද රෝග සහිතව උපදී.
එයින් 2500 ක් පමණ දෙනාට ප්‍රතිකාර අවශ්‍ය වේ. එහෙත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මෙවැනි සැත්කම් කළ හැක්කේ 1600 ක් පමණි. එයින් 900 ක් හෘද සැත්කම් වේ. 700 ක් කැතීටකරණ සැත්කම් වේ.
නව ප්‍රතිකාර සේවා සංකීර්ණය ආරම්භ වීමත් සමඟ හෘද සැත්කම් 2000 ක් ද කැතිටකරණ සැත්කම් 900 ක් ද සිදුකළ හැකි වනු ඇත. නව ගොඩනැගිලි සංකීර්ණය ආරම්භ කිරිීමෙන් පසු සියලු සේවා එම ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන යාමේ අරමුණක් ද ඇතැයි පැවැසේ.
ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මහත් උවමනාවක් තිබිණි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඇතුළු සාමාජිකත්වයේ සමඟ එක්ව පුංචි හදවත් ව්‍යාපෘතිය ඇරඹුනේ මේ වෙනුවෙනි. එයින් එකතු වූ ජනතා පරිත්‍යාග රුපියල් මිලියන 180 කි. රුපියල් මිලියන 2400 ක් වැයවෙතැයි ගණන් බලා ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා පරිත්‍යාග මුදල් හැර ඉතිරිය රජයෙන් වියදම් කරන සුදානමින් ඊට මුල් ගල් තැබිණි.
මේ අනුව රජය අනුමත ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වන මේ ගොඩනැගිල්ලේ බිම් මහළ හැරුණු විට තවත් මහල් 10 කි. මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය මෙහි සැලසුම් නිර්මාණය වියදම් ගණනය ආදිය සිදුකරන අතර ඉදිකිරීම් සිදුවන්නේ නාවික හමුදාවෙනි.
නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න, නියෝජ්‍ය ඇමති ෆයසිල් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස, ළමා රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව් කේ වික්‍රමසිංහ, ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.




2025 දෙසැම්බර් මස 04
536
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක්
wedage Monday, 02 October 2017 07:16 AM
මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය මෙඩිකල් ෆැකල්ටියේ බිල්ඩිම අතරමග නවතා ඇත. පරික්ෂාකාරී වීම අගනේය.