(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ හෝකන්දර අරංගල නිවසට බිඳ එහි අල්මාරියක තිබු රුපියල් ලක්ෂ 5 ට අධික වටිනා තිබු රන් බඩු හා, වටිනා ඔරලෝසුවක් ඇතුලු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම නිවසට පැය 24 ක් පුරාවට පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබියදී ඉකුත් (23) දින රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා ඊයේ (24) අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය වු දින රාත්‍රියේ නිවසේ ඉදිරි තාප්පය දිගේ පැමිණි සොරෙක් නිවසේ උඩුමහලට පිටුපස පැත්තෙන් ජනේලයතින් ඇතුලු වී ඇති බවත් ඔහු උඩමහලේ කාමරය කට ඇතුලු වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකරු එහි කාමරයක තිබු අල්මාරියේ දොර නියනකින් විවෘත කර එහි තිබු ස්වර්ණාභරන සහිත පෙට්ටි හා අත්ඔරලෝසුව සොරාගෙන ගොස් ඇත.
නිවසින් සොරාගත් ස්වර්ණාභරණ පෙට්ටිවල තිබු රන්බඩු රැගෙන එම හිස් පෙට්ටි හා භාවිතා කළ නියන යාබද හිස් ඉඩමක දමා ගොස් තිබුයදී පොලිසියට සොයගෙන ඇත.
මෙම සිද්ධිය වන අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා නිවසේ සිට ඇති අතර 24 වැනි දින පෙරවරුවේ අවදි වී බැලීමේ දී මෙම සොරකම දැක සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියේ සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැත. අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
ඇත්තටම හොරු ද ...?
හොරා හොඳ පුරුදුකාරයෙක් වගේ.................
පොලිස් ආරක්ෂාව තිබියදී පවා මෙවැනි සොරකමක් කරන්න තරම් එඩිතර හොරුත් මේ රටේ ඉන්නවා. හොරකම රටේ ඉහළ සිට පහළටම තියෙන එකේ දැන් මුළු රටේම ඉන්නේ ඒ සඳහා විශේෂඥයෝ.
හොරා හොයාගෙන ඔපිස් එකට ගෙනල්ලා කන පලමු !
මම නං හොරකං කරපු මහත්මයාට සුභ පතනවා. තවත් මේ වගේ ගෙවල් කොල්ලකන්න වාසනාව ධෛර්‍ය ශක්තිය ලැබෙන්න කියලා..
හොරා පොලිසියේමද දන්නේ නැහැ. මොකද මම දැක්කා අද පත්තරේ දාලා තියෙනවා. ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකුණන රාලහාමි කෙනෙක් ගැන...
ඉස්සරහට හොරු පනින්නේ ගෙවල්වල තිබෙන කෑම ජාති හොරකම් කරන්න. දෙලොවටම ඵලක් නැති දේශපාලකයින් නඩත්තු කරලා මිනිස්සුන්ට එදා වේලකන්න නැහැ.
හොරුන්ගෙත් හොරු .....කම්බ හොරු