(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 කට පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 8 දෙනෙක් අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඔවුන්ට දඬුවම් නියම කිරිම 24 වැනි දා දක්වා කල් තැබිය.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබාගෙන පහර දුන් බවට ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.
එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 8 දෙනාට නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ භේදයක් හෝ ලිංග භේදයක් නැතිව දුමින්ද සිල්වාට සේම හිරුණිකාටත් නීතිය එක සමාන විය යුතුය.
බලාගෙන ඉඳිමු නීතිය හිරුනිකාට ලැබෙයිද කියලා...
හිරුනිකා නම් බේරෙනවා. ආණ්ඩුවේ ඉන්නකම් එයා නිදහස්... ඕක තමයි අපේ රටේ නීතිය හිරේ ගියත්... කෙලින්ම රෝහලට... ඊට පස්සේ අභියාචනාධිකරණය ඊට පස්සේ ඇප දෙනවා. සාමාන්‍ය මිනිහට මේ අයව බලයට ගෙනෙන අයට විතරයි. නීතිය ඕක තමයි දෙගොල්ලගෙම නීතිය.....
දුමින්ද සිල්වාට විශේෂ වරප්‍රසාද තිබුණු කාලය නිමා විය. ආණ්ඩු බලය තිබෙන නිසා තවත් නම් ඇතුලට යන්නේ නැත. තිත්ත වුණත් ඇත්ත මේකයි. ලංකාවේ දේශපාලන මඩ වගුරේ හැටි මෙහෙමයි.
මෙතන කියලා නැති දේ තමයි හිරුනිකා වරද පිළිගත්තේ නෑ කියලා !
9 දෙනාගෙන් 8 දෙනෙක් වරද පිළිගනි. එතකොට කවුද වරද පිළිනොගත්තේ?
මැරබලය හිරුණිකට ලැබුනේ දේශපාලනය නිසාද?