
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සියදිවි නසා ගත් බවට සැක කරන හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු සඳහා පොලිස් උත්තමාචාර හිමි නොවන බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් ආචාර ධර්ම අනුව සීය දිවි නසා ගැනීම්වලදී කිසිදු පොලිස් නිලධාරියකුට පොලිස් උත්තමාචාර හිමි නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මාලඹේ තලාහේන පරාක්‍රම මාවතේ පදිංචිව සිටි හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ ආරක්ෂාව සඳහා යොදා සිටි. පොලිස් සැරයන්වරයකු සතුව තිබූ ගිනි අවිය පරීක්ෂා කිරීමේ මුවාවෙන් ලබාගෙන වෙඩි තබාගෙන තිබූ බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී එම නිවසේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට අමතරව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ බාල පුතා පමණක් නිවසේ රැඳී සිට ඇතැයිද පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මරණය චූටි හො ඊට වඩා වීශාල රහස් කන්දක් මිහිදන් කිරීම සඳහා සිදුවූ අද්භූත එකක් බව පැහැදිලිවම පෙනෙනවා. එමගින් ආරක්ෂා වුන සමහරු දැනටමත් සව්දිය පුරමින් ජය පැන් බොනවා ඇත... ශ්‍රී ලංකාව රහස් රැකීමට සියදිවි නසාගැනීමේ හිණිපෙත්තෙ අගට ගොස් කප් ගසා ගන්නා දිනය වැඩි ඈතක නොවෙන්නත් පුළුවන් ...
වීවෘත තීන්දුවක් හෝ අවසන් කටයුතු කිරීමට පෙර මරණ පරීක්ෂණ කටයුතු අවසන්වී නැත්නම්, පොලිස් උත්තමාචාර ලබාදිය හැක. එසේ නොවන්නේ නම්, එය මරණකරුට කරණ අසාධාරණයකි. මිට කලින් ඔවැනි අවස්ථාවලදීත් සිදු කර ඇත්තේ ඒ ආකාරයටයි.