(එෆ්.අස්ලම්)
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ සිය පවුලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පැනවීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර සිටීයි.
ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පැනවූ මෙම තහනමෙන් යුද්ධය නිමවී දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් විවර කර තිබෙන බවද එම නිවේදනයේ තවදුරටත් සදහන් කොට තිබේ.
යුද හමුදාපතිවරයාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති එම තහනම පිළිබද දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් (14)වනදා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් මේ බව අවධාරණය කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද සදහන් වේ.
ශ්‍රීලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් ඔහුගේ පවුලටත් ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පනවා තිබෙනවා.අවසන් යුද්ධ සමයෙදී සිදුකරනු ලැබූ මානව හිමිකම් කඩකිරීම් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් සම්බන්ධ සාක්කි සාධක අනුව එවක යුද හමුදාවේ 58වන සේනාංකය බාර වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වගකිව යුතු වෙනවා.
ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්කළ අවස්ථාවේදී ඉහත දැක්වූ කාරණාවන් මත දෙමළ ජාතික සන්ධානය එම පත්කිරීම ගැන අප්‍රසාදය සහ විරෝධය පලකළා.
යුද්ධය අවසන් වී වසර දහයක කාලයක් ගතවී තිබියෙදීත් වගකීම් පැහැර හරින ලද ආණ්ඩුවේ දෑස් මේ තහනම තුළින් විවර වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.යුද්ධයෙන් අගතියට පත් දෙමළ ජනතාව යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල කරන් සිටියා.ඒ අරගලයේ සුළු ප්‍රතිපලයක් විදිහට අප මේ තහනම දකනවා.
ශ්‍රීලංකා රජය දැන් හෝ ජාත්‍යන්තර විමර්ශන වලින් හෙලිව ඇති මේ සාක්කි පදනම් කරගනිමින් යුද අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමට ඉඩකඩ විවර කරදිය යුතුයි කියල දෙමළ ජාතික සන්ධානය විදිහට අපි බලකර සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ පවුලේ කට්ටියත් යුද්දෙට ගියාද ?
එතකොට අන්තිම යුද සමයේ දෙමල ජනතාව ප්‍රාණ ඇපයට ගත ඒවා හරිද ? බලාගෙන ඔයවගේ ප්‍රකාශ කරන්නේ දැන් අපේ ජනපති අමරිකවටවත් නැමෙයි කියල මටනම් හිතෙන්නේ නෑ.
එල්.ටී.ටී.ඊ සංවිධානය මානව හිමිකම් කඩපු සිද්ධි වලට කවුද වගකියන්නේ ?
මේ ඔක්කොම කොටියන්
2010 ෆොන්සේක මහත්තයට ඡන්දෙ දීල දැන් ශවේන්ද්‍ර සිල්වා මහතා හොඳ නෑ ලු මේ මොන නරි කතාද
තවම ඊලාම් සිහිනයේ ඉන්න , කෑ පතේ පහරන මේ වගේ මිනිහෙක් වෙන රටක මෙහෙම කිව්ව නම් දැන් හිරේ. මේ නිවට තිරිසනුන් ට අපේ රටේ නිදහස වැඩියි.
හමුදාපතිට ඇමරිකාවට එන්න තහනමක් පැනෙව්වා කියල සිංහල ඉංග්‍රීසි පුවත්පත් සහ වෙබ් අඩවි වල දැක්කට වෙනද වගේ මම කොමෙන්ට් එකක් දැම්මේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරට ඇමරිකන් රාජ්‍ය දෙපාර්තුමේන්තුවම මෙහෙම නිවේදනයක් නිකුත් කිරීම අස්වාභාවිකයි කියල බැලු බැල්මටම පේන හින්ද. මට හිතෙන්නේ මේ නිවේදනය ඉල්ලලා ගත්ත එකක් වගේ. හේතුව මොකක්ද? සරලයි. ඇමරිකන් පුරවැසි යූටර්න් ජනාධිපති සහ ඇමරිකන් පුරවැසි පොහොට්ටුවේ නිර්මාතෘ, සිංහලයන්ගේ දේශානුරාගය පාවිච්චි කරලා අලුත් අගමැතිවරයෙක් හදන්න හදනව වගේ පේනවා. දැනටම මිලිටරිකරණය පටන් අරන් තියෙන්නේ. යූටර්න් ජනාධිපති හැම තැනටම හමුදා නිලධාරීන් පත් කරගෙන යනවා. ඔවුන් ගැන මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. හැබැයි යූටර්න් ජනාධිපති යටතේ නෙමෙයි. යූටර්න් ජනාධිපති තමන් ගැන විතරක් කතා කරපු සමයේ, මම රණවිරුවෝ වෙනුවෙන් කතා කරලා තියෙනව. තවත් කියනව නම් රනිල් අගමැති කාලේ මම 19ට විරුද්ධව තදින් ලිව්වා. හැබැයි දැන් 19 අහෝසි කරනවට මම විරුද්ධයි. ඒ මොකොද කිව්වා නම් 19 නොතිබෙන්න ඇමරිකන් යූටර්න් ජනාධිපති මෙලහට එම්.සී.සී සොෆා අත්සන් කරලත් ඉවරයි. ඒනිසා මහින්ද අගමැති වෙලා ඉන්නකම් 19 තිබ්බාවේ.
සුමන්දිරන් කියන දෙමල ජාතිවාදියට ඉතාම කෙටියෙන් කියනවනම් කියන්නේ මෙපමණයි. නුඹලා වැනි ජාතිවාදියන් අනෙක් දෙමළ මිනිස්සුන්ටත් මේ රටේ මහා ජාතියත් සමග සාමයෙන් ඉන්න දෙන්නේ නැහැ. නුඹ ගැන මෙහි කියන්න බැහැ ඉඩ මදි. එමනිසා උඹට මේ රටේ ඉන්න බැරිනම් උඹගේ වසභූමියකට පිටවෙලා ගියානම් හොඳයි. අපට පව් නොදී
ඔව් ඔව් සහතික ඇත්ත මේ නිවටයන් තමන් උපන් මව්බිමට ගරහන පාහරයන් බව මේ සෑම සිදුවීමකින්ම හොදින්ම පැහැදිලි වෙනවා.. එන්ජිඔ මුසලයන්ගේ මෙන්ම අනෙකුත් තුප්පහි රටවල අතකොලු වුනු මෙම අපතයන් බව අමුතුවෙන් කිව යුතු නැති බවත් කාපු බත්පතේ පහරන මෙවන් බල්ලන් මේ බිමෙන් සදහටම තුරන් කල යුතුය.2009 පෙර මෙම සුනකයන් හිටියේ කොහෙදවත් සොයා ගැනීමට අපහසුවූ බව ලක්වාසීන් සැවොම දන්නා කරුණකි.නිවට සුමන්තිරන් බොරුවෙන් වංචාවෙන් ජීවිකාව ගෙන යන කිසිදු පරයෙකුට දුර ගමනක් නැති බව දැනගනිව් ඒ සිංහලද, දෙමළද, මුස්ලිම්ද නොව ලෝක ධර්මයයි.
බුදුන් වහන්සේ දොශනා කළ ධර්මය තවතමත් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතව තිබෙන නිසා ඔබට කරදරයක් නැතුව ඉන්න ලැබීම ගැන සතුටුවෙන්න
මේ වසලය සම්බන්දන් සුදු කොඩි දැම්මට පස්සේ නායකයා වෙන්න දැන් ඉඳලම ජාත්‍යන්තරයට සිග්නල් දානවා. මේ ගහලය ගේ උගත් කමෙන් උකුණු තල්ලක ප්‍රයෝජනයක් මේ රටට ලැබෙන්නේ නෑ.
මේ අය අපේම රටේ ඉදගෙන අපිවම විනාශ කරනවා. තමන් වෙසෙන රටට සිදුකරන මෙවන් ක්‍රියාවන්ට දඩුවම් දීමට නව නීති පැනවීමට කාලය පැමිණ ඇත.
අපේ යුධහමුදපතිට ඇමෙරිකාවේ යන්න ඕනි නැහැ. ශ්‍රි ලංකාවේ ජීවත් වෙන්න පුලුවන් ඇමෙරිකාව කියන්නේ මහලොකු රටක් නොවේ. ඔහුට ජීවත් වෙන්න ලංකාවේ ඕනෑතරම් ඉඩ තියෙනවා.
මට නිකමට වගේ මෙන්න මේක හිතෙනවා.... අර ඊයේ පෙරේදා රුසියානු හමුදා ප්‍රධානිය ලංකාවට ආවනෙ... ඒ ආවා කිව්වෙ අපේ හමුදාපතිතුමන්ගෙ ආරාධනාවකටනෙ... එතකොට ජාතික උත්සවයෙත් ආරාධිත අමුත්තෙක් ලෙස රුසියා හමුදා ප්‍රධානිය සහභාගි උනානෙ. ඕක ඉතිං ඇමරිකාවට රිස්සුවෙ නෑ.... අර පරණ වෙවී පුස්කකා තිබුණ තුරුම්පුව පවිච්චි කලා. මම හිතුවේ නෑ ඇමෙරිකාව මේ වගේ දෙකයි පනහෙ වැඩ කරන ගානට වැටෙයි කියලා.
සුමන්තිරන් හිතනවා ඇති මේක තමිල්නාඩුව කියලා.
ලංකාව දියුණුවෙනේ නැත්තේ මේ වගේ අයගේ බොරු නිසා.
මේවට කෑගහලා හරියන්නේ නැහැ.
මේ අයත් සමග කොහොමද අපි සංහිධියාව ගොඩනගන්නේ. සංහිදියාවේ මුවාවෙන් පසුගිය රජය ඒ අය ඉල්ලන හැමදෙයක්ම දුන්නා, සම්බන්ධ්න්ට කොළඹ නිල නිවාසයකුත් සමග.
සරත් ෆොන්සේකා ෂෝක්. ශවේන්ද්‍ර සිල්වා නරකයි.
චම්පාගේ කතාව හරි කියලා හිතෙනවා. පුද්ගලිකව අවලාද නගන එක මෝඩ කටයුතක්. සුමන්දිරන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙන්න ඕනේ. ද්වේශ සහගතව ලියන්නේ මෝඩයෝ හා ජාතිවාදියෝ.
මේ ද්‍රෝහී කොටි දේශපාලුවන්ට ඇමෙරිකාවට වෙලා ඉන්න කියමු.
පරාජය කරපු ත්‍රස්තවාදයෙන් අපි වගේම මේ අයත් අත්ත පීඩා වින්දා. ඔබතුමන්ලට මතක ඇති එදා අපි කොළඹ ගියේ කොච්චර බයෙන්ද කියලා. මායිම් ගම්මානවල ගැබිණි මවුවරු, කුඩා දරුවෝ ඇතුළු මොන තරම් අහිංසකයන් පිරිසක් මේ ත්‍රස්තවාදීන් මරා දැම්මාද? කෝ ඔය ඇමෙරිකාවේ සාධාරණය ඒවාට යොමු උනාද? නැහැ. මහින්ද, ගෝඨා, බැසිල්, සරත් පොන්සේකා, ශවේන්ද්‍ර, කමල් ගුණරත්න, ජගත් ඩයස් ඇතුළු තිවිධ හමුදාවේම සාමූහික ප්‍රයත්නයක් විදියට තිස් අවුරුද්ධක් අපි පීඩා විදපු ත්‍රස්තවාදී පිළිලය මැයි 19 සදහටම ඉවර උනා. ඒක ඇමෙරිකාවට නොදැනුනාට අපේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ හදවත්වල තියනවා. මොහුට ආශීර්වාදයක් වෙන්න ඒ ඇති.
මෙවැනි දේශපාලුවන් එක්ක ගිවිසුම් ගහන රටක් නේ අපි.
මෙතුමා තමයි දෙවන ලෝක යුද්ධෙන් පස්සේ වැඩිම දුරක් භූමියෙන් ගමන්කරපු පාබල සේනාවට අණ දුන්නේ. ඉතින් කොටි මේ මනුස්සයක් එක්ක ජම්මාන්තර තරහ එක අහන්නත් දෙයක්ද?
මෙයාව අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවට.
ආපදාවක් වෙච්ච ගමන් හොයන්නේ හමුදාවේ උදව්ව.. සහරාන් ගහපුවම හමුදා කදවුරු ඉවත් කරන්න එපා කියලා පෙළපාලි ගියා. මුල මතක නැති, අවස්ථාවාදී ගුණමකු … අඩු ගානේ එක හොද ගතිගුණයක් තියෙනවද මේ අය ළඟ, පව් කියලා වත් කියන්න ?
රටට එරෙහි වෙන්නේ කොයි වෙලාවෙද, එවලේට මෙයා අනිත් පැත්තේ.
මොහු තමයි ඇන්ටන් බාලසිංහම් ගේ අනුප්‍රප්තිකයා.
මෙයත් අමු කාලා.