පාලිත ආරියවංශ සහ සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල බඹරකන්ද දිය ඇල්ල ප්‍රදේශයේ වංගෙඩිගල කන්ද නරඹා එහි කඳවුරු බැඳ සිට නැවත පිටත්වීමට නොහැකිව අතරමංව සිටි කොළඹ පුද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් 9 දෙනෙකු බේරාගැනීමට යුධ හමුදාව සමත් වී තිබේ.
හල්දුම්මුල්ල පොලිසිය මේ බව ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් ආර්.එච්.එච් .ඩයස් මහතාට දැනුම් දුන් පසුව ඔහුගේ උපදෙස් මත ආරක්ෂක බලසේනා මධ්‍යම බල ප්‍රදේශයට අයත් දියතලාව කඳවුරේ නිලධාරියෙක් හා සෙබලුන් 10 දෙනෙක් මෙම මුදවා ගැනීමේ මෙහෙයුමට පිටත්වු බව යුධ හමුදා නිලධාරියෙක් පැවසීය .
ඉකුත් 27 වැනිදා රාත්‍රී 11.30ට පිටත්ව පසුදා අලුයම 2.35 ට එම ස්ථානයට ලගාවී සිසුන් සියලුදෙනා නිරුපද්‍රිතව මුදවාගෙන හල්දුම්මුල්ල පොලිසිය වෙත බාරදුන් බව යුද හමුදාව පවසයි.







2025 නොවැම්බර් මස 04
380
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2167
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හල්දුම්මුල්ලේ කඳු මුදුනක අතරමංවූ 9 ක් යුද හමුදාවෙන් බේරා ගැනෙති
sam Thursday, 01 March 2018 12:48 PM
මහ මෝඩ කොල්ලෝ රැලක්. කවුද සෙරෙප්පු දාගෙන කඳු නගින්නේ? මෝඩ කමට බෙහෙත් නැහැ. මේ වගේ කට්ටිය තමයි අර සයිටම් එකේ වෛද්‍ය උපාධිය හැදෑරුවේ...
wimal Friday, 02 March 2018 04:18 AM
අපේ හමුදාවට මෙන්න මගේ උත්තමාචාරය! ක්ෂණිකව ක්‍රියාත්මක වීම අගය කරමු!
hasitha Friday, 02 March 2018 06:37 AM
බැරි වැඩ නොකරන් අඹරෝ කිව්වලු..
පිටිගල මිලානෝ Friday, 02 March 2018 09:08 AM
පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න අයගේ තරම පෙනෙනවා වැඩ වලින්ම. හල්දුම්මුල්ලේ කන්දක් නැගලා බැහැගන්න බැරිනම් සිරිපාදේ පළාතකවත් යන්න එපා. ගෙවල්වලට වෙලා දොරවල් වහගෙන ඉන්න. හමුදාවට වැයවුණු ශ්‍රමය සඳහා ඉන්වොයිස් පත්‍රයක් ගෙවල් වලට යවන්න.
කොඩ්ඩා Monday, 05 March 2018 06:49 AM
මල්ලි ෆේස් බුක් දාන්න කඳු නඟින්න එපා... මොකද වංගෙඩි ගල කියන්නේ පොඩි කන්දක්... හිතල අතරමන් වුණොත් ඇරෙන්න අතරමං වෙන්නේ නෑ. පොඩි පොඩි කල්ලි ෆේස් බුක් හින්දා කඳු නගින්න ගිය එකෙන් පරිසරයත් ඉවරයි. පරිසරය රසවිඳින්න යන කෙනෙක්ට යන්න නැතිවෙන එකයි වෙන්නේ...