(ටෝනි කරුණනායක)
නීත්‍යනුකූල නොවන විදෙස් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකකට වරද පිළිගත් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් ලක්ෂයක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියම කළේය.
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරින් විසින් නඩු පවරනු ලැබු මාතර දික්වැල්ලේ පදිංචි නිලන්ත කුමාර නැමති අයට මෙසේ දඬ නියම කෙරුණි.
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබු ගුවන් ගමන් බලපත්‍ර විනාශ කරන ලෙසට නියම කල මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ටාර්වරයාට දන්වනු ලැබීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පාස්පෝට් දෙකක් තියාගෙන ඉන්න අයට හිරේ තමයි යන්න වෙන්නේ.
අර ගමන් බලපත්‍ර කතාව ?????
එතකොට අර හටපු ඇමතිගේ නෝනා පොඩිත්ත?
එක චෝදනාවකට 5000 බැගින් ලක්ෂයක් ඒ කියන්නේ චෝදනා විස්සක්ද? ව්‍යාජ ගමන් බලපත්‍ර විස්සක්ද? මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ චෝදනා දෙකකට පන් දහස බැගින් කියලා.
අනේ මොනවා වෙනවද දන්නනේ නෑ
පරාජය දැනගෙන අවසාන මොහෙතේ රෙජීමයේ ලේකම් විසින් බැංකු කීපයකින් චෙක්පත් මගින් ජාතික මුදල් මිලියන 1200 ගණනක් ඇදගෙන අරලියමන්දිරයට දීලා නේද ? තවද එම ලේකම් විසින් ඔහු මාරුකරගෙන තිබෙන බැංකු තොරතුරු පරීක්ෂාවට ලබා නොදෙන්න කියා උසාවියෙන් ඉල්ලා ඇති ගෝඨා නියාය අධිකරණය විසින් නිෂ්ප්‍රභා කර සියලුම තොරතුරු සපයනු කියා නියෝග කර තිබෙන බවද දුටුවා .. එතකොට මේ ඇදගත් මුදල් මොවුන්ගේ අම්මා අප්පා තැන්පත් කල මුදල්ද ?මම කියන්නේ මේවා ජාතික අපරාධ මොවුන් තවත් ජනතාව ඉදිරියට ඇවිල්ලා බලය ඉල්ලන්නේ ලැජ්ජාවක් නැතුවද ? මොවුන් කොහොමද හිරේ වැටෙන්නේ නැත්තේ ?
අර අර උන්නහෙලටත් තියනවා නේද කේස් එකක්? හොර පාස්පෝට් , හොර උප්පැන්න එහෙම ගැන? ඒ ගොල්ලන්ට බෙදන්නේ වෙනම හැන්දකින්ද?