IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හංවැල්ල ද්විත්ව ඝාතනයේ සැකකරු වැලිකන්දෙන් අල්ලයි

 ( කේ බුද්ධික කුමාරසිරි )

හංවැල්ල වග වැළිකන්න ඉහල මාඹුල ප‍්‍රදේශයේ  පසුගිය  16 වැනිදා සිදු වූ ද්විත්ව ඝාතනය සිදු කළ බවට සැකපිට එම ඝාතනයෙන් මිය ගිය  කාන්තාවගේ සැමියා  පොලොන්නරුව වැළිකන්ද ප‍්‍රදේශයේදී අද (24)  දින සැකපිට අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී ඝාතනය සිදු කළ දින මධ්‍යම රාතී‍්‍ර 12 ත් අලුයම එකත් අතර කාලයේදී නිදා සිටි දෙදෙනාව මන්නයකින් කපා ඝාතනය කර නිවසේ දොර වසාගෙන පිටතට පැමිණ ලේ තැවුරුණ මන්නය විසිකර දැමූ බවත් පසුව එම අවස්තාවේදී සැකකරු යට ඇදුමක් පමණක් සහිතව සිටි බැවින් නිවස ආසන්නයේ නිවසක රෙදි වැළක වනා තිබූ ඇදුමක් හැඳ ඒ ආසන්නයේම නිවසක තිබූ මවුන්ටන් වර්ගයේ පාපැදියකින් කඩවත දක්වා ගමන් කළ බවත්  ඉන් අනතුරුව කඩවත ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට අදාල පාපැදිය රුපියල් දහසකට උකස් කර වැලිකන්ද ප‍්‍රදේශයට පලා යාමට කටයුතු කළ බව පැවසූ බවද පොලිසිය පවසයි.

පොලොන්නරුව වැලිකන්ද ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක සෝදිසි කිරීම්වල සිටි පොලිස් නිළදාරීන්ට මෙම සැකකරු පිළිබඳව සැක සිතී කළ  පරීක්ෂාවේදී මොහු පොලිසිය අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවට අනාවරණ වීමෙන් පසු සැකකරු තම බාරයට ගත් බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගැනීමෙන් පසු හංවැල්ල ප‍්‍රදේශයට රැගෙන ආ සැකකරු ඝාතනය කළ බව කියන මන්නා පිහිය සොයා ගැනීමට සැකකරු රැගෙන ගියද එය විසිකර දැමූ ස්ථානය සැකකරුට සොයා ගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි.

සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

මෙම ඝාතනය සිදු වූ නිවසේ නිදා සිටි 38 හැවිරිදි කාන්තාවක සහ 68 හැවිරිදි ඇයගේ මව තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් ඝාතනය කර තිබූ අතර 38 හැවිරිදි මවගේ මාස 02 ක් වයසැති  දරුවා පැය 15 කට ආසන්න කාළයක් නිරාහාරව අඩමින් සිටියදී අසල්වාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කර තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වග වැළිකන්න ඉහල මාඹුල ලිපිනයේ පදිංචිව සිටි දෙදරු මවක වන රණසිංහ ආරච්චිගේ මේරි නෝනා(68) සහ ඇයගේ දියණියක වන සෙනෙරත් ලියනගේ ලක්මිනි ශි‍්‍රයාකාන්ති (38) නැමැති එක් දරු මවක් වන අතර මොවුන් දෙදෙනාම මෙයට වසර කිහිපයකට පෙර විදේශ ගතව ගෘහ සේවයේ යෙදී සිට ඇතැයිද පොලිසිය පවසයි.



අදහස් (0)

හංවැල්ල ද්විත්ව ඝාතනයේ සැකකරු වැලිකන්දෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site