ඉන්දියාවේ හිමාල පෙදෙසේ උත්තරකාන්ද් ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් බසයේ ගමන්ගත්  සංචාරකයින් 21 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ධරාසු නගරය ආසන්නයේදී බස් රථය පාරෙන් ඉවතට පැන දුර්ගයකට පෙරළී ඇතැයි බලධාරීහු පවසති. සංචාරකයන් මධ්‍ය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර අනතුරින් හත්දෙනකු තුවාල ලබා ඇත. 

අසල ගංගාවේ තිබී 17දෙනකුගේ සිරුරු ගොඩගත් බවත් අනෙක් සිරුරු සෙවීමේ කටයුතුවල නිරත වන බවත් මාධ්‍ය වාර්තා කරයි. 
උත්තරකාන්ද් යනු වසරකට දසදහස් ගනනක් ආගමික සංචාරකයන් ඇදී එන සංචාරක නගරයකි. 

(බී.බී.සී. පුවත් ඇසුරිණි- 085)